Monday, August 14, 2017

ක්‍රිකට් කණ්ඩායම ඉල්ලා අස්වෙයි


රවි කරුණානායක ආදර්ශයට ගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉල්ලා අස්වෙමින් චන්දිමාල් සිදුකළ සම්පූර් කතාව
.
.
ගරු ප්‍රධාන විනිසුරුතුමනි

952 වාර්තාගත විප්ලවයෙන් පසු අප වෙහෙසුණේ ඊට වඩා ලොකු වාර්තාවක් තියන්නයි. ඉතින් අපිට එල්ල කරන චෝදනාවන්ට කිසිම පදනමක්‌ නෑ. ඒ කිසිවකට අපි සම්බන්ධ නැහැ. නමුත් සමහර කණ්‌ඩායම් සහ මාධ්‍ය දැනටම අපි වැරැදිකරුවෙක්‌ කර තියෙනවා. පසුගිය දින කිහිපය තුළ අපේ ජනමාධ්‍ය මා සම්බන්ධව කටයුතු කළේ ඉතිහාසයේ කිසිම අවස්‌ථාවක කටයුතු නොකළ ආකාරයකටයි. ඔවුන් අපි ක්‍රීඩාගාරයට දක්‌කා සස්ටජන් දිය යුතු බව පවසනවා. බින්දුමාල් කියා මට අපහස කරනවා.. අපි ඒවායින් සැලෙන්නේ නෑ. යේසුස්‌ ක්‍රිස්‌තුන් වහන්සේ ට අපවාදවලට මුහුණ දීමට සිදු වුණා. බුදුරජාණන් වහන්සේටත් අපවාදවලට මුහුණ දීමට සිදු වුණා.

අටලෝ දහමට අනුව මෙවැනි අවස්‌ථාවන් හා අභියෝගයන් ඕනෑම ක්‍රිකට් කණ්ඩායමකට එල්ල වෙනවා. ඒ අභියෝගයන්ට මුහුණ දීමේ ශක්‌තිය අපිට තියෙනවා. නමුත් අපිට විරුද්ධව ඇති චෝදනා පදනම් කර ගනිමින්, ක්‍රිකට් කණ්ඩායම අස්‌ථාවරත්වයට පත් කිරීමේ කුමන්ත්‍රණයක්‌ දියත් වන බව මට වැටහෙනවා.


දයාසිරි ජයසේකර මහතා හා තිලංග සුමතිපාල මහතා ගෙන යන ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමේ උත්සාහයක්‌ ක්‍රියාත්මක වන බව මට දැනෙනවා. ජනතාව ප්‍රතික්‍ෂේප කළ අය, දූෂණ හා වංචා චෝදනාවලට ලක්‌වූ අය, රේස් ඔට්ටු කාරයන්, චාලි ඔස්ටින් වගේ අය, පේජ් ඇඩ්මින් වරුන් මේ කුමන්ත්‍රණකාරී උත්සාහයන් පිටුපස ඉන්නවා. තමන්ගේ වැරදිවලට ලැබෙන දඬුවම් වලින් ගැලවීම සඳහා ඔවුන් යළි බලය ලබාගැනීමට උත්සාහ දරනවා.

ගරු ප්‍රධාන විනිසුරුතුමනි...

මේ බලලෝභී අවස්‌ථාවාදී කුමන්ත්‍රණකරුවන්ට ජාතික ක්‍රිකට් කණ්ඩායම විනාශ කරන්නට ඉඩ දෙන්නට බැහැ. මේ බලලෝභී කුමන්ත්‍රණකරුවන්ට යහපාලන ක්‍රිකට් පාලක මණ්ඩලය බිඳ දමන්නට දෙන්න බැහැ. මේ කුමන්ත්‍රණකරුවන්ට ඇමතිතුමාගේත් සභාපති තුමාගේත් ෆිට්නස් වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්න දෙන්න බැහැ. ඒකාධිපති ඉන්දියා ක්‍රිකට් රෙජිමයෙන් විනාශ වූ ශ්‍රී ලංකා ක්‍රිකට් යළි ගොඩනැඟීමේ වෑයම දුර්වල කරන්න දෙන්න බැහැ. ඒ නිසා මුළු රටටම ආදර්ශයක්‌ දෙමින්,  ජාතික ක්‍රිකට් කණ්ඩායම ඉල්ලා අස්‌වීමට තීරණය කළා.

ගරු ප්‍රධාන විනිසුරුතුමනි,

නිකන් ඉන්න ලැබෙන දවස් දෙක අපට හිමි තැන තීරණය කරාවි.

අපේ කණ්ඩායමේ ප්‍රබලයන් ගණනාවකට මෙවැනි චෝදනා එල්ල වුණා. සංගක්කාර ,මහේල, ඇන්ජලෝ සියලු දෙනාටම චෝදනා එල්ල වුණා. සනත් ගැන තාම කතා වෙනවා.. ක්‍රිකට්මත් නෙමෙයි හැබැයි. නමුත් ඒ සියල්ල පදනම් විරහිත බව ඉතිහාසය ඔප්පු කර තිබෙනවා.

ශුද්ධ වූ ලෝඩ්ස් තෙස්තමේන්තුවේ මෙසේ සඳහන් වෙනවා.

"දවස් පහක් පිට්ටනියේ සිටීමට කෙතරම් උත්සාහ දැරුව ද, ඉන්දියාව කිසිවකට යටපත් නොවන්නේය. දවස් පහ සෙල්ලම් කිරීමට උත්සාහ දරන්නන්ට හිමි වනුයේ අන්ත පරාජයයි."

නායක කෝලි සහ බෝලර්ස්ලා අපට හිමි තැන තීරණය කරන බව මම පවසන්නේ ඒ නිසයි.

" ධවලසේදුම" ( වයිට්වොෂ් ) නම් කාව්‍ය සංග්‍රහයේ මෙහෙම කවියක්‌ තියෙනවා.

" ටෙස්ට් මැච් එකක් දිනන්න බැරිනං ඩ්‍රෝ කරන්න හරි උත්සහ කරන්න. හැම අවස්‌ථාවකදීම, හැම තැනකදීම."

මගේ චේතනාව දවස් පහ පිට්ටනියේ සිටීමයි. මගේ අරමුණ මැච් එක ඩ්‍රෝ කර හෝ ගැනීමයි. කවර චෝදනාවක්‌ එල්ල වුණත්, මම දිගින් දිගටම ක්‍රිකට් වෙනුවෙන් පෙනී සිටිනවා.කවදාක හෝ මැච් එකක් දිනාගැනීම වෙනුවෙන් සටන් කරනවා. බැරිනං දවස් පහක් ඉන්න හරි.. අපේ ප්‍රේක්ෂකයන් රැකබලා ගැනීම සඳහා වෙහෙසෙනවා. 952 වාර්තාව රැක ගැනීමට දිවි හිමියෙන් කැප වෙනවා..

ගරු ප්‍රධාන විනිසුරුතුමනි...

මම ඉල්ලා අස්‌වීමේ තීරණය ගත්තේ දුකකින් හෝ කම්පාවකින් නොවෙයි. ආඩම්බරයෙන්.

අපි අපේ කණ්ඩායම කැප කරන්නේ මේ රටේ ගරුත්වය වෙනුවෙන්. මම මගේ තනතුර කැප කරන්නේ අපේ රටට සැබැවින්ම ආදරය කරන බෝලර්ස්ලා බැට්ස්මන්ලා ෆීල්ඩර්ස්ලා වෙනුවෙන්, ප්‍රේක්ෂකයන් වෙනුවෙන්, අපේ ටීම් එකට ආදරය කරන සියලු දෙනා වෙනුවෙන්. මම මගේ තනතුර කැප කරන්නේ ඉතුරු වී ඇති රෙදි ටික බේරා ගැනීම වෙනුවෙන්.  ඒ නිසා මේ තීරණය ගැන ආඩම්බර වෙනවා.

මෙතනදී අපේ මෑණිවරුන් සහ පියවරුන් මුහුණ පා ඇති මානසික පීඩනය ගැනත් සඳහන් කළ යුතුයි. අපේ සමහර මාධ්‍යයන් සහ පුද්ගලයන් අපේ මෑණිවරුන්ටත් පියවරුන්ටත් බැන වදිනවා. ඔවුන්ටත් පහර ගහනවා. ඔවුන් දැන් ඉන්නේ ඒ සියලු පීඩනයන් හා අපහාස විඳිමින්, ඒ සියල්ල මැදත්, ඔවුන් අපට මේ තීරණය ගැනීමට " චූටි පුතා තේ බොන්න එන්න.." කියා මා අමතමින් ශක්‌තියක්‌ වුණා. ඒ ශක්‌තිය මට ලබාදීම ගැන. ඔබ මට හැමදාමත් ආදරෙයි. මගේ ආදරය ඔබ ළඟයි.

ගරු ප්‍රධාන විනිසුරුතුමනි..

අන්න ඒ නිසා ම අපේ කණ්ඩායම සහ මගේ රට වෙනුවෙන් ඉල්ලා අස්වීමට මම අද ගත් මේ තීරණය පිළිබඳව නැවතත් ආඩම්බර වෙනවා.


#අකලංකාරය
- චමල් අකලංක පොල්වත්තගේ

5 comments:

  1. නිකන් ඉන්න ලැබෙන දවස් දෙක අපට හිමි තැන තීරණය කරාවි.

    +++++++++++++

    ReplyDelete
  2. ඉතුරු දවස් දෙකේ ඉයන් උන්ta සුවර්ගයේ සැතපිලා ඉන්න ඇනොගේ XXXටෞකන්න චාන්ස් එකක් හදලා දියන් උඹ කලින් එකතු කරගත්ත ඇඩ්වාන්ස් සල්ලි වලින්. එතකොට උන් දිනයි උන්ට දැන් මෝල් කලන්තේ උඹට වගේම

    ReplyDelete
  3. ඔප්ෂන් දෙකක් තියනව නිවාඩු දවස් දෙකේ කරන්න...

    1. මාලිගාවෙ ඇතාට මේ දවස්වල බඩ එලිය යනවලු. ඒ හින්ද ජොස්තරල නියම කරල තියෙන්නෙ ළපටි කිතුල් අතු විතරක් කන්න දෙන්න කියලලු. හෙටයි අනිද්දයි ටීම් එක යනවලු නුවර අවට ළපටි කිතුල් අතු හොයල ගස් නැඟල කපාගෙන එන්න. ඒ පින් බලෙන්වත් වන්ඩේ සීරිස් එකේ දවස් පහම මහ වැහි වසීවා කියල දළඳා වහන්සෙට බාරයකුත් වෙනවලු.

    2. තිලංගගෙ සූදු ඔට්ටුපොළවල් පහක් තියනව නුවර ටවුමෙ. ටීම් එකට තුන්දෙනා ගානෙ බෙදිල ගිහිල්ල ඒ ඔට්ටුපොළවල්වල බිල් ලිව්වැහැකි හෙටයි අනිද්දයි.

    ReplyDelete