Thursday, November 1, 2018

ඇමතිලා ඇමතිලමමයි මල්ලියෙ තාම


" පොඩ්ඩියේ "  ගීතයේ තාලයට ගායනා කරන්න
.
ඇමතිලා ඇමතිලමමයි මල්ලියෙ තාම
දින්නේ උන් තමයි පැරදුනේ අපි නේද
කෝටි ගණන් අරගෙන උන් පැන්නාම
ඡන්දෙදි කවදාද ඉල්ලුවෙ අපි ගේම...

කැමති පැත්ත පනි'නුන් පත්තිනි වේනං
අනේ සනී ලියොනුත් වර්ජින් එහෙනං
උන් පැන බලේ ගත්තම හැම විසඳේනං
ඡන්දෙ දෙන්නෙ මොකටද පාඩුවෙ හිටපං..


අතිගරු කියා හැමවිටකම ඇහුනාට
අතිගරු කියන උන් සේරම බෝසත්ද
මිලියන ගණන් අරගෙන උන් ගියදාට
උඹලට අපිට රටටම හරිගියෙ කොහොම...

ඡන්දය නැති දාට රංකඳ වී පෙනිලා
මහරජ උනත් පාරෙදි දණහිස නැමුවා
දින්නම උඹලා අපි හැම දෙකටම නවලා
කරපුවා මතක නෑ උන්ටම කොඩි වැනුවා..

රතු වුන බැනර් කටවුට් විප්ලව කෙරුවා
මත් වුන බයියො ටොයියෝ කණුවල නැග්ගා
ඇත්තට රටට තොපි හැම කෙරුවෙද මොනවා
ජීවත් වෙන්න මෙහෙ ගෑණුත් රට යැව්වා..

අතිගරු කියා හැමවිටකම ඇහුනාට
අතිගරු කියන උන් සේරම බෝසත්ද
මිලියන ගණන් අරගෙන උන් ගියදාට
උඹලට අපිට රටටම හරිගියෙ කොහොම..

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ


3 comments:

  1. හැමදාම වගේ මේකත් මරු.

    ReplyDelete
  2. මොකක්ද මේ පොඩ්ඩියේ කියන සිංදුව කවුද ගායනා කරන්නේ

    ReplyDelete