Wednesday, November 4, 2015

මෙන්න වැන්දා... අපතයො වීරයො කරන්න එපා...!!!



අර සොයිසව මරපු හාදය video එකක් upload කරලා හේතු ගොඩක් කියලා මේක හින්දා තමයි මැරුවෙ කියලා..
.
ඔන්න දැන් අපේ උන්ගෙ ලෝකෙ වීරයා ''S F ලොකූ'' ..
.
''මචං උඹ පට්ට පොරක්''  ''පූජා නගරෙ උඹ සුද්ද කළා බන්.. උඹ පට්ට..!! ""  කියමින් post share කොරයි.. ( පූජා නගරෙ මිනී මැරීම අපේ උන්ට අව්ලක් නැත. - සභාවේ සිනා )
.(අනික නිරායුධ එක මිනිහෙක්ට 20 ක් විතර වටකරල ගහපු උන්ව කොහොමත් වීරයො කරන්නෙපා බං..)

සොයිසා හොඳ නැති වීමට පුළුවන...

සොයිසා මැරයා වීමට පුළුවන...
සොයිසා ගණිකා නිවාස පැවැත්වූවා විය හැක...
.

නමුත් නීතිය අතට අරං මැර වැඩ කරන්න බලය..,  ''S F ලොකූට'' තියා ''සක්කරයටවත්''  නැති බව කවුරු කවුරුත් මතක් කර ගැනීම රටේ යහපතට හොඳය,..
.
අපේ උන්ට වීරයො වන්නේම තක්කඩියන්වය.....
.
ජනතා බදු මුදල් බිලියන ගනං පවුල් පිටින් කොල්ලකා බලය අරන් යකා නැටූ මැරයන්ට දේවාල හදා බුදුන්ට සමාන කරයි...
මිනී මැරුමට සැකපිට බන්ධනාගර ගත වූ එකා වැඩිම මනාප ගනී... 
ලොකුම හොරුන්ට දණ ගසා නමදියි..
ස්ත්‍රී දූසකයාව බලන්න බන්ධනාගරෙට යයි..
ළමා අපචාර කරපු උන් කරමතින් යයි..
ලොකුම කුඩ්ඩො වෙනුවෙන් හමුදුරුවො පවා කොටුව ස්ටේසම වටකර රැක ගැනීමට දඟලයි..
ත්‍රස්ථවාදීන් ඇමතිලා වෙයි..
මාල හොරු, ගංජ කාරයො.,හරක් හොරු,. ලාංකීය ජනතාවගේ star ලය.. 
.
අපේ උන් වෙනස්ම ජාතියක් කියන්නෙ නිකන්ද..??
.
පොලීසිය ඇතුලට පැනල යකා නටපු ඇමතිට ඔලුව නැමුවෙ නැති වඳුරඹ OIC මහත්තයා කවද්ද  අපේ රටේ 

වීරයෙක් උනේ....??

High Way එකෙදි ඇමතිගෙ වාහනේට දඩකොළේ ලියපු රාලහාමි වීරයෙක් වෙන්නෙ කවද්ද අපේ රටේ....??
.
නෑ.. උන් ගැන දන්නෙවත් නෑ අපේ උන්..
.
අපේ රටේ වීරයො වන්නේ නීති කඩන උන්ය.. අකුරට නීති ක්‍රියාත්මක කරන උන් පැත්තකය.....
.
හැම තැනම ඔය තත්වය ඇත..
.
office එකෙන් කලින් පනින එකා වීරයා වෙයි..
ඉස්කෝලෙ මැරයා වීරයා වෙයි..
.
මෙහෙ වීරයෙක් වෙන්න ඕනෙනං ඉස්සර තිබ්බ ක්‍රමේ මගෝඩි වැඩක් කරලා ඡන්දෙ ඉල්ලන එකය..
,.
ඔන්න දැන් ක්‍රමේ තමයි කොහේ හරි මිනියක් මරලා video එකක් ගහලා upload කරන එක....
.
තවටික දවසකින් වෙලේ සුදා., කොණ්ඩයගේ අයියා වීරයන් කියමින් post share කළත් පුදුම විය යුතු නැත...
.
නීතිය තිබෙන්නේ එය අතට ගැනීමට නොවේ..
එය අතට ගන්න උන්ව වීරයන් කිරීමෙන් සිදුවන්නේ රටේ නීතියේ ආධිපත්‍ය බිඳවැටී මේ තියන ටිකත් නැතිවී යාමය..
.
නීතියේ වැරදි ඇත..
සොයිසා වැරදි කර ඇත්නම් ඔහුට විරුද්ධව පියවර නොගැනීම නීතියේ වරදකි..
නමුත් එසේ කියා ඔහුව මැරීමට වෙන කිසිවකුට අයිතියක් නැත.. 
.
මොහොතක් සිතන්න..
මෙසේ නීති කඩන්නන් වීරයන් වීම දිගටම සිදු වුවහොත්, බාහු බලය., ධනය හෝ පිරිස් බලය ඇති උන්ට ඔලුව නමන් සිටීමට රටේ ජනතාවට සිදුවනු ඇත..
එම තත්වය නැතිකර සැමව සමාන කරන්නේ නීතියයි,,...
.
නීතියේ වැරදි තිබීම එය අතට ගැනීමට හේතුවක් නොවේ,,.. කළ යුත්තේ නීතියේ වැරදි නැතිකර එය ශක්තිමත් කිරීමයි...
.
මිනිසා බල්ලාගෙන් ( තිරිසන් ගතියෙන් )  වෙනස් වීමටත්.., ගෝත්‍රිකත්වයෙන් ශිෂ්ඨත්වය වෙනස් වීමටත් ප්‍රධාන හේතුවක් වන්නේ නීතියේ ආධිපත්‍යයයි..
.
එබැවින් නීතියට පිටින් යන්නන් වීරයන් කිරීමෙන් ඔබටම පසුව කනේ පහර වදිනු ඇත....
.
නීතිය ක්‍රියාත්මක නොවේනම් කළ යුත්තේ නීතිය අතට ගෙන තිරිසන් වීම නොව නීති හදන ක්‍රියාත්මක කරන හා යුක්තිය පසිඳලන ආයතන වලට බලපැම් කිරීමයි....!!!.
.
මෙන්න වැන්දා අපතයො වීරයො කරන්න එපා...!!!

No comments:

Post a Comment