Monday, October 29, 2018

ඝරසරප මහින්ද

ඔබ දන්නවාද පවත්නා දේසපාලන වාතාවරණය හා මහින්ද රාජපක්ස අගමැති වීම පිළිබඳව ජයන්ත චන්ද්‍රසිරිගේ ඝරසරප චිත්‍රපටයේ " හැම දෙයක් පෙනේ එක දෙයක් වගේ " ගීතයේ සඳහන්ව ඇති බව..??

"හැම දෙයක් පෙනේ එක දෙයක් වගේ
මම විඳීම් සෙනේ මහ මෙරක් වගේ ..."

මහින්ද රාජපක්ෂගේ කෝණයෙන් බලන විට ඔහු අගමැති ධූරයේ දිවුරුම් දීමෙන් පසු  ජනාධිපති අගමැති ඇතුළු සියළු බලය සමග 2015 ට පෙර සිටි තත්වයෙන්ම සිටින බවත් දැන් අගමැති වුවත් ජනාධිපති අගමැති ඕනෑම තනතුරක බලය ද පාර්ලිමේන්තුව නොකැඳවුව ද එහි බලයද ඔහුගේ අතේ ඇති බව ද දැන් රටේ සියළු දේසප්‍රේමී ජනතාවගේ ආදරය මහ මෙරක් වගේ ලැබෙන බව මේ පද වලින් කියැවෙයි.




"ඔබ යමින් නතර වුව ගුවන් තලේ
මම සෙමෙන් සෙමෙන් එමී
නිසංසලේ..."

එනම් බලය ඔහුව අතහැර කොතරම් දුරක් ගියත් නුවර සිට කොළඹට පා ගමන්, ජන බල මෙහෙයුම් හරහා කුමන හෝ දෙයක් සිදුකර  හෝ බලය සොයා ඔහු සෙමින් හෝ අනිවාර්‍යයෙන්ම එන බවත් මෙයින් කියැවෙයි..

"මල් පිපෙන මහ කැලය මනරම්
වැසි වැටෙන වැලි කතර සුපසන්.."

මේ කියන්නේ බලය ලබා ගැනීම වෙනුවෙන් මහ කැලයවල් වල පවා මල් පිපෙන්නාක් මෙන් ද.. මහා කාන්තාරෙක වැසි වැටෙන්නාක් මෙන්ද බලාපොරොත්තු දල්වාගෙන බලාසිටි බවය.
එහි අනිත් අර්ථය වන්නේ මේ මොහොතේදී ඔහුගේ සහයට විල්පත්තුව කැපූ බවට චෝදනා ලැබූ රිෂාඩ් බදුර්දීන් පැමිණියද එය මලක් මෙන් දකින බවත් නැවතත් යහපාලනය නිසා පළිගැනීමට ලක්වූ වියලි කලාපයේ හම්බන්තොටට වැසි වැටීමට සූදානම් බවත් උතුරේ සිට දකුණටම ඔහුගේම බවත් ය.

"තරු ගිලින කළු කුහර වුව
පිරිනමයි මිතුදම්.."

මෙයින් කියැවෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගැනය. පඹයා, රට විකුණපු එකා, දේසද්‍රෝහියා, පස්සෙන් සිට පිහියෙන් ඇන්න එකා ආදී නොයෙක් ආකාරයෙන් දෝශාරෝපණයට ලක්වූද, කලු කුහරයක් මෙන් ඔහුගේ ජනාධිපතිධූරය ගිලගත්තාවූ නමුත් මෛත්‍රීපාල ජනාධිපතිවරයා විසින් නැවත ඔහුට මිතුරුකම් පෑ බව යි..

"භව සසර අතරමග සිටියෙම්
ඔබ ලබන උරුම හැම සතුවෙම්..."

භව සසර යනු ජනාධිපති ධූරයෙන් පහකල පසු විවිධ චෝදනා වලට ලක්වෙමින් පන්සල් වල ,  පෙරපාසල් දහම් පාසල් වල , මහමාර්ගයේ, රැස්වීම් වීම් වල අතරමන් වී ඇවිදිමින් සිටි බවයි..
නමුත් බලය ලැබීමේ තේජස, පෙර පින , ග්‍රහ පිහිටීම හා දේසප්‍රේමී මහජනතාවත් , හරිදේ වැටහෙන ශ්‍රේෂ්ඨ ජනාධිපතිවරයෙකු වැනි උරුමයන් ඔහු සතු වූ බවයි..

"රළු සරින් පැමිණියද
ඔබම වේ මට සැනසුම්..."

ඉතින් බලය අහිමි වී රනිල් වික්‍රමසිංහ ඇතුලු විපක්ෂයේ හා ජාත්‍යන්තර බලපෑම් කෙතරම් පැමිණියත් බලය ඔහුට සැනසුම ගෙනදෙන බවයි..

ස්තුතියි

#ගීතයටාරුතක්
#ඔබදඅගමැතිමමදඅගමැති
  - චමල් අකලංක පොල්වත්තගේ

1 comment: