Tuesday, April 9, 2019

අවුරුදු සොපිං



අවුරුදු කාලෙ දි විතරක් මිනිස්සු ඇඳුං ගන්න යන්නෙ සොපිං යන්නෙ ඇයි. මීට කලින් හෙළුවෙන් ද හිටියෙ වගේ දාහක් ප්‍රස්ණ ඇහුවට මහින්ද මහත්තයා බලන්න බස් අරං මැදමුලනෙ ගියා වගේ කිරිබත්ගොඩ, මහරගම , නුගේගොඩ , පිටකොටුව ආදී හංදි වල ජනකාය ඇත්තටම ඔය යන්නෙ ඇඳුං ගන්න නෙමෙයි.

ලංකාවෙ මිනිස්සුන්ට සතුටු වෙන්න , ආතල් ගන්න තියන අවස්ථා හරි සීමිතයි. මේ ගන්නෙ එහෙම අහිංසක ආතල් එකක්. පවුල් පිටින් හරි, කපල් කපල් හරි., සෙනග ගොඩේ තෙරපි තෙරපි මේ ගන්නෙ ඒ ආතල් එක. ඒ කියන්නෙ අප්‍රේල් මාසෙ අවුරුද්දට කලිං ෂොපිං කරන එක රෙදි ගන්න යන එක දැන් උප සංස්කෘතික අංගයක් වෙලා ඉවරයි. ඒක තවදුරටත් රෙදි ගැනීමක්, ෂොපිං යාමක් විතරක් නෙමෙයි.
මීට වැඩිය අඩුවට සහ කරදරේකින්

තදබදේකින් තොරව වෙන දවස් වලට ඇඳුම් ගන්න පුළුවන් බව, දැං අඩු උනත් වෙනදට වඩා ඩිස්කවුන්ට් වලින් මහ ගානක් අඩු නැති බව ඔය යන මිනිස්සු නොදන්නවා කියලද හිතන්නෙ.. නෑ දන්නවා..
එහෙනං යන්නෙ ඇයි. ඒ හුදෙක් ෂොපිං යාමක් නොවන හින්දා..
ඒකයි අව් වැස්ස ගිනි රස්නෙ ට්‍රැෆික් ඔක්කොම පැත්තකින් තියලා ෂොපිං යන්නෙ.. ඇයි වෙසක් පෝයට අනුරාධපුරේ සෙනග වැඩි. වෙන දවස් වල ගියොත් පිං අඩු ද.. වෙසක් එකට ගියොත් පිං වැඩිද.. සෙනග සූ ගාලා ඉන්නවා කියලා නොදැනද ඒ යන්නෙ.. නෑ දැනගෙන. ඒ ඒ වටා ගොඩනැගෙන කල්චර් එක හින්දා.
අවුරුදු ෂොපිං යාමත් එහෙම අහිංසක ආතල් වැඩක්.
"අම්මෝ සෙනග ගොඩේ තෙරපිලා ඇඳුමක් ගත්තා.." කියන එක පවා ඒක ඇතුලෙ ආතල් එකක්. මොකද එහෙම කියලා ලබන අවුරුද්දෙ නොයා ඉන්නවද.. නෑනෙ..

 කිලෝමීටර් සිය ගණන් දුර ගෙවාගෙන වාහන වලින් මහරගම කිරිබත්ගොඩ එන මිනිස්සු ඉන්නව ඇඳුම් ගන්න. එයාලගෙ පැති වලට වැඩිය වෙනසක් නෑ මිල ගණන් වල. තෝරාගැනීමුත් එහෙමයි. නමුත් එනවා.

පවුල එක්ක හරි, ආදරවන්තයො හරි මේ යන ගමන ඇතුලෙ මොනාහරි කාලා බීලා අර කඩවල් ඇතුලෙ බඩු බලලා. හෙට්ටු කරලා , පොඩි හරි ඩිස්කවුන්ට් දාගෙන , තෝරලා බේරලා බඩු ගන්න එක තමයි මේ වැඩේ තව ආතල් කරන්නෙ..

පිටින් බලන කෙනෙක්ට මේක කට්ටක් සහ විකාරයක් වගේ පෙනුනට ඇත්තටම බහුතරයක් දැනුවත්ව හෝ නොදැනුවත්වම අවුරුදු ෂොපිං යාම විඳිනවා.

බොන බොහොමයක් දෙනා බොන්නෙ කාවහරි සෙට් කරගෙන. ඒ තනියම බොන්න බැරි කම නෙමෙයි. ඒකෙ ආතල් එක තව එකෙක් හෝ කිහිපයක් එක්ක කතාවක් දාගෙන බොන එකේ තියන හින්දා. ඒ කියන්නෙ මිනිස්සු බහුතරයක් බොන්නෙ බොන එකට විතරක් නෙමෙයි. ඒක වටා ගොඩනැගිලා තියන කල්චර් එක විඳින්න තියන ඕන කමට.

අවුරුදු සීසන් සොපිං යාමත් එහෙමයි.

දැන් කියන්න පුළුවන් පිරිමි ගොඩක් අකමැතියි වගේ කතාවක්. ඔව් ඇත්ත. අවුරුදු කොහොමත් ස්ත්‍රිය මූලිකව වෙන්නෙ. මොකෝ අවුරුද්දෙ අනිත් චාරිත්‍ර පවා තිතටම කරන්න ඕන කියලා මුල් වෙන්නෙ ස්ත්‍රිය. ගෙවල් අස් පස් කරන එකේ ඉඳන් අවුරුදු සීසන් එක මුල් වෙලා පටන් ගන්නෙ ස්ත්‍රිය. මේකෙදිත් එහෙමයි.

ඊළඟට ඒ ආතල් එකට විවිධ  මාකටිං කැම්පේන්ස් ෆුල් සපෝට් එක දෙනවා. ඩිස්කවුන්ට් දාලා, සේල් දාලා, නොමිලේ දීලා බ්ලා බ්ලා බ්ලා.. ඉතින් මේකෙන් දෙගොල්ලොම තෘප්තියක් ලබනවා.

තව ටික දවසකින් අවුරුදු ෂොපිං යන්න පවා නැකත් සුබ වෙලාවල් එන්න පුළුවන්. ඔන්න කාටහරි මාකටිං වැඩකට යූස් කරනවනං අයිඩියාස් එකක්.

නත්තල් , දීපවාලි වගේ උත්සව  කාලවලදී ලෝකෙ අනිත් රටවල් වලත් මෙහෙමයි. මම අවුරුදු කියලා විසේසෙන් රෙදි හෝ සොපිං යන කෙනෙක් නෙමෙයි. මාර්ග තදබදය වගේ සිද්දි හින්දා සහ බලෙන් රෙදි ගන්න එක්කං යෑම්, රෙදි අරං එනකං බලන් ඉන්න සිද්දවීම් වගේ දේවල් හින්දා අපාසුතාවයට පත් වෙනවා තමයි. ඒ උනාට කියන්නෝනෙ ඉතින් මේක හෙලා දැකිය යුතු හෝ අවුල් සහගත තත්වයක් නෙමෙයි . ඉතා අහිංසක උපසංස්කෘතියක්. ජාති ආගම් දුප්පත් පෝසත්   බේදයක් නැතුව රටක් විදිහට ගන්න ඉතා අහිංසක ආතල් එකක්.

  - චමල් අකලංක පොල්වත්තගේ

No comments:

Post a Comment