Tuesday, October 20, 2015

අපි බෞද්ධද..?? ඇත්තටම දියුණුද..?? ගෝත්‍රිකයා කවුද..??

''සේයාගේ මරණයට හේතුව සෙනසුරු මාරක අපලයයි..""
.
ලංකාවේ පත්තරේක ටික දවසකට කලින් ගිය හෙඩිමකි...
දැන් මේ ජ්‍යොතිෂ්‍ය උන්නැහේට අනුව කොණ්ඩයාගේ අයියා නිදහස් කර සෙනසුරු අල්ලා
බන්ධනාගාරගත කළ යුතුය.. නැතනම් තහනම් කළ යුතුය..
තම බඩගෝස්තරය වෙනුවෙන් මළ මිනීයක් පවා විකුණන් කන මෙවැනි ත්‍රස්ථවාදී පේන කරුවන් හා
චීත්ත පත්තර බිහිවීමට ප්‍රධාන හේතුව උන් ගේ කීම පිළිගන්නා මී හරක් ජනතාවක් ලංකාවේ වාසය
කිරීමයි..
.
රටක් හෝ ශිෂ්ඨාචාරයක් දියුණු වෙද්දී එහි ගෝත්‍රික ලක්ෂණ අතහරියි.. අව්වට වැස්සට තරු වලට වඳින
අප්‍රිකාවෙ උන්ට මෙන්ම ලංකාවෙ වැදි ජනතාවට ගෝත්‍රිකයා හෝ ආදිවාසියා යැයි කියන්නේ ඒ නිසා
ය..
නමුත් අපේ රට දෙස බැලූ විට පෙනෙන්නේ නැවතත් එම ගෝත්‍රිකත්වය වෙත ඉක්මනින් දුවගෙන යන
පරාධීන ජාතියක් ලෙසය..
.
තුංමං හන්දියේ පෙරේත තට්ටුය...
අපල දුරු වන්ට අලි බඩ යටින් දරුවා රැගෙන යයි..
අලි කෙඳි මුදු පළඳියි..


විභාගෙට කලින් දෙහි කපයි..
භාර වෙයි..
ගුලි කයි..
පත්තරය ගත්විට නීචකුල වශී ගුරුකම්ය..
හැරගිය පෙම්වතා ගෙන්වාදෙයි..
පොලීසිය සාත්තර බලා හොරු අල්ලයි..
නඩු දිනවයි..
ඡන්ද දිනන්න පූල් එකට වැලි පුරවයි..
ජන ආකර්ශනයට වශී යන්ත්‍ර මිරිකයි..
ඇඟිලි දහයටම නවග්‍රහ මුදු පැළඳ ඉතුරු එකට වාමන ග්‍රහ මුදුත් දමයි..
නිධන් ගන්න දරුවා බිලිදෙයි..
ධනය ගෙන්වාගන්න හක්ගෙඩි ගෙනත් පුරවයි..
ලස්ස ගණං වියදම් කර හදපු නිවස ජ්‍යොතිසකරු කියූ සැනින් වහල ගලවා අලුතින් දමයි..
ඉර ට පූජා තියයි.. සෙනසුරුට කිරිබත් කවයි..
දරු ගැබක් ලබා ගැනීමට කපුවා සමග දේවාරූඪයෙන් යහන්ගත වෙයි..
හිඟන්නෙක්ට රුපියලක් දෙන්නැති උන් දේවාලෙට කෝටි ගානක රත්තරන් පුදයි..
ගේ හදන්නේ ජ්‍යොතිසකරුට උවමනා වෙලාවටය.. ගැණි මිනිහා පැත්තකය..
බිස්න පටන් ගන්නේ පේන කරුට ඕනෑ වෙලාවටය..
.
වෙන කතා මොකටද.. පාර්ලිමේන්තුවෙ පනත් සම්මත කර ගන්න පුටු වල තෙල් ගාපු පට්ට සුපිරි
ජාතියක්නෙ අපි..
.
මේ වගේ තව කෝලම් බහුබූත විකාර ගොන් පාට් ලංකාවෙ පිරිලය..
සුභ නැකතට වැසිකිළි යාමේ ඉඳන් හැම දේම කළත් අවුරුදු 90 ආච්චිලා පවා දූෂණය වන තුප්පහි රටක්
බවට ලංකාව පත්ව ඇත..
මේවා අහද්දී හිරිකිතය..
අපුලය..
ඇහුවොත් ලෝකෙ පට්ට දියුණුය..
ලෝකෙටම විද්‍යාව උගන්වා ඇත..
සුද්දා වැද්දාය..
.
ඇත්තටම පොඩ්ඩක් හිතල බලපල්ලා වැද්දො කවුද කියලා..
ඉහළ මානව සංවර්ධන දර්ශක තියන..,, අපරාධ අවම.. ජනතාව සතුටින් ඉන්න ස්විස්.., ඩෙන්මාර්ක් වගේ
රටවල උන් කසාද බඳින්න කලින් හදහන් ගලපන්නේ නැත..
පණත් සම්මත කිරීමට හෝ ජනාධිපති දිවුරුම් දීමට රාහු කාල බලන්නේ නැත..
නමුත් ඒවා නොකරන උන් සහ ඒවා කරන අපි අතර තියන වෙනස ගැන අපි නිතරම සිතා බැලිය යුතු ය..
.
මෙහෙ අවුරුදු 2500 ක බෞද්ධ සංස්කෘතියක් ඇත..
බුද්ධාගම රැක ගන්න කඩු පොලු අරන් එළියට බහි යි..
ඇහුවොත් බෞද්ධය..
නමුත් බුදුන් වහන්සේ කියපු දේවල් හැර අනිත් හැම දේම කරයි..
.
''අත්තෝ අත්ථස්ස නක්ඛත්ථං - කිං කරිස්සන්ථි තාරකා''
( යමක් කිරීමට සිදුවී ඇත්නම් හොඳම වේලාව එම වේලාවයි - ග්‍රහ තරු වලින් ඇති ඵලය කිම )
.
ලාංකික ශිෂ්ඨ ගෝත්‍රිකයන් එය හොඳටම පිළිගන්නවාද නැත්ද යන්න ඉහල උදාහරණ බලා තේරුම් කර ගන්න..
.
අපි බෞද්ධද..?? ඇත්තටම දියුණුද..?? ගෝත්‍රිකයා කවුද..??
.

No comments:

Post a Comment