Saturday, November 17, 2018

පුරවැසියනි..!!

"අඥේ අල රතෙත් ගාගන්නවා අඥේ.. ඌක මා එකක්‍යෑ අඥේ.. ඈමදාම පාලිමීන්තුවී ගාගන්නවඥී..." අරහෙත් එහෙමයි මෙහෙත් එහෙමයි එදත් ඒමයි බ්ලා බ්ලා ගා මීට පෙර පාර්ලිමේන්තුවල ගහගත්ත කතා කිය කිය දඟලන්නේ තක්කඩියන් ය.

ඒ ගහගැනීම් සහ මේ ගහගැනීම් අතර කිසිදු සමානකමක් නැත.

සිරිසේන සහ මහින්ද එකතු වී සිදුකලේ රටේ බහුතර බලයට, ජනතා පරමාධිපත්‍යයට පයින් ගසා ව්‍යවස්ථාව බල්ලට දමා රාජ්‍ය බලය බලහත්කාරයෙන් පැහැර ගැනීමකි.

මිලිටරි ජුන්ටාවක් විසින් ජනාධිපතිවරයා අත්තඩංගුවට ගෙන සන්නද්ධව කරන රාජ්‍ය බලය පැහැර ගැනීමක් හා මෙහි ඇති එකම වෙනස වන්නේ සන්නද්ධ නොවීම හා මිලිටරිය මැදිහත් නොවීම පමණකි.

නමුත් සිරිසේන විසින් රාජ්‍ය මාධ්‍ය ආයතන හා පොලීසිය ගැසට් කර සියතට ලබාගෙන ඇත.
.


සිරිසේනට හා "අගමැතිකම ලොකු නැති" මහින්දට පාර්ලිමේන්තුවේ බහුතරය නැත.

එසේනම් සුළුතරය විසින් අගමැති හා කැබිනට් මණ්ඩලය පත්කර මේ සිදුකරමින් යන්නේ බහුතර ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය කර බිහිකල ඒකාධිපති ජුන්ටාවකි.

සිරිසේන හා රාජපක්ස සංස්කෘතිය විසින් දිගින් දිගටම පාර්ලිමේන්තුව තුල ඇති කරනු ලබන ගැටුම් කිසිසේත්ම වෙනදා ලංකාවේ හෝ ලෝකයේ ඇතිවන ඒවාට සමාන නොවන්නේ ඒ නිසාය.

 බහුතර ජනතා පරමාධිපත්‍යය පෙන්වමින් අනෙක් පාර්ශවය විසින් අත්සන් 122ක් සමග බහුතරය පෙන්වා සිටින විට එයට බාධා කරමින් දිගින් දිගටම සිදුකරන කලහකාරී හැසිරීමෙන් පෙන්වන්නේ බලහත්කාරය , ප්‍රචන්ඩත්වය යොදවා අනීතිකව ත්‍රාඩ ලෙස ලබාගත් ව්‍යවස්ථා විරෝධී ආණ්ඩුව ත්‍රස්තවාදී ක්‍රමයෙන් පවත්වාගෙන යාමය.

බහුතරය ලබාගෙන නීතියට අනුකූලව රාජපක්සව නොව වීරවංසව අගමැති කලත් අපිට ගානක් නැත.

නමුත් බලහත්කාරයෙන් ආණ්ඩුව පැහැරගෙන සිදුකරන මේ ක්‍රියාවලියේ කිසිදු ආතල් එකක් නැත. එය ආසියාවේ පැරණිම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය වන ලංකාව ලෝකය ඉදිරියේ නිරුවත් කර උගන්ඩාවක් තත්වයට ඇදදමා ඇත. ආර්ථිකය දේසපාලන දේහය බිඳදමා ඇත.

රනිල් අගමැතිකමට නුසුදුස්සෙකි. එහි තර්කයක් නැත.
නමුත් ඔහුව ඉවත් කල යුත්තේ සිරිසේනගේ  මහින්දගේ  අනීතික ගොංආතල් වලින් නොවන බවත්, එසේම නීත්‍යානුකූලව මහින්ද අනුර හෝ සම්පන්දන් අගමැති වුවත් කිසිදු ගැටලුවක් නැති බවත් " පුරවැසියන්" වටහා ගනු ඇත.

මහින්ද රාජපක්ස අම්මටහුඩු පරිණත දේසපාලඥයා, තමන්ට අගමැතිකං ලොකු නෑ කියා තාමත් අගමැතිකමේ රැඳී සිටියි.

ලැජ්ජා නැතුව එසේ ලබාගත් බලය රැකගැනීමට තමන්ගේ රස්තියාදුකාර මැර තක්කඩියන් යොදවා පාර්ලිමේන්තුවේ කටයුතු සිදු කිරීමට බාධා කරන්නේ ඔහුගේ නායකත්වයෙනි..

