Sunday, June 9, 2019

ජාතික ආරක්ෂාව සහ පාස්කු ප්‍රහාරය


පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු විමර්ශන කමිටුව ඉදිරියේ සාක්ෂි ලබා දීමේ දී ජාතික ආරක්ෂාවට තර්ජනයක් සිදුවන දේ කියවෙනවා කියා කවුරුන් හෝ කියනවානම් ඒ කමිටුව ඉදිරියේ කියූ දේවල් නොඇසූ අයෙක් විය යුතුය.

ඇරත් ඒ මහත්වරුන්ට අනුව ජාතික ආරක්ෂාව යනු,
ආරක්ෂක කවුන්සිල රැස්වීම් අත්තනෝමතික ලෙස විහිලුවට ගෙන , කලින් දැනුම් දී තිබූ ප්‍රහාරයක් වළක්වා ගැනීමට නොහැකි වීමෙන් කිසිවක් නොවන එකක් වන අතර,
පාර්ලිමේන්තු කමිටුව ඉදිරියේ දෙන සාක්ෂි වලින් නැතිවන එකකි.

බම්බුව..!!



මිත්‍රවරුනි..!!

පාර්ලිමේන්තු කමිටුව ඉදිරියේ වගකිවයුත්තන් ලබා දුන් සාක්ෂි වලින් ඔප්පු වුනේ ජනාධිපති ඇතුළු බලධාරීන්ගේ ගොං කං වල දිග පළල මිස ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන කිසිවකුත් නොවේ.

ඒ නිසා ජාතික ආරක්ෂාව පිට දමා යම් පිරිසක්, ඒ කමිටුවට සාක්ෂි දෙන නිලධාරීන්ව ගෙදර යවා, කමිටුව අත් හිටුවා හෝ මාධ්‍යට විවෘත නොකර සිටීමට උත්සහා ගන්නවානම් ඉන් නිරූපණය වන්නේ කමිටුව ඉදිරියේ දෙන සාක්ෂි වලින් තමන්ගේ රෙදි ගැලවීම වළක්වා ගැනීමට සිදුකරන තක්කඩි උත්සාහයක් මිස අන් කිසිවකුත් නොවේ.

මේ රටේ පසුගිය කාලවල සිට මේ දක්වාම සිටි ආණ්ඩු සියල්ලම පාහේ තමන්ගේ තක්කඩිකම්, අනීතික රාජ්‍ය ත්‍රස්තවාදී ක්‍රියාවන් මෙන්ම වගකීම් පැහැර හැරීම්, ජඩකම්, ම්ලෙච්ඡකම් සියල්ලම වසා ගත්තේ ජාතික ආරක්ෂාව යන වචනයට මුවා වෙලා ය.

දැන් පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු විමර්ශන කමිටුව හමුවේ හෙළිවන සාක්ෂි වලින් තම තමන්ගේ ඇඳිවත ද නැතිවන විට නිලධාරීන්ට බලපෑම් කරමින්, කමිටුව අත්හිටුවීමට උත්සහ ගනිමින්ද කරන්නේ ද එයම ය.

පුරවැසියනි අමතක නොකරන්න..

ඔවුහු එය කලින් දැනසිටි බව..!!
නිරායුධ අහිංසක ජීවිත 250+ ක් ඔවුන්ගේ වගකීම් පැහැරහැරීම නිසා අහිමි වූ බව..

#Eastersundayattacklka
- චමල් අකලංක පොල්වත්තගේ

No comments:

Post a Comment