Saturday, October 31, 2015

මහින්ද මහත්තයෝ ඔබතුමාගේ ලේ පැල්ලම්., මේ ලේ පැල්ලම් වලින් මකන්ට බෑ.. හරිය...



''මම ආපු ළමයින්ට කිරි පොවලා යැව්වෙ'' - හි.ජ පා.ම අතිගරු පර්සි මහේන්ද්‍ර රාජපක්ස උතුමාණන්..
.
අනේ මහත්තයො.. පීස්..
.
වයස වැඩිකමට මෙමෙරි අවුට් වෙනවනං හොඳ දොස්තර කෙනෙක් චැනල් කරලා බෙහෙත් ගන්න... මීඩියා වලට වොයිස් කට් දීලා අපේ ලේ කෝප කරන් නැතුව..
.
මේ ආණ්ඩුවෙන් ගහපු එක වැරදි කියල ඕන පොඩි එකෙක් කියද්දි ඒ ගුටිකාපු ළමයින්ගෙ ලේ උඩින් ඔබතුමා කරපු තිරිසන් වැඩ වැහෙයි කියල හිතනව නං තව ඩොක්ටර් කෙනෙක් චැනල් කොර ගන්නව හොඳයි....
.
උද්ඝෝසණේ කරපු උන්ට කිරි පෙව්වා කියලා කියද්දි රතුපස්වලදි ඔබතුමාගෙ ජුන්ටාවෙ හමුදාවෙන් වෙඩිකාලා මැරිච්චි ඡන්දෙවත්  නැති කොල්ලගෙ අම්මා ඔබතුමාට කෝටි වාරයක් සාප කරනව මහත්තයො..
.


ඒ උද්ඝෝසණේදි ඔබතුමාගෙ කිරි පොවන්න ආපු හමුදාවෙන් වෙඩි කාලා මැරිච්ච අනිත් උන් දෙන්නගෙ පවුල් වල මිනිස්සු ඔබතුමාගෙ පරම්පරාවටම හෙණ ඉල්ලනව මහත්තයො ඔය කතාව ටීවී එකේ යද්දි..
.
තෙල් සහනාධාරෙ ඉල්ලලා හලාවත උද්ඝෝසණේ කරපු ඔබතුමාගෙ කිරි පොවන්න ආපු හමුදාවෙන් , පොලීසියෙන් වෙඩි කාපු මාළු අල්ලලා පොඩි උන්ට කන්න දීපු ඇන්ටනීගෙ ගෑනියි දරුවොයි දැන් යහතින් කිරි බොනව ඇති නේද මහත්තයො..???
.
හරි හමන් රස්සාවක් නැතුව ඇවිල්ලා  කටුනායක ගාමන්ට් වල සොච්චම් පඩියට දවසම කඹුරන අපේම උන්ගෙ අර්ථසාධකේට විදින්න ගිහිල්ලා ඒකට විරුද්ධව උන් පාරට බැස්සම ඔබතුමා කිරි පොවපු හැටි අපිට මතකයි මහත්තයෝ...
.

ඒ උද්ඝෝසණේදි ඔබතුමාගෙ කිරි පොවන්න ආපු හමුදාවෙන් වෙඩි කාලා බල්ලෙක් වගේ පාරෙ මැරිච්ච අහිංසක  රොෂේන් චානකගෙ අම්මයි තාත්තයි සහෝදරයොයි ඔබතුමාගෙ වොයිස් කට් එක දැකලා ඔබතුමා දුන්න කිරි මතක් කරලා සාප කරනව මහත්තයො...
.
කැම්පස් කොල්ලන්ට කෙල්ලන්ට උද්ඝෝසණේ කරද්දි මේ පාර ඔලු පැලුව වගේම අවම බලේ පාවිච්චි කරලා කිරි පොවලා ඇස් එළියට ගත්තා කියලා අපිට මතකයි මහත්තයො....
.

ඒක හින්දා මුන් වැරැද්දක් කළාම ඒ ලේ පෙන්නල ඔබතුමාගේ ඇඟේ ගෑවිච්ච ලේ වහගන්න බෑ මහත්තයො..
.
ඔබතුමා කළත්,මෛත්‍රී කළත්,රනිල් කළත් මොකා කළත් ලේ ලේම තමයි මහත්තයෝ...
.
ඔබතුමා අමතක වෙලා කිව්වත් මතක තියන් කිව්වත් අපිට ලේ පැල්ලම් මතකයි මහත්තයෝ..
ඒක හින්දා සමාජෙට විහිළුවක් වෙන්නැතුව කරපු පව් පොඩ්ඩක් හරි අමතක කරන්න බල තණ්හාව පැත්තක තියලා දැන්වත් සැදැහැ සිතින් බණක් භාවනාවක් කර ගන්න..
.
ඔය මොනව කිව්වත් හෘදයසාක්ෂියෙන් ගැලවෙන්න බෑ  කියලත් අපි දන්නව...!!

.


( ප.ලි - මෛත්‍රී මහත්තයො, රනිල් මහත්තයො ඔබතුමාලටත් එක්ක මේ කියන්නෙ...
කලින් මනුස්සය ලේ හින්දා දැන් ඉන්න තැන දිහා බලලවත් හැදෙන්න..
මොකද අපි ඔබතුමාලව ගෙනාවෙ ඒ මනුස්සය කරපුව කරන්න නෙමෙයි..
මේ වගේ තිරිසන් වැඩ දිගටම වෙනවනම් ඒ රාජාණ්ඩුව පෙරලපු උන්ට මේ ආණ්ඩුව පෙරලන එක කජ්ජක් නෙමෙයි කියන එකත් හිතේ තියා ගන්ට )





No comments:

Post a Comment