Thursday, October 29, 2015

ඔය කුලේ දීපන් බල්ලෙකුට..!!

''උඩරට'' ''බොදු ගොවි'' ''කරාව'' ''පහතරට''
.
බත් එක ඔතපු පත්තරේ තිබ්බ මේවා දැකලා මාර පිළිකුලක් දැනුනේ..
.
ලෝකෙ මිනිස්සුන්ට පොඩි කාළෙ ඉඳන් උගන්නන්නෙ අනිත් ජාතීන් එක්ක සමගියෙන් ඉන්න කියලා.
ලංකාවෙ අයටත් ඒක හැමදාම කියලා දෙනවනේ..
.
හැබැයි අපේ අයට එහෙම ඉන්න හරිම අමාරුයි කියල ඕන කෙනෙක්ට තේරෙනව රටේ වෙන දේවල් දැක්කම..
.
ඉට්ස් ඕකේ කියමුකො.. වෙන ජාතියක් එක්ක එකතු වෙලා ඉන්න බෑමයි කියමුකො..
.
කොහෙ එකතු වෙලා සමගියෙන් ඉන්නද..??
.
වැඩේ කියන්නෙ අපේ උන්ට තමන්ගෙම ජාතිය ඇතුලෙවත් එකතු වෙලා ඉන්න බැරි එකනෙ..
ඉතින් අනිත් උන් එක්ක එකතු වෙන එක ගැන කවර කතාද..?
.


මේ මංගල දැන්වීම දැක්කම ඒක හොඳටම පේනව..
.
''කුල'' වාදය කියන්නේ ලෝකෙ තියන අමුම අමු ගෝත්‍රික සංකල්පයක්..
.
හැබැයි අපේ උන්ට කෙල්ලව හරි කොල්ලව හරි බන්දලා දෙද්දි මුලින්ම බලන්නෙ ගොවිගමද කියලා... නැත්තන් තමන්ගෙම කුලේද කියලා....
.
අනේ අම්මප මෙහෙමත් මී හරක් මිනිස්සු..
.
ඇහුවොත් ලෝකෙටම විද්‍යාව උගන්නන.. මාර අධ්‍යාපනයක් තියන.. ඉන්දියාවෙ උන්ට මෝඩයො කියලා හිනාවෙන පට්ට දියුණු ජාතිය.. ''නජච්ඡා වසලෝ හෝතී - නජච්ඡා හෝතී බ්‍රාහ්මණෝ'' කියලා කියපු බුදුන් වහන්සේගෙ ධර්මය රකින්න අවි අමෝරගෙන බුදුන් සරණ යන කස්ටිය....
.
ජාතියෙ දියුණුකම රෙද්ද පල්ලෙන් බේරෙනව මංගල දැන්වීම් තීරුව බැලුවම..
.
වෙන රටවල උන් 21 වෙනි සියවසේ මෙච්චර දියුණු වෙලා අඟහරුගෙ ජනාවාස හදන්න යද්දි අපේ උන් තාමත් ඉන්නෙ ගොවිගම එකෙක්ට කෙල්ලව බන්දල දෙන වැඩවසම් බ්‍රාහ්මණ යුගේ..
.
කසාදයක් බඳිද්දි තාමත් හොයනව ඌ ගොවිගමද,බෙර ගහනවද , මාළු අල්ලනවද  කියලා...
.
කුඩු විකුණන ගොවිගම උන් ඕන තරම් ඇත.., බෙර කුලේ වෛද්‍යවරුන් ද ඕනෑතරම් ඇත.., 
.
ඒ වෛද්‍යවරයාගෙන් බෙහෙත් ගෙන ලෙඩ හොඳකරගැනීමට හොඳය..
තම දියණියගේ දරුවා බිහි කිරීමට ඒ වෛද්‍යවරයා චැනල් කිරීමට හොඳය..
නමුත් දියණියට විවාහ කර දීමට ගොවිගම එකෙක් හොයයි..
.
නාගරික ප්‍රදේශවල එතරම් නොසැලකුවත් මේ ගෝත්‍රික කුල සංකල්පය උඩරට ඇතුළු ග්‍රාමීය ප්‍රදේශ වල තවමත් පැවතීම ජාතියේම කරුමයකි..
.
මංගල දැන්වීම හොඳම සාක්ෂියයි..
.
එමෙන්ම දමිල සමාජය තුලද මෙය තිබූ බව මට මගේ පියා වරෙක පවසා ඇත..
.
යාපනය දෙමළ සහ උඩරට දෙමළ වශයෙන් කුල වාදයක් ඇති අතර.. 
.
එක් වරක් උඩරට දමිළ ජාතිකයකු වූ ප්‍රධාන දුම්රිය නියාමකවරයා සමග යාපනය දමිල ජාතිකයකු වූ දුම්රිය සහය නියාමකවරයා තම උසස් නිලධාරියා සමග තේ බීමට එකට ඉඳගැනීම ප්‍රතික්ෂේප කර ඇත්තේ තමා යාපනය දමිල ජාතිකයෙකු වූ නිසා හටගත් ගර්වයෙනි....
.
යුද්ධය නිසා දැන් මේ තත්වය ගිලිහී තිබුණත් එය ගිලිහුණේ කුලවාදය ප්‍රතික්ෂේප කිරීම නිසා නොව යුද්ධය නිසාවීම කණගාටුවට කරුණකි..
.
නමුත් එය කෙසේ හෝ මගහැරීම සතුටුවිය හැකිය..
.
ඉතින් අප ජාතික සමගිය., සංහිඳියාව උගන්නන්නේ තම ජාතියේ උන්ට පවා කුල ගර්වයෙන් ඔලුව උදුම්මවා  ''ලොකු සීන්'' දමන ., කුලේ පදනම් කරගෙන කසාද බන්දා දීමට තරම් ගෝත්‍රික වූ ළිං මැඩි සමාජයකටයි..
.
සිංහල උන් තුළද.දෙමළ උන් තුළ ද., මුස්ලිම් උන් තුළ ද මේ මී හරක් මානසිකත්වය අඩුවැඩි වශයෙන් පවතියි..
.
මෙවැනි ගෝත්‍රිකයන් ඉන්නා රටක් ඉදිරියට යාමක් ගැන කියන්නේනම් ඊට වඩා මොන්ටිසෝරි දරුවෙක්ට අවකලනය ඉගැන්වීම පහසු වනු ඇත...
;
උඹලට ඕනෙ දියුණු රටක්ද..??
ජාතික සමගියද..??
සංහිඳියාවද..??
සංවර්ධනයද..??
.
එහෙනම් ඔය කුලේ දීපන් බල්ලෙකුට..!!

No comments:

Post a Comment