Sunday, June 2, 2019

පාස්කු ප්‍රහාරයට සති 6 යි..!!



අවාසනාවන්ත පාස්කු ප්‍රහාරයට සති 6 යි..!!

( දින 42 යි )

මරණ 260+
තුවාල කරුවන් 400+

හිස්බුල්ලා, අසාද් සාලි ,සහ මෛත්‍රී ගුණරත්නලා තවම ආණ්ඩුකාර පුටු වල ය.
පාස්කු ප්‍රහාරයේ ත්‍රස්තවාදීන් සමග සම්බන්ධ බවට චෝදනා එල්ල වී බොහෝ කලක් ය.
හිස්බුල්ලා ඉවත් කරන්න කියා ත්‍රීකුණාමලයේ හර්තාල් ය. මෛත්‍රී ගුණරත්න යනු ළමා විවාහ තමන්ගේ අයිතියක් කියා උද්ඝෝෂණය කල sltj හි නීතීඥයා ය.
බල්ලන්ව පල්ලි ඇතුලට ගේන්න එපා කියා අසාද් සාලි කටමැත දොඩවයි..
බස්නාහිර , නැගෙනහිර සහ මධ්‍යම පළාත් වල විධායකයේ ප්‍රධානීන් ඔවුන් ය. පළාත් ආරක්ෂාව හා ඉදිරි සැලසුම් පිළිබඳව පළාත් බලධාරීන්, ආරක්ෂක අංශ සමග සිදුකරන රැස්වීම් වල මුලසුන දරන්නේ ඔවුන් ය.

අමාත්‍ය රිසාඩ් බදුර්දීන් හා ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් අතර ඉතා කිට්ටු සම්බන්ධතා ඇති බවට දිගින් දිගටම චෝදනා එල්ලවෙයි.  බහුතරයක් චෝදනා ප්‍රවෘත්ති සාකච්ඡා තියා ප්‍රකාශ කරන්නේ එස් බී දිසානායකය. එස් බී සිරිසේන ජනාධිපතිගේ පක්ෂයේ ජ්‍යේෂ්ඨයෙක් ය.



 පා.ම මන්සූර්ට ද පාර්ලිමේන්තුවේ ද ඉන් පිටතද චෝදනා එල්ලවෙයි. මන්සූර්ගේ රියදුරා අත්තඩංගුවට පත්වෙයි. මන්සූර් සහරාන්ගේ බිරිඳ හා දියණිය බැලීමට අම්පාර රෝහලට යාමට කිහිප වරක් උත්සහ කරයි.
අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ අමාත්‍යාංශයේ මාධ්‍යවේදීන් ජාතිවාදී අදහස් ඇති ලිපි 600ක් තැපැල් කිරීමට යාමේදී අත්තඩංගුවට පත්වෙයි.

ආණ්ඩුකාරවරුන් පත් කරන්නේ ද ඉවත් කරන්නේද ජනාධිපති සිරිසේන ය.

ඉහත නම් සඳහන් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එජාපයේ ය. එජාප නායකයා අගමැති රනිල් ය.
ඔහු හා එජාපයතවම කිසිදු පියවරක් ඔවුන් සම්බන්ධයෙන් ගෙන නැත.  පක්ෂයේ විනය මණ්ඩලයක් ඉදිරියට හෝ පනවා නැත.
අඩුම තරමේ පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් චෝදනාවට ලක් වූවන් තාවකාලිකව ධූර වලින් ඉවත් කිරීම හෝ ඉල්ලා අස්වීමේ අවම සදාචාරයක්වත් පවත්වා ගැනීමට නොහැකි වී ඇත.

තුවාල කරුවන් සහ විපතට පත් වූ 500 ට අධික පුරවැසියන් සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග ගැන රජය කිසිවක් කියා නැත.
දෙමාපියන් දෙදෙනාම අහිමි වූ දරුවන්, ස්වාමියා මිය ගිය කාන්තාවන් හා  විපතට පත් අනෙක් සියල්ලන්ගේම ඉදිරි ජීවිතය යහපත් කිරීමටත්, ඔවුන්ගේ කායික සහ මානසික යහපැවැත්ම උදෙසා ද, දරුවන්ගේ අධ්‍යාපනය , පවුල් වල ආර්තිකය නැවත ගොඩනැගීම, ඒ සඳහා අරමුදලක් පිහිටුවීම ආදී වූ ඉතා බරපතල කාරණා සම්බන්ධයෙන් මේ මොහොත වන විට ප්‍රායෝගික වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබිය යුතුය.
නමුත් රජයේ අමාත්‍යවරුන් විපතට පත්වූවන්ට මහජන බදු මුදලින් දෙන ආධාර ලබා දීමේ වැඩසටහන් තමන්ගේ මැතිවරණ ව්‍යාපාර වෙනුවෙන් විකුණමින් නින්දිත ලෙස හැසිරෙමින් සිටියි.

පාස්කු ප්‍රහාරයෙන් පසුව ඇතිවූ ජාතිවාදී කලබල නැවත්වීම සම්බන්ධයෙන් රජය අපොහොසත් විය. ජීවිත හානි දේපළ හානි සිදුවනතෙක් මහජන ආරක්ෂාව ගැන වගකීම පසෙකලා රජයේ හැසිරීම කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැක. රජය වගකීම බාරගත යුතු ය.

ඒ වගේම එම කෝලහාල වලට සම්බන්ධ පක්ෂ විපක්ෂ දේසපාලඥයන් කිසිවකුට තවම නීතිය ක්‍රියාත්මක වී නැත.

