Wednesday, June 5, 2019

ඔවුහු එය දැනසිටියාහ !!



වගකීම් පැහැරහැරි ජනාධිපති, අගමැති ඇතුළු දේසපාලන බලාධිකාරය අමතකය.

ප්‍රහාරයෙන් පසුව ඔවුන් වෙත පැන නැගුන මහජන විරෝධය ඉතා සාර්ථකව වෙනත් බොහෝ පැති කරා හරවා දමා තනුක කර හමාරය.

ප්‍රහාරයේ වගකීම ගතයුතු දේසපාලන නායකත්වය සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැත.
ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් හා සබඳතා පැවැත්වූ බවට චෝදනා ලැබූ දේසපාලඥයන්ට තවමත් නීතිය ක්‍රියාත්මක වී නැත.

වාර්ගිකත්වය ආගමිකත්වය මත පදනම් නොවූ එක නීතියක් සම්බන්ධයෙන් ගෙනා කථිකාව අහෝසි ය.

පක්ෂ විපක්ෂ සියළු දේසපාලන යාන්ත්‍රණයන් තම තමන්ගේ ඡන්ද ව්‍යාපෘතිවෙනුවෙන් මළවුන් විකුණමින් ජාතිවාදය ආගම්වාදය පෝෂණය කරමින් නිර්ලජ්ජිතව හැසිරෙමින් සිටියි.


ජනමාධ්‍ය ද නිහඬ ය. ඔවුන්ගේ වෙළඳ සහ දේසපාලන අරමුණු පසුපස දුවමින් සිටියි.

අප්‍රේල් 21 , දේසපාලන යාන්ත්‍රණයට පොදුවේ විරෝධය පෑ පුරවැසියෝ ද දැන් වෙන වෙනම තම තමන්ගේ සුපුරුදු දේසපාලන කණ්නාඩි දමාගෙන 21 ට පෙර සිටි තත්වයටම පැමිණ ඇත.

මීළඟ මැතිවරණයෙන් ද මේ වන විට කන්‍යාභාවය අහෝසි වූ ප්‍රධාන දේසපාලන ප්‍රවාහයන් සියල්ලම ජයග්‍රහණය කරනු ඇත.
ඔවුන් සියල්ලෝම පාස්කු ප්‍රහාරයේ කොතන හෝ තැනක ස්ථානගතව සිටියවුන් ය.

අහිංසක නිරායුධ 250+ දෙනා ද තුවාල කරුවන් 400+ ඇතුළු පාස්කු ප්‍රහාර වින්දිතයෝ ඇතුළු පුරවැසියන් සියල්ලෝම පරාදය.

ඉතින් අපි කුමක් කරමුද.?

#Eastersundayattacklka
- චමල් අකලංක පොල්වත්තගේ

1 comment:

  1. Yes, the fact is people still look through Green/Blue/Red glass not through right or wrong glass. I think govt should take the responsibility and resign and allow people to choose a new govt. Saying all 225 should go home is just not practical in democracy, but people should be allowed to choose now.

    ReplyDelete