Tuesday, August 21, 2018

කලාව සාහිත්‍යයෙන් පණිවිඩ ??



අම්මී තාත්තී ලොකු අම්මී අනී බලන්නකෝ අනී ඊ මෙව්වා ඉකින් ෂමාජෙට දැයී දලුවන්ට මුකුත් පණිවිඩයක් නෑ අනී..අයියෝ දෙයිහාදුර්වනී.. සීවලං දෙයියනී ඉගෙනගන්නී දියක් ඊකෙන් නෑනී.. අයියෝ ඌවා තානං කලන්නෝනී.. මට මුකුත් තේලුන්නෑනී.. ෂමාජෙට පණිවිඩයාක් නැතීන්දා ඊවා පොතක්වාත් කලා නිල්මාණියාක්වත් නිමීයී....බ්ලා බ්ලා..
සමහර උන් හිතන් ඉන්නව  සාහිත්‍ය හෝ කලා නිර්මාණයක් නං ඒකෙන්  අනිවාර්‍යයෙන් උන්ට උන්ගෙ අම්මටසිරි ජීවිතේ ඉස්සරහට ගෙනියන්න මොකක් හරි පණිවිඩයක් ලැබෙන්න ඕනෙ කියලා. හොඳ දරුවෙක් වීමේ මග, ධනවාසනාව උදාකරගන්නා ආකාරය, ගෝලීය ධනේස්වරයේ තුන්වෙනි කාර්තුව හමුවේ පීඩිත පංතිය නැගීසිටින්නේ කෙසේද  ලොවේ ෂැමා එකම ඩැයේ ඩූ ඩරුවන්ඩ..? වාදම් ඉල්ලෙයි බේදම් ඉල්ලෙයි අලගිය උලහම් නාලෙයි මලහිරදූ,.. වගේ මොකක් හරි මගුලක් උන්ට ලැබෙන්න ඕනෙ කියලා.
ඒ වගේම උන්ට ඒක තේරෙනෙ නැත්තං ඒක වැඩක් නෑ ඒක කලා නිර්මාණයක් නෙමෙයි කියන   බහුබූත මානසිකත්වෙක ඉන්නවා. පණිවිඩයක් නෑනී ඉතින් ඊක වැඩක් නෑනී කියලා නහයෙන් අඬන නිර්මාණෙකත් උඹලට පේන්නෙ නැති මොකක් හරි තියෙන්නත් පුළුවන්.


