Friday, August 17, 2018

වාරණය ගෝත්‍රිකය



අදහස් හෝ කලාව හෝ වාරණය, තහනම කියලා කියන්නෙ ගෝත්‍රික මෝඩයො ගන්න ගොං ආතල් එකක්.  උන් හිතන් ඉන්නව මොකක් හරි උන් අකමැති අදහසක් වාරණය කලාම , තහනං කලාම උන්ගෙ මතවාදෙට අම්මටහුඩු අමරණීය පැවැත්මක් හම්බෙයි කියලා. මේ ලෝකෙ අන්තිම මනුස්සයත් වඳවෙලා යනකන්ම උන්ගෙ මතවාදෙ ඔලුව උඩ තියාගෙන ඉන්න හම්බෙයි කියලා.

අනේ බිමට බැහැපන් කරුණාකරලා..!!

 තමන් මාර ලොකුයි කියලා හිතන් ඉන්න ආගමික, දේසපාලනික, සංස්කෘතිකමය හෝ මොනයම්ම හෝ අම්මටහුඩු බඩකඩිත්තුවකට රිදෙනකොට තමයි රජයට හෝ වෙන කාටහරි හෝ අර රිදෙන අදහස වාරණය කරන්න , කරපු එකාව මරාගෙන කන්න හෝ කුණුහර්පෙන් බනින්න හෝ හිතෙන්නෙ.

ඉතින් හොඳට මතක තියාගන්න.. එහෙම වාරණය කරන්න හිතෙන මොහොත තියනව නේද.. එහෙම හිතෙන මුල්ම තප්පරය.. අන්න ඒ තප්පරේදි උඹලා හිතාගෙන ඉන්න අර මහා ලොකු ශුද්ධවූ බඩකඩිත්තුව කුඩුපට්ටම් වෙලා ඉවරයි කියන එක. උඹලා එක්කම උඹලගෙ අදහස් මැරිලා ඉවරයි කියන එක. අර උඹලා වාරණය කරපු එක කොච්චර ගොං පාට් එකක් උනත් උඹලා ඊට දක්වන්නෙ අර වගේ ගෝත්‍රික ප්‍රතිචාරයක් නං ඒක තවදුරටත් ඉස්සරහට යනව මිසක් නවතින්නෙ නෑ කියන එක..



වාරණය කරන්න හිතෙනව  කියන්නෙම උඹලට තවදුරටත් උඹලගෙ අදහස් වලින් උත්තර දෙන්න බෑ කියන එක. උඹලා අදහස් වලින් හිඟන්නො කියන එක..  අර මතවාදෙ උඹලගෙ මතවාදෙට වැඩිය උඩට ආවා කියන එක. උඹලට කවදාවත් ඒක එක්ක තරඟ කරන්න බෑ කියන එක.

ඉතින් ඒ හැම වෙලාවෙම උඹලා පරාදයි...

ඔහොම තමයි  දේව ඉගැන්වීමට පටහැනිව තමන්ගෙ පරීක්ෂණ කරපු නිකලස් කොපර්නිකස්ව ගැලීලියෝ ව හිරේ දාලා වදදෙනකොට,. වාරණය කරනකොට පල්ලිය හිතාගෙන හිටියෙ. හැමදාම ලෝකෙ වටේ ඉර කැරකෙනවා කියලා හැම එකාම විස්වාස කරයි කියලා.

තස්ලිමා ලැජ්ජා ලිව්වට පස්සෙ ඒ ගෑනිව මරාගෙන කන්න හැදුවෙ. ඒ පොතට උත්තර දෙන්න බැරි අදහස් හිඟන්නො දන්නෙ එච්චරයි..

නබි තුමාගෙ කාටුන් එකක් ඇන්දා කියල ප්‍රංසෙ චාලි හෙබ්දෝ පත්තරේට isis උන් බෝම්බ ගැහුවෙ.

පද්මාවතී චිත්‍රපටියෙන් අපහස වෙනවා කියලා දීපිකාගෙ ඔලුවට කෝටි දහයක් දෙනවා කියලා පෝස්ටර් ගැහුවෙ..

කාගෙහරි අදහසක් දැකලා වාරණය කරන්න තහනං කරන්න කුණුහර්පෙන් බනින්න හෝ අදහස දරන එකාව මරන්න හෝ තමන්ගෙ මතය මත ඉඳලා ඒ විදිහටම උත්තර නොදී මර්දනය කරන්න හිතෙනවනං උඹලා අර ත්‍රස්තවාදියො වගේ ගෝත්‍රිකයො විතරයි. ඒවට හුරේ දාන උනුත් එච්චරම තමයි..

හැබැයි හොඳට මතක තියාගන්න අදහස් වලට ප්‍රචන්ඩත්වයෙන් ම්ලේච්ඡත්වයෙන් උත්තර දෙන වාරයක් ගානෙ ඒ අදහස අමරණීයත්වය කරා යනවා කියන එක. !

....

අසංක සායක්කාරගෙ මං කෙලින් මිනිහෙක් නාට්‍යය තහනමට ලක් කර ඇත. දර්ශන වාර අවලංගු කර ඇත.
මට එහෙම නාට්‍යය බලන්න විශේෂ ඕන කමක් තිබ්බෙ නැත.
අවසර දීපු රැඟුම් පාලක මණ්ඩලෙන්ම ඒක තහනමට ලක් කර ඇත.. ඔව් දැන් අනිවා බැලිය යුතුමය.
කලාව ඇතුලෙ තමන්ගෙ නිර්මාණය ඇතුලෙ කලාකරුවා තමයි දෙවියන්වහන්සේ..
ඊට ඉහලින් කවුරුත් නෑ.
ඒකට ඒ විදිහර උත්තර නොදී වාරණය තහනම හෝ ප්‍රචන්ඩත්වය තෝරගන්නවනං ඒ තමන්ගෙ මතවාදය ගැන විශ්වාසයක් නැති , අර මතවාදය හින්දා කන්‍යාභාවය විනාස වෙච්ච, රිදුන , අදහස් වලින් උත්තර දෙන්න බැරි පැරදුන ගෝත්‍රික බූරුවෙක්..
රජය හෝ කවුරු හෝ වේවා..
ඒ ගෝත්‍රික බූරුවෙක්...!!

මිත්‍රවරුනි

අපිට ඕනෙ ලෝකයක්, ප්‍රචන්ඩත්වය , වාරණය , තහනම හෝ කුණුහර්පෙන් බැනීමේ ගොංපාට් වලට යට නොවුන අදහස් වලින් මතවාද වලින් යුද්ධ කරන.. ඒක වෙනුවෙන් එකතු වෙන්න.

කොපර්නිකස්ලා කොහොම හරි එලියට ආවට පල්ලිය නිසා ලෝකය අවුරුදු දහස් ගාණකින් ආපස්සට ගිය බව මතක් කර ගන්න. ත්‍රස්තවාදීන්ට අදහස් ඉස්සරහ තුවක්කු ඉස්සීමට ඉඩ නොදීමට වගබලා ගන්න.. ඔබේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් පෙනී ඉන්න..
මට සුජීවගෙ පොත් පේන්න බැරිය. කියවන්නේ ද නැත. හැබැයි සුජීවගෙ පොත් කවුරුන් හෝ වාරණය කරන්න හදනවානං ඊට එරෙහිව පෙනී හිඳිමි.

එච්චරයි..

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

1 comment:

  1. සම්පුර්ණ ඇත්ත. මොන පිස්සුවක් නටන්න් හදනවද මන්ද

    ReplyDelete