Friday, November 6, 2015

අල්ලස් දෙයියා



ගමට මාරුවක් 
හදාල ගන්නට
කන්තෝරුව වෙත 
ගිය වේලේ....
මාරු වීම කරලා
දෙන්නම් මං
තවත් මොනර කොළ
ඕනෑ වේ.....
රැවුල කරකැවූ
ලොකු මහතැන් දැක
දෙවියන් සිහිවුනි
මට එවෙලේ.....
මාරු වීම
කරවා ගන්නට මම
දේවාලය වෙත
ගිය දිනයේ.....
පූජා වට්ටියෙ
පුරවා පලතුරු
මොනර කොළ
දෙකක් තැබුවානේ....
අයියෝ දෙයියනෙ
පගාව අරගෙන
ඔයා වැඩේ
කරලා නෑ නේ...!!!
.

No comments:

Post a Comment