Tuesday, August 15, 2017

ශිරන්ති මැතිණිය වෙනුවෙන්

==  ==

( අම්මා සඳකි ගීතයේ තාලයට ගායනා කරන්න )

මහ රජු සඳකි මහ රැජිනිය හිරුය රිදී
ඒ ඉර හඳින් ටසිරිලකම එලිය වුනී
රැකුමට පුතුන් සිරිලිය දුක් ගැහැට විඳී
ශිරන්ති නමට කව් ගී ලියැවුණා මදී...

සිරිලක දරුවනට පෙර පාසල් මැවුවේ
කුසයේ නොදැරුවත් කාල්ටන් මව වූයේ
ඒ පින් මහිමයට රන් කහවණු මැවුණේ
පුදුමයි පුතුනි යහපාලනෙ පළි ගන්නේ...

රජු හට මුවාවී සිරිලිය සවි කෙරුවේ
ඇය වේ පුතුනි නෑ නුඹලා එය දන්නේ
තාජුඩීන් ගැන කොහොමද ඇය දන්නේ
අප්පච්චිලා පමණද මතු බුදු වන්නේ...

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

3 comments: