Thursday, August 24, 2017

දෙයියො

දෙයියො ගැන මේ දවස් වල ඒවා මේවා කතාවෙන හින්දා  මේක දාන්න හිතුනෙ..

දැන් මෙහෙමයි

ග්‍රීසියෙ උන් හිතන් හිටියා සියුස් තමයි දෙයියො ලෝකෙ මැව්වෙ ඩෑල්ස් එක ඌට සපෝට් එකට අනිත් උන් ඉන්නව කියල..

ඊජිප්තුවෙ උන් හිතන් හිටියා අමුන් රා , ඔසිරිස් වගේ දෙයියො තමයි ලෝකෙ පාලනේ කරන්නෙ.. උන්ව බලාගන්නෙ කියලා.

එතකොට ඉන්දියාවෙ උන් එදා ඉඳන් තාම හිතන් ඉන්නව ශිවයි රාමයි ක්‍රිස්ණයි ඔය සෙට් එකට තමා ලෝකෙ ඕන එකක් කරන්න පුළුවන් කියල.

ඉස්ලාම් උන් හිතන් ඉන්නව අල්ලාහ් තමයි ලෝකෙ මැව්වෙ ඔක්කොම කරන්නෙ එයා.. එයා විතරයි දෙයියා කියල..

ක්‍රිස්තියානි සෙට් එක හිතන් ඉන්නව සර්වබලධාරි දෙයියන්වහන්සේ තමයි ලෝකෙ මැව්වෙ.. දැනටත් උන්ව බලාගන්නෙ මෑන්ස් කියල..



ලංකාවෙ උන් හිතන් ඉන්නව ඉන්දියන් උන් ටිකයි කතරගමයි ගණ දෙයියොයි ඔය ටික තමයි දෙයියො.. උන් අපිට දරුඵල ලබා දෙනවා. හොරු අල්ලනවා.. විබාග පාස් කරනවා සල්ලි දෙනවා බ්ලා බ්ලා බ්ලා...

ඔය වගේ ලෝකෙ තව දාස් ගාණක් උන් එක එක දෙයියො ගැන හිතන් ඉන්නවා..

ඔය හැම එකාම කියන්නෙ අපේ දෙයියො විතරයි ඇත්ත.. තොපේ දෙයියො බොරු කියලා..

දන්නම උදාහරණයක් ගත්තොත් මුස්ලිම් උන්ට අල්ලෙක් නෑ ඕයි කියල බනින උන් පූජාවට්ටි උස්සන් කතරගම යනවා..
ලෝකෙට ඉන්නෙ එක දෙයියයි.. යේක කතරගමල අදාලා නෑ.. අල්ලාහ් විත්තරයි තමා දෙයියා.. කියලා මුස්ලිම් උන් කියනවා..

ඒ කියන්නෙ අපේ උන් විතරයි ඇත්ත අනිත් උන් ඔක්කොම බොරු කියලා දේව ඇදහිල්ලෙ ඉන්න සිංහල දෙමළ මුස්ලිම් ඊජිප්තු හින්දු අරුන් මුන් හැම එකාම එක සමානයි..
 ඉතින් ඔය  දෙයියා ඇත්ත එකෙක් වීමේ සම්භාවිතාව =  1/ ලෝකෙ දේව ඇදහිලි ගණන. ( ලෝකෙ දෙයියො වර්ග 5000ක් ඉන්නවනං කතරගම හෝ අල්ලා හෝ වෙන එකෙක් ඇත්ත වීමේ සම්භාවිතාවය 1/5000)

බොරු එකෙක් වීමේ සම්භාවිතාවය = ලෝකෙ දේව ඇදහිලි ගණන -1 / ලෝකෙ දේව ඇදහිලි ගණන ( ලෝකෙ දෙයියො වර්ග 5000ක් ඉන්නවනං කතරගම හෝ අල්ලා හෝ වෙන එකෙක් බොරු වීමේ සම්භාවිතාවය 4999/5000)

ඒ උනාට කතරගම දෙයියන්ව පිළිගන්න එකෙක්ට කවදාවත් සර්වබලධාරි දෙයියන්වවත් අල්ලාවත් නෑයි කියන්න බෑ..
ඒ වගේම අල්ලාව හෝ සර්වබලධාරි ව පිළිගන්න උන්ටත් කවදාවත් කියන්න බෑ කතරගම දෙයියො නෑ කියලා..

