Saturday, August 18, 2018

මාජ්ජවේජීන්, කීත් නොයාර්, මහින්ද රාජපක්ස


මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීම සම්බන්ධ පරීක්ෂණයට අදාලව  cid එකට කටඋත්තර දීලා එලියට ආවම මීඩියා වලින් මහින්ද රාජපක්සගෙන් ප්‍රශ්ණ කරනවා.

කරූ ජයසූරිය මහින්දට කෝල් කරලා කියපු හින්දා මහින්ද රාජපක්ස අදාල පැහැරගෙන ගිය පාර්ශවයට කතා කරලා කීත් නොයර්ව නිදහස් කලාද කියලා..

ඒක මතක නෑ කියලා ආයෙ මහින්ද රාජපක්ස කියනවා..

" නිදහස් වෙලා යන එක වරදක්ද..?? "

 කියලා CID නිලධාරීන්ගෙන් එයා ඇහුවලු
.

දැන් ඔතන හිටපු මාධ්‍යවේදීන් කියලා කියාගන්න එකම එකෙක්ටවත් බැරි උනා අහන්න.

නිදහස් කලා කියල කියනව නං ඔබතුමා ඒ පැහැරගැනීම ගැන දැනුවත්ද..?

දැනුවත්නං ඔබතුමා පැහැරගෙන ගිය පාර්ශව එක්ක ඔබතුමාගෙ තියන සම්බන්ධය මොකක්ද..?



රටේ සිවිල් පුරවැසියෙක්ව සුදුවෑන් එකකින් පැහැරගෙන ගිහින් පහරදීලා ඝාතනයට තැත් කරන තරමේ බරපතල සිදුවීමක් උනාට පස්සෙ ඔබතුමා රටේ ජනාධිපති විදිහට නීතිය ක්‍රියාත්මක නොකලේ ඇයි..

ඊට පස්සෙ ඒ සිද්දියට නීතිය ක්‍රියාත්මක කරන්න කියලා එල්ලවුන බලපෑම් වලට ඇහුම්කන් නුදුන්නෙ ඇයි..

එතකොට කරූ ජයසූරිය මහින්ද රාජපක්ෂට කෝල් කලා කියලා කියන්නෙ බොරුද..

රටේ සිවිල් පුරවැසියෙක්ව පැහැරගෙන යාම,  මරණයෙන් ගැලවීමට එකම හේතුව රාජ්‍ය බලය යෙදීමට සිදුවීම, තරමටම එතුමාගේ පාලන කාලයේ තිබුණ නීතියේ ආධිපත්‍යයේ බිඳවැටීම ගැන හිටපු ජනාධිපති විදිහට කියන්න තියෙන්නෙ මොකක්ද..

ඇරත් මේ හා සම්බන්ධ විශාල සිදුවීම් ප්‍රමාණයක් ,ඝාතන පැහැරගෙනයාම් රැල්ලක් මාධ්‍යවේදීන් හා සිවිල් පුරවැසියන් ඉලක්ක කර සිදුවෙද්දි එතුමා ඊට නීතිය ක්‍රියාත්මක නොකලේ ඇයි..

වගේ ප්‍රස්ණ..

උන්ට තිබ්බ ලොකුම ප්‍රස්නෙ

අනී ජනාධිපතිතුමා උබවාන්සී වගී ස්‍රේස්ටෝත්තමයෙක්ටේ මී වගේ ප්‍රස්ණ කරන එකින් සිත ලිදුනද අනා...

වගේ ගොංපාට්

ඊට පස්සෙ උ ඔක්කොම කලේ අර දහයට නිදාගන්නෙ නෑ කියපු කතාවට හැක හැක ගාපු එක විතරයි.

ඔන්න ඔහොමයි තමන්ගෙම වෘත්තීය සගයෙක්ව පැහැරගෙන ගිහින් අනූනමයක් මරණයෙන් ගැලවුන එක ගැන  තොරතුරු වාර්තාකරන මාධ්‍යවේදීන් කියාගන්න උන්ගෙ තත්වෙ.
එතකොට රටේ මාධ්‍යවේදියෙක්ට තරම් සිවිල් බලයක් නැති වෙන මනුස්සයෙක්ට ඔහොම උනොත් එහෙම ඔය අපක්ෂපාති අම්මටහුඩු ජනමාධ්‍යවේදීන් වැඩ කරන්නෙ කොහොමද කියලා හිතාගන්න පුලුවන්නෙ.

ඒ වගේම ඊළඟ දේ..

හොඳට මතක තියාගන්න..

කීත් නොයාර් ගුටිකාලා මරණෙන් බේරුනේ  කරූ ජයසූරිය වගේ රටේ සිවිල් බලයක් තියන මනුස්සෙක්ට කෝල් එකක් දෙන්න පුළුවන් කමක් තිබ්බ හින්දා..

අපි වගේ එකෙක්ටනං තාම අපේ ගෙවල් වල උන් හංදි ගානෙ අතුරුදන් වෙලා අවුරුදු එද්දාස් පන්සීයයි කිය කිය පොටෝ උස්සන් පහන් පත්තු කරනවා කියන එක..

( තමන්ගෙ ජීවිතේ උගසට තියලා වැඩකරන මාධ්‍යවේදීන් ඉන්නව. කරුණාකරලා උන්ගෙන් අර ජඩමාද්‍යවේදීන්ව වෙන් කර ගන්න )

  - චමල් අකලංක පොල්වත්තගේ

No comments:

Post a Comment