Saturday, August 5, 2017

බැඳුම්කර ගීතය - 2 - මම දාලා යන්නෙ නෑ

== . ==

 ("මුලදි බැන්ද ආදරයක දැන් " ගීතයේ තාලයට ගායනා කරන්න.. )


කවිය -
( මගෙ වැඩ හැරම පෙර හොර වැඩවලට වෙන
නඩු නොවැටෙනා කරුමෙකි මගෙ පස්සේ එන
බැසිලා යෝසිතලා ගෝටලා සැප විඳින
උන් ගැන නොසොයනා උන්ටත් වැදිය හෙණ...)

ගෙයක් ලැබුණ ඇමතිකමක මිහිර දැන්
සැනසීම සොයමි බැඳුම්කරය තද කරන්
කොමිසන් නඩු ආවත් මට කොයි තරන්
මම දාලා යන්නෙ නෑ කීවට මට හිටං.....

ගෙයක් ලැබුණ.....

මා අසරණ කළ මුත් කොමිසන් තියා
හිතුවාද මමත් ඕවට රැවටෙයි කියා..//
එහෙම කලොත් යම් කිසි දවසක මෙමා
මා බේරගන්න එන්නේ ඔනෙලා තමා....//

කොමිසන් නඩු ආවත් මට කොයි තරන්
මම දාලා යන්නෙ නෑ කීවට මට හිටං.....

කොයි ඇමතිලා හිටියත් දියවන ඇලේ
ඒ සැවොම පරාදයි ගේමට අපේ මොළේ...//
රනිල් මහේ ඇලො අපි සූරයො වගේ
අමතකයි කියමු ඇහුවොත් දුමියා වගේ...//

කොමිසන් නඩු ආවත් මට කොයි තරන්
මම දාලා යන්නෙ නෑ.., කීවට මට හිටං.....
ගෙයක් ලැබුණ ඇමතිකමක මිහිර දැන්
සැනසීම සොයමි බැඳුම්කරය තද කරන්....


#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

No comments:

Post a Comment