දිගින් දිගටම පුරවැසියන් විසින් ඉල්ලීම් කරන සහ මේ මොහොතේ අනිවාර්‍යයෙන් සිදුවිය යුතු ‍රටටම පොදු එක නීතියක් සම්බන්ධ කථිකාවට රජය කිසිදු සාධනීය ප්‍රතිචාරයක් දක්වා නැත.
ආගමික , වාර්ගිකත්වය පදනම් වූ නීති ඉවත් කිරීම, ම්ලෙච්ඡ ළමා විවාහ, ෂරියා නීතිය, ෂරියා විශ්වවිද්‍යාලය, මද්‍රාසා පාසල්, ආගමික උසාවි, ආගමික දික්කසාදය, ආගම් හා වාර්ගික අනන්‍යතා රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් නීතියේ ආධිපත්‍යයටත් යටත් කිරීම ඇතුළු ප්‍රතිසංස්කරණ පිළිබඳව ගෙන ඇති ක්‍රියාමාර්ග ඉතා දුර්වලය. පියවර ගෙන නැති තරම් ය.

අත්තඩංගුවට ගත් වූ සැකකරුවන්ට ඇප ලබා දීමේ දී සිදුවූවායැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් ගෙන ඇති පියවර ද ප්‍රමාණවත් නැත. ඒ පිලිබඳව මහජනතාවට නිසි දැනුවත් කිරීමක් සිදුකර නැත.

ජනතාවට විශ්වාසනීය , නිවැරදි තොරතුරු ලබා දීමට රජය ගෙන ඇති පියවර සාධනීය නැත.
ඒ නිසාම විශ්වාස කල නොහැකි තොරතුරු මූලාශ්‍ර වලට මහජනතාව ඇදී යන අතර එය නැවැත්වීමට නිවැරදි තොරතුරු ලබා දෙන ක්‍රමයක් ඇති නොකර රජය සෝෂල් මීඩියා අවහිර කරයි.

වෙනත් රටකනම් දුම්රියක් ප්‍රමාද වුවත් විෂය භාර ඇමති ඉල්ලා අස් වෙද්දී  , කලින් දැනුම් දී තිබූ පාස්කු ප්‍රහාරය ගැන කිසිදු පියවරක් නොගත් රුවන් විජේවර්ධන තවමත් ආරක්ෂක රාජ්‍ය ඇමතිය. ජනාධිපති රටේ නැති විට ඔහු වැඩබලන ආරක්ෂක ඇමති ය.

තමන්ගේ වගකීම කඩවීමෙන් ජීවිත 260+ ක් නැති වූ පසු උද්දච්ඡ ජනාධිපති සහ අගමැති තවම ජාතියෙන් සමාව ගෙන හෝ වරද පිළිගෙන හෝ නැත.
චෝදනාවට ලක් වූ දේසපාලඥයන් හුරතල් කරමින් , රටේ ආරක්ෂාව තහවුරු කර ඇතිය කියා ජනාධිපති සහ අගමැති මහජනතාවට සහතික දෙමින් සිටියි.

ජනාධිපතිගේ ළඟ රාජකාරි කරන අතුරලියේ රතන හිමි ජනාධිපති යටතේ සිටින ආණ්ඩුකාරවරුන් ඉවත් කරන්න කියා උපවාස සංදර්සන පවත්වයි.

එය සංදර්සනයක් නොවේනම් ඉන් කියවෙන්නේ ජනාධිපති සිරිසේන තමන්ගේ උපදේසක භික්ෂුවක් කියන දේ පවා නොඅසන බවයි.

බුද්ධි අංශ ප්‍රධානීන් පැමිණ පාර්ලිමේන්තු කමිටුව ඉදිරියේ සාක්ෂි දෙයි. එහිදී බලධාරීන්ට දැන්වූ බව ඔහු පිළිගනියි. ජනාධිපති විසින් පාස්කු ප්‍රහාරය ගැන කිසිවක් ඔහු නොදැන සිටි බව කියයි.
පොලිස්පති පූජිත. හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ඇතුළු ආරක්ෂාව සම්බන්ධ බලධාරීන්ට මහජනතාවට අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ ලබා දී නොමැත.
ඔවුන්ව බිල්ලට දී දේසපාලන නායකත්වය අත පිහදා ගනිමින් ඇත.

කෙටිකතාවක් ලියූ ශක්තික සත්කුමාර රිමාන්ඩ් ය. නැව් සුක්කානමක් හැඳ ගිය කාන්තාවක් රිමාන්ඩ් ය.

ජනාධිපති, අගමැති ඇතුළු ආණ්ඩුව විවේචනය කළ, නසාර හිමිගේ පින්තූර දැමූ සමාජජාල ක්‍රියාකාරීන්ගේ ගිණුම් අසාමාන්‍ය ලෙස බ්ලොක් කර ඇත. !

කලින් දැන සිටි පාස්කු ප්‍රහාරය නැවැත්වීමට කිසිවක් නොකර වගකීම් පැහැරහැර අහිංසක නිරායුධ මිනිස්සුන් 250+ ක් ඝාතනයට සහරාන්ට උදව් කළ බලධාරීන් නිදැල්ලේ ය. මහජන බදු මුදලින් හමුදා ආරක්ෂාව මැද ඉන්නාහ.

පුරවැසියනි.
ආණ්ඩුව මේ ගැන දැනසිටි බව අමතක නොකරන්න.
විරෝධය යටපත් නොකරන්න..

ඔව්හු එය දැන සිටියාහ !

#Eastersundayattacklka
  - චමල් අකලංක පොල්වත්තගේ

No comments:

Post a Comment