ඔය පහල තියන චිත්‍රෙ නිකන් බලිබූතයක්නෙ. ඕක තියෙන්නෙ ප්‍රංශෙ ලූවර් කෞතුකාගාරෙ. ඕකෙ නම "රතු
කුරුසය"  එම්මානුවෙල් රූසෝ කියන චිත්‍ර ශිල්පියා ඕක ඇන්දෙ. ආගම හා සමාජ ය අතර ගැටුම නිරූපණය වෙනවලු. වම් පැත්තෙ ඉන්න මනුස්සයට ඇඟිලි තුනක් දැම්මෙ ආගමික දෘෂ්ටිය නිසා යමක් තමන්ටම ස්වාදීනව ග්‍රහනය කරගැනීමේ අපහසුතාවය පෙන්නන්නලු.
ඉතින් දැන් ඕක චිත්‍රය බැලුවම තේරෙනවද.. ඒ වගේම කලා නිර්මාණයක්  අනිවාර්‍යයෙන් තේරෙන්නම ඕනෙ කියල එකක් තියනවද.. නෑනෙ.. ඒක හින්දා උඹලට තේරුනේ නෑ කියලා ඒක නිර්මාණයක් නොවෙන්නෙ නෑ..
මිනිස්සු කලා නිර්මාණ කරන්නෙ එක එක හේතු වලට. ඒකෙන් උඹලා ආස කරන මොකක් හරි එකක් උඹලගෙ ජීවිතවලට ලැබෙනවද නැද්ද කියල එකක් එන්නෙ ඒක  එක එකා කියවගන්න විදිහට. නිර්මාණයක් කරන ඕන කලාකාරයෙක්ට පුළුවන් උඹල වගේ හැම පොතක්ම සිරිත් මල්දමක්, ලෝවැඩ සඟරාවක් හරි හැම චිත්‍රපටයක්ම අලි පැටියෝ ඔයයි මමයි වගේ වෙන්න ඕනෙ කියලා හිතන් ඉන්න උන්ගෙ හිත හැදෙන විදිහට තමන්ගෙ නිර්මාණ කරන්න.
ඒ වගේම තමයි එහෙම මොන මගුලක්වත් නැතුව නිර්මාණයක් කරන්නත් පුළුවන්.
කලා නිර්මාණයක් කියන්නෙ මනුස්සයෙක්ගෙ හිතේ ඇතිවෙන හැඟීම් සංකීර්ණයක්. මම මගේ හිතේ ඇතිවෙච්ච අදහසක් ලියලා දැන් ඒක සින්දුවක් විදිහට ප්‍රමිත් ගනේආරච්චි කියනවා. මං ඒක ලිව්වෙ හැම බම්බුවෙන්ම පණිවිඩ හොයන එක එකාලව පණිවිඩ දෙන්නවත් මේ දුර්දාන්ත සමාජේ සුකොමාල එකක්වත් කිරීමේ පරම පවිත්‍ර අකලංක චේතනා මගුලකින් නෙමෙයි. මගේ ආතල් එකට. කවුරුහරි එකෙක් මොකක් හරි කරලා ඒකෙ පණිවිඩයක් හොයාගත්තත් ඇත්ත ඒකයි..එ උනාට ඒකෙන් ඒම පණිවිඩයක් දෙන්නෙ නෑ.. දැන් උඹල කියන්නෙ ඒක සින්දුවක් නෙමෙයි කියලද..
එතකොට උඹලා හිතාගෙන ඉන්නෙ මනුස්සයෙක්ගෙ හිතේ ඇතිවෙන්න පුළුවන් උඹල වගේ උන්ට ජීවිතේට සමාජෙට පණිවිඩ දෙන්න ඕනෙ හැඟීම් විතරයි කියලද..
ඒක හින්දා හැම කලා නිර්මාණයකින්ම පණිවිඩයක් හෝ මොකක් හරි අම්මටහුඩු මෙව්වා එකක් වෙන්නෝනෙ කියලා හිතාගෙන ඒවා බලලා කියවලා අහලා ඉවරවෙලා උණ්ඩුකපුච්ඡය පොලේ ගහගෙන නහයෙන් අඬලා තේරුමක් නෑ.
උඹලා කැමති එව්වා විතරක් හෝ අම්මටහුඩු පණිවිඩ දෙන එව්ව විතරක් කලා නිර්මාණ වෙන්නෙ නෑ.
ඒ වගේම තමයි ඔය දෙනවයි කියන පණිවිඩත් එක එකාට සාපේක්ශයි. උඹලට මාමේරු පරුවතේ වගේ ලොකු මෙව්ව එකක් මට ඒම මෙව්වා එකක් නොවෙන්න පුළුවන්. ඒ වගේම උඹලා අනී ඊකේ මුකුත් නෑ අම්මී.. පණිවිඩයක් තියෙන්නත්. නැතිවෙන්නත් පුළුවන්. නැතිවුනා කියලා ඒක තහනං කරන්නවත් උන්ව මරාගෙන කන්නෝනෙවත් නෑ. ආයෙත් කියනවා උඹලට ආස ඒවා කරන්න කියල එකක් නෑ.. උඹලා කැමති උඹලට තේරෙන ඒවා විතරක් කලා නිර්මාණ වෙන්නෙත් නෑ.. ඕනම එකක මොකක් හරි එකක් තියනවා. ඒක ලැබෙන්නෙ එක එකාට සාපේක්ෂව.
උඹලට පණිවිඩ බලාගන්න ඕනෙනං තැපෑලෙ ජොබ් එකක් හොයාගනින්. නැත්තං දෙසීයක් ඇඩ් කරලා වට්සැප් ගෲප් එකක් හදාගෙන උදේ ඉඳන් පණිවිඩ බලහන්.
( ප.ලි - ඔය චිත්‍රෙ මොකෙක්ගෙවත් එකක් නෙමෙයි. එම්මානුවෙල් කියන්නෙ ප්‍රංසෙ ජනාධිපති , රූසො කියන්නෙ ප්‍රංසෙ හිටපු දාර්සනිකයා. මම පෝං එකෙන් ඇඳලා එඩිට් කලේ රාමුවකට. )
#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

2 comments: