Thursday, November 8, 2018

උතුරෙ ඉඩං සහ බයි සහෝදරවරු


ස්‍රේස්ට ඔක්තෝබර් විප්ලවේට කලින් උතුරෙ මිනිස්සුන්ගෙ ඉඩම් නිදහස් කිරීම ගැන ඉස්සර වචනයක් කියන්න බැරුව හිටියෙ. නිදහස් කරනවා නෙමෙයි දැන් තියන ඉඩං වල ප්‍රස්ණයක් ගැනවත් කතා කරන්න බැරුව හිටියෙ. ඒ මිනිස්සු කොටි ය. ඒවා කොටි ඉඩම් ය. ඔය නිදහස් කරන ඉඩම් දෙන්න හදන්නේ කොටින්ටය. ඒවා හමුදාවේ ය. අක්කර දාස් ගණන් කඳවුරු තියාගෙන ඉන්නේ ජාතික ආරක්සාවට ය. බ්ලා බ්ලා බ්ලා.

එතකොට ඒ මිනිස්සුන්ගෙ පාරම්පරික ඉඩම් නැවත දෙන්න කතා කරනකොට මහින්ද මහත්තයා නිදහස් කරපු අක්කර 12000ක්ද කොහෙද ඇරුණාම එතනින් එහා අඟලක්වත් දෙන්නම එපා කියන තැන තමයි විමල් වීරවංශ උදය ගම්මන්පිලලා සහ අවසේස බයි ජනතාව හිටියෙ.

දෙන්න කතා කරන උන් , ඉල්ලන උන් ඔක්කොම කොටි කියලා හංවඩු ගැහුවෙ.

ඊට පස්සෙ හිරේ නඩු අහන්නැතුව අවුරුදු ගණන් තියාගෙන ඉන්න දෙමළ සිරකාරයො ගැන කතා කරනකොටත් එහෙමම තමයි කිව්වෙ.



 යහපාලන ආණ්ඩුව එලවන්න ඕනෙ කියලා ගෙනාව සටන්පාඨ වලින් ප්‍රධානම එකක් තමයි කොටින්ට ඉඩං දෙනවා කියන එක සහ හිරේ ඉන්න කොටි නිදහස් කරනවා කියන එක.

හැබැයි මහින්ද මහත්තයා , නාමල් මන්ත්‍රීතුමාලා දෙමළ සන්ධානෙන් ආපු විලයේන්ද්‍රන් මන්ත්‍රීතුමාට පොරොන්දු වෙලා තිබ්බා දෙමළ මිනිස්සුන්ගෙ ඉඩම් ඔක්කොම සම්පූර්ණයෙන් නිදහස් කරනවා කියලා. දෙමළ දේසපාලන සිරකරුවෝ නිදහස් කරනවා කියලා.

ඉස්සර එහෙම දේසපාලන හිරකාරයො නැතිය. ඒ ඔක්කොම කොටිය කියලා කියපු කඳවුරම දේසපාලන හිරකාරයො ඉන්නවා කියලා පිළිගත්ත එකම කොච්චර ලොකු ජයග්‍රහණයක් ද..

ඔන්න අද උදේම විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මැතිතුමා ට්විටර් පණිවිඩයක් නිකුත් කරලා තියනවා මහින්ද මෛත්‍රී මහත්වරුන් පොරොන්දු උනා කියලා ඉඩම් සහ සිරකාරයෝ නිදහස් කිරීම ගැන..

තැන් දෙක තුනකම දැක්කා බයි සහෝදරවරු කියලා තියනවා මේ මහින්ද මහත්තයගේ උපක්‍රමයක්. පොරොන්දු දෙනවා විතරයි ඒවා කරන්නෙ නෑ කියලා.

මට තේරෙන්නෙ නෑ ඇයි එහෙම තමන්ගෙම නායකයා පොරොන්දු කඩනවා කියලා හැමතැනම කිය කිය ඇවිදින්නෙ කියන එක.

අපිට තේරෙනවා මේ වෙලාවෙ බයි සහෝදරවරුන්ගෙ දුක.

මොකද අවුරුදු තුනක්ම තිස්සෙ උතුරෙ ඔක්කොම ඉඩම් කොටි ඉඩම් ය. හිරේ ඉන්නේ කොටි ය. නිදහස් කරන උන් කොටිය. ඉල්ලන උනුත් කොටි ය. රට කොටියට දෙන්න හදනවා ය. මහින්ද මහත්තයා ආවම කොටින්ට දීපුවා ආයෙ අරන් ආමි එකට දීලා වැටවල් ගහනවා කියලා සටන් පාඨ කිය කිය ඉඳලා එක පාර තමන්ගෙම නායකයා ඒ කියපු හැමදේම කරන්න හදනකොට දරාගන්න අමාරුයි කියලා.
ඔයාලට ඔහොමනං විමල්ට ගම්මන්පිලට කොච්චර අමාරු ඇත්ද..
ඒ වගේම ඔය පොරොන්දු විතරයි උපක්‍රමශීලී ගේමක් කියලා කියන්නෙත් හද පතුලෙන් බුර බුරා නැගෙන සෝකෙ වහගන්න කියලත් දන්නවා. මහින්ද මහත්තයා පොරොන්දු කඩනවා කියන තැනටම පත්වෙලා තියෙන්නෙ ඒකනෙ..

ඒ උනාට දැන් ඔය ගැන දුක් වෙන්නෙපා. ඔහොම තමයි.

මම නං මේ වෙලාවෙ මහින්ද මහත්තයා එක්ක සම්පූර්ණයෙන් එකඟයි.
සිරිසේනට රනිල්ට කරගන්න බැරිවුන උතුරෙ මිනිස්සුන්ගෙ අයිතිවාසිකම් දෙන එක මහින්ද මහත්තයා හරි කරනවනං කොච්චර දෙයක්ද.

ඒ වගේම දැන් මෙහෙම දෙමළ මිනිස්සුන්ගෙ ඉඩම් ගැන, දෙමළ හිරකාරයො ගැන කතා කරනකොට අපේ අම්මලා තාත්තලා බැනුම් අහන්නෑ කියන සහතිකය පවා මහින්ද මහත්තයගෙ මේ පියවර හින්දා අපිට ලැබිලා තියනවා.

ඉතින් ඒකට මගේ ගෞරවය අනිවාර්‍යයෙන් මහින්ද මහත්තයට ලැබෙනවා.

#ඔබදඅගමැතිමමදඅගමැති


No comments:

Post a Comment