මොකද ඒ හැමෝම තමන්ගෙ දෙයියො ඉන්නව කියල කියන්නෙ අතීතේ ඉඳලා කියපු කතාවක් , සම්ප්‍රදායක්, සාහිත්‍ය මූලාශ්‍රයක් ජනප්‍රවාදයක් මුල් කරගෙන..

මම මේ නිකමට අහන්නෙ.. බැරිවෙයිද කපුවො ටිකට කියලා දෙයියන්ව ටෝක් කරලා  ඒකාබද්ධ විපක්සෙ වගේ ලෝකෙ ඔක්කොම දෙයියො එකතු කරලා ඒකාබද්ධ දේව මණ්ඩලයක් හදලා සාම ගිවිසුමක් ගහල ඔක්කොම උන්ටිකව සේප් කරන් අපේ වැඩ කරගන්න.. එතකොට ඔය දෙයියො අල්ලන් මරාගන්න ඕනෙත් නෑනෙ..

අනේ පීස් දායක සභාව මෙතන නටන්නෙපා අපේ අහවල් එකාට අපහස කරනෝ කියලා.. එහෙම අය ඉන්නවනං බ්‍රාහ්මණ මැවුම්වාදය බිඳින්න බුදුන්වහන්සේ බමුණන්ව බයිට් කරපු හැටි කියවලා එන්න..
අනිත් එක තමයි
ඉන්දියාවෙ උන් හරකට වඳිනවා.. උන්ගෙ දෙයියෙක් කියලා..
ඉතින් උන්ට හරකා දෙයියෙක් උනාට ඌ මට හරකම තමයි.. මම ඌට කියන්නෙ හරක කියලම තමයි..
ඒකට රිදුනා කියල මට කරන්න දෙයක් නෑ..

අනිත් එක තමයි
ඕවට නහයෙන් අඬන්නෙ නැතුව පුළුවන්නං දෙයියො විභාග පාස් කරන විදිහ, දරුඵල ලබා දෙන විදිහ, හොරු අල්ලන විදිහ, වගේ වැඩ කරන්නෙ කොහොමද කියල දේව ෆෑන්ස්ලා අපිව දැනුවත් කරන්න. එතකොට ඒක රටේ ලෝකෙ සංවර්ධනයට යොදාගන්න පුලුවන්නෙ..  ලක්ස්මි සල්ලි දෙනවනං මෙච්චර රස්සාවල් කර කර නහින්න ඕනෙ නෑනෙ.. පූජා වට්ටිය උස්සන් ගියා.. තිබ්බා සල්ලි ගත්තා.. අන්නෙහෙම ලේසි ක්‍රම තියනවනං දැනුවත් කරන්න ෆ්‍රෙන්ස් ඊර්ෂ්‍යා නොකර..
රස්සාවක් කරලා ලස්මිට පූජා තියන්න වගේ කතා, පාඩම් කරලා ඉවර වෙලා විභාග පාස් වෙන්න කතරගම හම්බෙන්න යන කතානං කියන්නෙපා පීස්. ඒවා ගොං නෙ.

ඊළඟ කාරණාව - මම අදේවවාදියෙක් නෙමෙයි.. කාලාම සූත්‍රයෙ තියන විදිහට මම ප්‍රශ්ණ කරනවා. කවුරුහරි කිව්වට පිළිගන්න ඕනෙ නෑනෙ.. ඒක නිසා ඔය දෙයියො කරනව කියන ඒවා සිරාවට වෙනවා කියලා දේවවාදී අය ඔප්පු කරලා දෙන්න මට.. ඔයාලගෙන් නැතුව මම ඒන කාගෙන් අහන්නද ෆ්‍රෙන්ස්..

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

5 comments:

  1. හොද මාතෘකාවක් එත් ඔයාගේ argument එක සාර්ථක නැහැ.

    1. ක්‍රිස්තියානි අයට හෝ මුස්ලිම් අයට අල්ලාහ් හෝ සර්වබලධාරී දෙවියන් ගැන ප්‍රශ්ණයක් නැහැ. ප්‍රශ්ණේ ජේසුස් හා මොහමඩ් ගේ ඉගැන්වීම් වල තියන නොගැලපීම මිසක් අනිත් දෙවියෝ බොරුයි කියන්නේ නැහැ . කොහොමත් ඉන්න පුළුවන් එක සර්වබලධාරී දෙවියෙකු විතරයි.

    2. බෞද්ධ අය සර්වබලධාරී දෙවියෙකු/ මැවුම්වාදී දෙවියෙකු විස්වාශ කරන්නේ නැති නිසා දෙවියන් අදහන්නේ දෙවියන්ට පූජා කරලා උදවු ගන්න අදහසින්. එක හරියට ඇමති කෙනෙක්ගෙන් වැඩක් කරගන්න හදනවා වගේ. ඒ හින්ද කතරගම දෙවියෝ ගාවට යන අයට සර්වබලධාරි දෙයියන්වවත් අල්ලාවත් නෑයි කියන්න බැරි නැහැ .

    3. තමන්ට කරදරයකදී හරි තමාගේ හැකියාවට වඩා දෙයක් කරන්න අවශ්‍ය වෙලාවකට තමාට වඩා බලවත් කෙනෙක්ගේ උදවු බලාපොරොත්තු වෙන එක ස්වාභාවිකයි. මිනිස්සු දෙවියන්ගෙන් උදව් ඉල්ලන එකත් එහෙම තමයි. බෞද්දයෙක් විදිහට එක තේරුම් අරගෙන දෙවියන් අදහන අය ගැන ගැටීමක් ඇති නොකරගෙන අවබෝධයෙන් ජිවත් උනාම ඇති .

    ReplyDelete
  2. ජනවාරි 8 වෙනිද චන්දෙට කලින් මගේ යාළුවෙක් කිව්වා උඹලට දින්නන බැහැ මොකද ලංකාවේ ඉන්නෙ මිලියන උඩ ඉන්න 20 ක් වුණාට කෝටි 33 ක් දෙවියො මහින්දට සපෝට් කියල.

    ReplyDelete
    Replies
    1. වරෙන් මචන් බ්ලොග් වසන්තෙට රත්නපුරේ සැපක් ගන්න හින මවලා ඇඩ්වාන්ස්සල්ලි ගත්ත වැඩ,ඒවා ඉෂ්ඨ කරගන්න ත් පුළුවන්

      Delete
  3. AnonymousAugust 24, 2017 at 3:27 AM

    හොද මාතෘකාවක් එත් ඔයාගේ argument එක සාර්ථක නැහැ.

    1. ක්‍රිස්තියානි අයට හෝ මුස්ලිම් අයට අල්ලාහ් හෝ සර්වබලධාරී දෙවියන් ගැන ප්‍රශ්ණයක් නැහැ. ප්‍රශ්ණේ ජේසුස් හා මොහමඩ් ගේ ඉගැන්වීම් වල තියන නොගැලපීම මිසක් අනිත් දෙවියෝ බොරුයි කියන්නේ නැහැ . කොහොමත් ඉන්න පුළුවන් එක සර්වබලධාරී දෙවියෙකු විතරයි.

    2. බෞද්ධ අය සර්වබලධාරී දෙවියෙකු/ මැවුම්වාදී දෙවියෙකු විස්වාශ කරන්නේ නැති නිසා දෙවියන් අදහන්නේ දෙවියන්ට පූජා කරලා උදවු ගන්න අදහසින්. එක හරියට ඇමති කෙනෙක්ගෙන් වැඩක් කරගන්න හදනවා වගේ. ඒ හින්ද කතරගම දෙවියෝ ගාවට යන අයට සර්වබලධාරි දෙයියන්වවත් අල්ලාවත් නෑයි කියන්න බැරි නැහැ .

    3. තමන්ට කරදරයකදී හරි තමාගේ හැකියාවට වඩා දෙයක් කරන්න අවශ්‍ය වෙලාවකට තමාට වඩා බලවත් කෙනෙක්ගේ උදවු බලාපොරොත්තු වෙන එක ස්වාභාවිකයි. මිනිස්සු දෙවියන්ගෙන් උදව් ඉල්ලන එකත් එහෙම තමයි. බෞද්දයෙක් විදිහට එක තේරුම් අරගෙන දෙවියන් අදහන අය ගැන ගැටීමක් ඇති නොකරගෙන අවබෝධයෙන් ජිවත් උනාම ඇති .

    >>>පට්ට...එකඟ වෙමි...

    ReplyDelete
  4. එතකොට අර වාහන යටින් එල්ලගෙන යන ලයිම් ඇන්ඩ් චිලීස් දෙය්යො?

    ReplyDelete