Thursday, October 18, 2018

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පැමිණීම





පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් පත් කරන්නේ හැලප තැම්බීමට , දියවන්නා ඔයේ ගප්පි ඇල්ලීමට, ආච්චිට හාල් ගැරීමට, පාර්ලිමේන්තු ගොඩනැගිල්ල පාලුවට යාමෙන් " වෙනත්" පෙරේත කුම්භාණ්ඩ පිසාචයන් අරක් ගැනීම වැලැක්වීමට නොව රටේ නීති සම්පාදනය කිරීමටය. රට සංවර්ධනය හා මහජන සුබසිද්ධිය උදෙසා තීන්දු තීරණ ගැනීමට හා සාකච්ඡා කිරීමටය..
*
2015 අගෝස්තු 17 පැවැත්වූ අවසාන මහමැතිවරණයේ වියදම කෝටි 400ක් පමණ වේ..
*
2018 ජනවාරි 01 සිට 2018 ඔක්තෝබර් 01 දක්වා පාර්ලිමේන්තුව දින 58 ක් රැස්වී ඇත..
*
එයින් කිසිදු දිනක මන්ත්‍රීවරුන් 224 දෙනා ( කතානායක හැර)  සම්පූර්ණයෙන් පාර්ලිමේන්තු පැමිණ නැත.
*

මන්ත්‍රීවරුන් 200 ට වැඩියෙන් පැමිණ ඇත්තේ ඉන් එකම එක දිනක් පමණි.. ඒ පහුගිය අප්‍රේල් 4 වෙනිදාය..
අනේ අපේ අනාගතේ යහපත් එකක් කරන්න තීන්දු තීරණ ගන්න උන්නාන්සෙලා 200 ට වැඩියෙන් එකම එක දවසක් හරි ඇවිල්ලනේ දෙයියනේ කියලා හිතුනද..
නෑ ඒ තමයි අගමැතිට එරෙහිව විශ්වාසභංගය තිබ්බ දවස.. ඔව් ඔව් උඹලට අපිට ආදරේට තමයි එදා රොත්තම ආවෙ..
*
150 ත් 200 ත් අතර ඇවිල්ලා තියෙන්නෙ දවස් 19 යි..
* පහුගිය සැප්තැම්බර් මාසෙ සභාවාර 8 න් 8 ම ඇවිල්ලා තියෙන්නෙ මන්ත්‍රීලා 8 ක් විතරයි..
ඒ එකකටවත් නාපු උන් 8 ක් ඉන්නවා..
*
ඔව් එතකොට ඔය එක සභාවාරෙකට වියදම ආසන්න වශයෙන් ලක්ෂ 257ක්..
2017  අවුරුද්දෙ පාර්ලිමේන්තුව පැවැත්වීම සඳහා වියදම රු. 2 443 534 315. ක්.. මිලියන දෙදාස් හාරසීයක්. රුපියල් බිලියන් දෙකහමාරකට කිට්ටුයි..
*
එක මන්ත්‍රියෙක්ට පාර්ලිමේන්තු එනවට දිරි දීමනාවක් විදිහට රු 2500 ක් දෙනවා.
කාර්‍යාලයක් පවත්වගෙන යන්න රුපියල් ලක්ෂයක් දෙනවා.
මූලික වැටුප රුපියල් 54285 ක්
*
ඇමැතිවරුන්ට ඉන්ධන දීමනාවක්ද හිමිවේ. එක් එක් මන්ත්‍රීවරයා  තේරී පත්වූ දිස්ත්‍රික්කයේ සිට පාර්ලිමේන්තුවට ඇති දුර පදනම් කරගෙන තෙල් ලීටර ප්‍රමාණය ගණනය කර මාසයේ පළමු දිනට පවතින වෙළඳපොළ මිළ ගණන් අනුව ගෙවනු ලැබේ.  උදාහරණයක් ලෙස කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට මාසයකට ඩීසල් ලීටර 283.94ක් හිමිවේ. 
*
ස්ථාවර දුරකතන හා ජංගම දුරකතන සඳහා මසකට රුපියල් 50,000ක දීමනාවක්  හිමිවන අතර වසරකට රුපියල් 175000ක වටිනාකමකින් යුත් මුද්දරද ලබා දෙයි.
*
පාර්ලිමේන්තු මන්‍ත්‍රීවරුන්ට නිල නිවාසද ලබා දෙයි.
ඔව් හැබැයි අවුරුද්දෙ මාස 9 න් දවස් 58 ක් තියන පාර්ලිමේන්තු සැසිවාරෙකට සහභාගී වෙන්න මුන් එන්නෙ බල්ලා නාවන්න අරන් යනවා වගේ..
පාර්ලිමේන්තු කැන්ටිමේ කන්න ඕනම කෑමක් තියනවා..
හැබැයි සැසිවාරයක් තියන දවසකට මහජන බදු මුදල් වලින් දවසකට ලක්ෂ 257 ක් වැය කරන්නම වෙනවා උන්ගෙන් එකෙක් ආවත්..
එතකොට අනිත් දවස් වලට පාර්ලිමේන්තව නිකන් තියනවද.. නෑනෙ.. ඔය බිල්ඩින් නඩත්තු කරන්න ඕනෙ.. සේවකයො සිය ගාණකට වැටුප් දීමනා සහන දෙන්න ඕනෙ..
ගංවතුර ආවම ඒකට නටන්න ඕනෙ..
සරලවම පාර්ලිමේන්තුවම රටට බරක් මේ වෙනකොට..
හරි උන් ඔක්කොම ආවා කියලා කරන්නෙ මොකක්ද..වැඩක් කරනවද.. නෑ.. ගහගන්නවා මරාගන්නවා..සෙංකෝලෙ උස්සන් දුවනවා. පොඩි උන් ඉස්සරහ කුණුහර්පෙන් බැනගන්නවා.. මහජන මුදල් වලින් නිකන් හම්බෙන කෑම කාලා හිඟන්නො වගේ කට ඇරන් නිදාගන්නවා.. උන්ගෙ පඩි වාහන පර්මිට් වැඩි කර ගන්නවා..
රට ගැන වැදගත් දෙයක් කතා වෙනවද.. නෑ..
ඒ ඔක්කොම පැත්තකින් තිබ්බමත් මුන්ට ඡන්දෙ දීලා බිලියන් ගාණක් වියදන් කරලා පත් කරන්නෙ පාර්ලිමේන්තු එන්න මිසක් ගෙදරට වෙලා කොපර කොපර පිපිඥ්ඥා කරන්න නෙමෙයිනෙ.. මුං නිකන් ගමේ හිටියත් කරන වැඩක් නෑනෙ..
ඇවිල්ලා කරන්නෙ මොකක්ද කියන එක කොච්චර ප්‍රශ්ණ සහගත උනත්  මුං මහජන මුදල් අපතේ හරිමින් සභාවාර වලට සහභාගී නොවී සිටීම කොහෙත්ම අනුමත කරන්න පුළුවන් තත්වයක් නෙමෙයි..
පාර්ලිමේන්තුව රැස් වෙන්නෙ ආතල් එකට නෙමෙයිනෙ.. 80% හෝ යම් සැලකිය යුතු පැමිණීමේ ප්‍රතිශතයක් සම්පූර්ණ නොකරන උන්ට ඊළඟ ඡන්දෙ ඉල්ලන්න තහනම් වෙන්න ඕනෙ..
කෝටි ගාණක් වියදන් කරලා ඡන්දයක් තියලා මන්ත්‍රීලා පත් කරලා, දවස් 58 ක් පාර්ලිමේන්තුවට එන්න බැරි උන් තියාගෙන මගුලක් කරන්නද ඕයි බිලියන් ගාණක් වෙන් කරන්නෙ..
උන් එන්නැත්තං මොන මගුලටද ඔය ගොඩනැගිලි හදාගෙන වියදන් කරන් නඩත්තු කරන්නෙ.. උන් නැතුව කොහොමද රටේ මහජන මතය නියෝජනය වෙන්නෙ..? කතා කරන්නෙ සාකච්ඡා කරන්නෙ..?
ඒ වගේම ඡන්දෙ දාන බූරුවො දැනගන්න ඕනෙ තමන් ඡන්දෙ දීපු එකා පහුගිය කාලෙ පාර්ලිමේන්තු ගියාද.. ඌ මොනාද කතා කලේ කියලා බලලා ඡන්දෙ දෙන්න..
ඕකුන් හැමදාම ආව කියලා වැඩක් වීම හෝ නොවීම ද්විතීයික කාරණාවක් උනාට මුලින් උන් දැනගන්න ඕනෙ උන් පත්වුන හේතුව සහ උන්ට පැවරුණ වගකීම මොකක්ද කියන එක.. ඊළඟට මොකක්ද කරන්නෙ කියලා බලන්නත් පත් කරන ඩේසිගෙපුතාලා පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෙ..
විස්තර සංඛ්‍යාලේඛන - tharindu iranga /manthri.lk

  - චමල් අකලංක පොල්වත්තගේ

1 comment:

  1. ඕව කතා කරල වැඩක් නෑ සහෝදරයා අම්බලමට ඇවිත් යන්න https://ambalamaa.blogspot.com

    ReplyDelete