Sunday, November 8, 2015

පශ්චාත් කියවීම (සෝභිත හිමි | මහින්ද | බයියා | මිලෙච්ඡයා )




මනුස්සයෙකුගේ මරණයකදී සතුටු වෙන, මහින්දට ඡන්දය නොදීම එයට එකම හේතුව කරගත්., තමන් මාර සිංහල බෞධයයි සිතා සිටින තිරිසන් ම්ලේච්ඡ ගෝත්‍රිකයන්ව පෙර පාසල් හා දහම් පාසල් අධ්‍යාපනයට යොමු නොකර ප්‍රජාතන්ත්‍රවාදය., යුක්තිය., යහපාලනය ( සංකල්පය ).,සාධාරණත්වය., අවිහිංසාව හා නියම බුදුදහම කුමක්ද යන්න පැහැදිලි කිරීමට උත්සහයක් යම් පමණකින් හෝ දැරූවකු ලෙස අතිශය කණගාටුවට පත් වෙමි...
.
සෝභිත හිමිට මේ එල්ල කරන අතිශය නින්දිත ප්‍රකාශයන්ට එකම හේතුව වන්නේ මහින්දට ඡන්දෙ දෙන්න එපා කීම හෙවත් තම දේශපාලන මතයට විරුද්ධ වීමයි...
එනම් ඔවුන්ගේ මතය නොදරන යමෙකුගේ මරණයෙන් ඔවුන් සතුටු වන බවයි..
අපි අවුරුදු තිහක යුද්ධයක් අවසන් කර ගොඩනැගුවේ මෙවන් තිරිසන් ම්ලේච්ඡ රටක්ද යන්න පිළිබඳ සිතන විටත් සිතට දැනෙන්නේ මහා කණගාටුවකි..
.
කම්පණයට හේතුවන අනෙක් කරුණ වන්නේ මෙසේ ප්‍රකාශ කරණ පිරිස සිංහල බෞද්ධකම ගැන නිතර කතා කරන.., එය රැක ගැනීමට

නිති වෙර දරන්නේයයි පෙන්වන., බුදුන් සරණ ගිය උපාසකයන් වීමයි ( එහෙම හිතන් ඉන්න )..
දේවදත්තට , ආලවකට පවා මෛත්‍රී කළ බුදුන්ගේ ධර්මය මෙවන් පිරිසක් වීසින් රැකීමට මුල් වීම අතිශය භයානක තත්වයකි..
.
නමුත් සිංහල බෞද්ධ ජාතිවාදය මුල් කර ගනිමින් පාලනය ගෙනගිය මහින්ද රාජපක්ෂ පරාජය වීම ගැන නැවතත් සතුටට පත් වෙමි..
ඒ ඔහු ජයග්‍රහණය කළේ නම් මේ ප්‍රකාශ කරන පිරිසගේ හැසිරීම කෙසේවන්නට ඇත්ද යන්න සිතමිනි..
එමෙන්ම අද යහපාලනයෙන් ශිෂ්‍යන්ට ප්‍රහාර එල්ල කරන විට යහපාලනය ගොඩනැගීමට හවුල් වුණ පිරිස ක්ෂණිකව විරුද්ධ විය..
නමුත් ස්වාමීන්වහන්සේ කෙනෙකුගේ අපවත් වීමෙන් බෞද්ධ යයි කියා ගන්නා මහින්ද පාක්ෂිකයන් මෙතරම් සතුටු වෙයි නම්., හදිසියේ මහින්ද බලයට පත් වී ජනතාවට ප්‍රහාර එල්ල කළ විට මේ ත්‍රිසන් ම්ලේච්ඡයන් කිසිවෙක් විරුද්ධ නොවනු ඇත...
.
මේ මිනිසුන් බුදු දහම දන්නේ නැත, මොවුන් හෝමෝ සේපියන් වී සිටින්නේ ශරීරයෙන් පමණි..
එබැවින් රජය මැදිහත් වී මේ මිලේච්ඡයන් ඇතුළුව සියලුම ශ්‍රී ලාංකිකයන්ට අදාල වන කඩිනම් මානසික පුනරුත්තාපන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුය..
නැතිනම් මෙවැනි ත්‍රස්ථවාදීන් සමග රටට යහපත් අනාගතයක් උදා නොවනු ඇත..
.
සෝභිත හිමි කවදාවත් ජාතිවාදියෙකු හෝ ආගම්වාදියෙකු උනේ නැත..
රතුපස්වල සිංහල කොල්ලො මැරෙද්දි..
උතුරෙ දෙමළ ඉඩම් කොල්ලකද්දි..
බේරුවල මුස්ලිම් ජාතිකයන්ව මරද්දි උන්වහන්සේ හඬ නැගූ සේක..
.
චන්ද්‍රිකා රජය වැරදි කරද්දි..
මහින්ද රජය වැරදි කර්ද්දි...
වගේම තමන් මූලික වී ගොඩ නැගූ යහපාලනය වැරදි කරද්දි හඬ නැගීමට සමත් මහා පෞරුෂයක් උන් වහන්සේ සතුවිය....
සෝභිත හිමි සන්ධානෙ හාමුදුරුවො UNP හාමුදුරුවො හෝ JVP හාමුදුරුවො උනේ නැත..
උන් වහන්සේ ජනතාවගේ හාමුදුරුවො විය
.
උන්වහන්සේ කිසි දිනක මේ ක්‍රියාවලිය කිසි දිනක වාසි බලාපොරොත්තුව සිදු කළේ නැත..
හමුදාවෙ කොල්ලන් ලවා පන්සල අලුත්වැඩියා කළේ නැත...
.
රජයට පාලකයට නිර්භීතව අභියෝග කළ උන් වහන්සේ කීර්තියෙන් උඩඟු වූයේ නැත.. නිහතමානී විය..
හැම ජාතියටම එක වගේ සැලකූ සේක..
.
.
.
බුදුන් දේශනා කළ බෞද්ධ භික්ෂු භූමිකාව මැනවින් ඉටු කළ උන් වහන්සේ බෝ ජන හිත සුව පිණිස අවසන් මොහොත දක්වාම සටන් කළ සේක..
.
.
ඔබ වහන්සේට නිවන් සුව

No comments:

Post a Comment