Friday, October 30, 2015

පසුව ලියමි....!!!




ඉස්සර කැම්පස් අයියල අක්කලට පොලීසියෙන් ඇස් එලියට එන්න නෙලද්දි අපි ඒකට විරුද්ධ උනා.. 
ඒත් ගොඩක් උන් කිව්වෙ කමක් නෑ යුද්ධෙ දින්නනෙ කියලා..
.
ඉස්සර අපෙන් බදු අරන් පඩි ගන්න හමුදාව ලවා රතුපස්වලදි ඡන්දෙවත් නැති කොල්ලෙක්වයි තව උන් දෙන්නෙක්වයි මරලා සිය ගාණකට මහරජතුමා අවම බලේ පාවිච්චි කරද්දි අපි විරුද්ධ උනා..
.
ඒත් ගොඩක් උන් කිව්වා අව්ලක් නෑ යුද්ධෙ දින්නනෙ කියලා...
.
හලාවතදි තෙල් සහනාධාරෙ ඉල්ලලා උද්ඝෝෂණේ කරපු ඇන්ටනීව මරපු එකට අපි විරුද්ධ උනාමත් ගොඩක් උන් කිව්වෙ අව්ලක් නෑ යුද්ධෙ දින්නනේ කියලා..
.


කටුනායකදි අර්ථසාධකේ හොරකම් කරන්න හදපු එකට විරුද්ධව පාරට බැහැපු රොෂේන් චානකව බල්ලෙක් වගේ පාරෙ මරපු එකට විරුද්ධ උනාමත් කිව්වෙ අව්ලක් නෑ යුද්ධෙ දින්නනේ කියලා...
.
අන්තිමේදි ඒ හමුදා පාලනේ ඉවර කරලා අලුත් ආණ්ඩුවක් ඇවිල්ලා ඒ ආණ්ඩුවෙනුත් කැම්පස් සෙට් එකට ඔලු පැලෙන්න ගැහුවා...
.
අපි ඒකටත් විරුද්ධ උනා.....
ඒත් මේ පාර ඉස්සර අව්ලක් නෑ කියපු අයත් විරුද්ධ උනා...
.
එහෙම මේ පාර විරුද්ධ වෙච්ච කස්ටියට මේ කියන්නෙ....!!!!
.
මචං.. උඹලා වෙනස් වෙලා.....
උඹලගෙ කොන්ද හැදෙන්න පටන් අරන්.....
.
උඹ අකමැති එකා වැරැද්දක් කළාම විතරක් නෙමෙයි කැමති එකා වැරැද්දක් කළාමත් කෙළින් ඉන්න තරමට ඔය දළු දාපු කොන්ද හදාගනින්.....
පක්ෂ දේශපාලනේ අතහැරලා ස්වාධීන වෙයං.....
.
එදාට පාලකයො මහජනතාවට නෙලන්න කලින් දෙපාරක් හිතයි.....!!!

No comments:

Post a Comment