Monday, November 2, 2015

ගන්දබ්බයෝ මේ අහපිය


අප්පගෙ බීජයක්
අම්මගෙ බීජයක්
එක් වෙලා හැදුනමුත්
අම්මා අවලම් බැල්ලි
උඹ අවජාතක පරයා...
.
අස්සනක් තිබ්බනං
උඹ චූටි පුතු වේවි
අස්සනක් නැතිවිටදි
උඹ යස්ස පැටි වේවි..
.
දොල දුකක් තියනවද
දැං බඩට කී දොහද
පරිස්සම් කරගන්න
අපේ ලේ පණ සේම...
.
උඹෙ ළඟින් ගෑටුවත්
බඩ වෙනව ගෑණියේ
හෙටම වර යමු යන්න
ඔය කරුමෙ අස්කරමු....
.
ගන්දබ්බ පැටියෝ
ඕකයි පුරස්ණෙ
බයිසිකල් කම්බියෙන්
උඹෙ දිවිය
තොර වෙවි..
.
අස්සනක් ගහලද
පොඩ්ඩක් බලපියව්
රිංගන්න කලියෙන්
මව් කුසට
මේ කාලෙ....!!

No comments:

Post a Comment