Thursday, November 8, 2018

පාර්ලිමේන්තුව මොකටද



දැං බහුතරේ කැමැත්ත තියනවා කියලා ජනාධිපති හිතන කෙනානං අගමැති වෙන්නෙ,
ඒකට පාර්ලිමේන්තුවේ බහුතරේ පෙන්නන්න ඕනෙත් නැත්තං,
ජනාධිපති උත්තමයට එහෙම හිතෙන හිතෙන වෙලාවට අගමැති වෙනස් කරන්නත් පුළුවන්නං..

 පාර්ලිමේන්තුව කැඳෙව්වා කියලා හෝ ඡන්දෙකට ගියා කියලා වෙනසක් වෙන්නෙ නෑනෙ..

ඒ තර්කෙන් බලනකොට පාර්ලිමේන්තුව කැඳවලා ජවිපෙ බහුතරේ පෙන්නුවත් ( හරි නිකමට එහෙම හිතමු ) අනුරට අගමැති වෙන්න බෑ..



ඊළඟ දවසෙ බහුතරේ තියෙන්නෙ රෝහිත අබේගුණවර්ධනට කියලා හිතිලා අගමැතිකම දුන්නා කියලා සිරිසේන කිව්වොත් එපා කියන්න බෑනෙ..

පාර්ලිමේන්තු ඡන්දයක් තියලා ඡන්දෙන් ඒකාබද්ධ විපක්සෙ දිනලා බහුතරේ පෙන්නුවා කියමුකො.

පහුවෙදා ජනාධිපතිට හිතුනොත් බහුතරේ තියෙන්නෙ රිසාඩ් බදුර්දීන්ට කියලා ඌට අගමැතිකම දෙන්නත් පුළුවන්.

ඉතින් මං කියන්නෙ දැන් ඡන්ද තිබ්බත් නැතත් තේරුමක් නෑ.

ඕකෙ ගැඹුරටම ගියොත් එහෙම බහුතරේ පෙන්නන එකෙන් හැඟවෙන්නෙ ජනතා පරමාධිපත්‍යය නං.,
බහුතරේ පෙන්නුවා කියලා අගමැති පත්වෙන්නෙ නෑ කියන්නෙ මිනිස්සු එක පැත්තකට බහුතරයක් දෙන එකේ තේරුමක් නෑ කියන එකනෙ. ඒ කියන්නෙ ජනතා පරමාධිපත්‍යයෙන් වැඩක් නෑ කියන එකනෙ.

දිගටම හිතලා බැලුවම බහුතරේ තිබ්බත් නැතත් ජනාධිපතිට හිතෙන ඕනම වෙලාවක අගමැති සහ කැබිනට් එක වෙනස් කරන්න පුළුවන්නං ඇයි යකෝ ඡන්දෙකට යන්නෙ..
ඔහොම්මම කල් දදා ( කැඳෙව්වත් තේරුමක් නෑනෙ ) සිරිසේනට හිතෙන එකෙක් අගමැති කරගෙන මේක දිගටම කරගෙන යන්නනෙ තියෙන්නෙ.

#ඔබදඅගමැතිමමදඅගමැති

1 comment: