Wednesday, October 21, 2015

ගෙඩි විකුණන පුංචි එකා




තීරු හතරෙ                                  
කාපට් මග
යන එන බෙන්ස් රථ
බෝමයි....

ඒ රථ වල
යන බේබිලා
උඹ දෙස බලමින්
හිනැහෙයි..

උඹෙ කුසගිනි
බලනා කළ
නෙළුම් කුළුන
කූඹියෙක්ය....

උඹට ලැබෙන
කාසි පොඩිය
වටියි වැඩිය
ලැම්බොගිනිය..

එක් ලක්ෂයෙ
පාවහනට
දූවිලි පා
අකැපැයි පුත..

වැසිකිළි AC
මැදුරට
උඹට යන්න
බෑ මේ ලෙස,...

යාළුවො අමතක
කරමින
ගෙඩි විකුණන
කොල්ලෝ උඹ..

සෙල්ලමකට
රොකට් යවන
බේබිලා ගැන
අහල නැද්ද..??

පුංචි පුතේ
අහගන්නකො
දෙයක් තියනවා
කියන්න..

අනුන්ගෙ දේ
කඩා වඩා
ලොක්කෙක් වෙනවාට
වැඩිය..

මහන්සි වී
හම්බ කරන
උඹයි නියම
විරුවා අපට...

උඹෙ කෙළිලොල්
දඟ වයසම
පාරට ඇද
දැමු උන් හට..

උඹේ කඳුලු
බිඳක් ගානෙ
පව් පලදෙන
වග දැනගන්...

No comments:

Post a Comment