කවුරුන් හෝ එසේ නෑ කියනවානං තමන්ගේ මන්ත්‍රීවරුන්ව පාලනය කරගැනීමට නොහැකි බැවින් කොහොමත් මහින්ද ගෙදර යා යුතුය.

පාර්ලිමේන්තුව තුල තමන් සුළුතරය බව දැන දැනම බලහත්කාරයෙන් ත්‍රාඩ අනීතික ලෙස කුමණ්ත්‍රණයක් හරහා රාජ්‍ය බලය බලහත්කාරයෙන් පැහැරගෙන එය පවත්වාගෙන යාමට ත්‍රස්තවාදීන් ලෙස හැසිරෙන මහින්ද සිරිසේන හා  කඩේ යන ගෝත්‍රිකය ඡන්දයක් ඉල්ලනකොට මහජනතාව සැබෑ පුරවැසියන් නම් බියෙන් වෙව්ලා යා යුතුය.

ඔවුන් සුළුතර‍ය ලෙස පාර්ලිමේන්තුව තුල හැසිරෙන්නේ මෙහෙමනම් බහුතරය වුවහොත් කෙසේ හැසිරෙයිද..

ඔය මන්ත්‍රී ත්‍රස්තවාදීන් මහින්දගෙ නායකත්වයෙන්ම රාජ්‍ය බලය හා අනීතික කැබිනට් මණ්ඩලයත් සමග රාජ්‍ය මාධ්‍ය හා පොලීසිය තමන් යටතට ගෙන සිටින ජනාධිපතිවරයා සමග මැතිවරණයට පිවිසුන පසු නිදහස් හා සාධාරණ මැතිවරණක් පැවැත්වේයැයි සහතික විය හැක්කේ කාටද.

කෙසේ හෝ මැතිවරණයක් පවත්වා මහින්ද සිරිසේන අනීතික ගෝත්‍රිකයන්ට බලය නොලැබී යලිත් පාර්ලිමේන්තුවේ සුළුතරය වුවහොත් දැන් වගේම හැසිරී බහුතරයට සාමකාමීව ආණ්ඩු කිරීමට ඉඩ ලබා දේ යැයි සහතික විය හැකිද..

යලිත් මෙලෙසම සුළුතරයෙන් ආණ්ඩුව පැහැරගත්තොත් ඡන්ද පවත්වා පලක් තිබේද..

තමන්ට බහුතරය නොමැතිව පොලීසියට පහර දෙන කාලකන්නින් විසින් බහුතරය ලබාගත හොත් නීතිය සාමය යුක්තිය හා අධිකරණයට බලපෑම් නොකරයි කියා සහතික විය හැකිද..

ඉතින් කවුරුන් හෝ මහින්ද සිරිසේන එක්වී රට අරාජික කරමින්, නීතිය සාමය බිඳහෙලමින්, ව්‍යවස්ථා හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස දියත් වෙමින් පවතින,  මේ අනීතික ගෝත්‍රික ත්‍රස්තවාදී ක්‍රියාවලියට,"   විරුද්ධ වීමට නොහැකියි නම් ඒ තවත් ප්‍රසන්න රණවීරයෙකි. ඡන්ද බලය ලබා දීමට නුසුදුසු ගෝත්‍රික බූරුවෙකි..



පුරවැසියනි.
විරුද්ධ වෙන්න..
මෙය සම්පූර්ණ ඒකාධිපතීත්වයක් මගින් රාජ්‍ය බලය බලහත්කාරයෙන් පැහරගැනීමකි.

  - චමල් අකලංක පොල්වත්තගේ

2 comments:

  1. පන්තියක ලමුන් 10ක් සිටී යැයි සිතන්න.
    එයින් A,B,C යන ලමුන් තිදෙනා ශිෂ්‍ය නායක කම ලබා ගැනීමට අපේක්‍ෂා කරයි.
    A ට 4 දෙනෙක් කැමතිය
    B ට 3 දෙනෙක් කැමතිය
    C ට 3 දෙනෙක් කැමතිය

    ලමුන් "බහුතරය" කැමති පුද්ගලයා ශිෂ්‍ය නායකයා වියයුතු නම් සිසුන් 5කට වඩා කැමති පුද්ගලයා නායකයා වියයුතුය. එනම් මෙම තිදෙනාම ඊට නුසුදුසුය
    නමුත් "වැඩිදෙනාගේ සහයෝගය" ඇති තැනැත්තා නායකයා වියයුතු නම් ඒ සඳහා A සුදුසුය.

    මහින්දට 122ක් අකැමැති නම් එයින් අදහස් වන්නේ 225-122=103 නිසා මන්ත්‍රීවරු 103ක් මහින්දට කැමති බවය, හරියටම කියන්නේ නම් අකැමැති නැති බවය.

    එසේනම් රනිල්ට කැමති කීයද?

    ***************
    ප්‍රජාතන්ත්‍රවාදය යනු බහුතරයේ ඒකාධිපතිවාදය මිස අන් කවරක්ද?

    ReplyDelete