Wednesday, October 28, 2015

තොණ්ඩුව දමා ගත යුත්තේ කවුද..??





හමුදාවේ සාජන්ට් වරයෙක් අවුරුදු 5 ක දරුවෙකු බෙල්ල කපා මරා දමා තවත් 7 දෙනෙකුව ඒ සමගම මරා දැමූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ඔප්පු වී මරණ දඬුවම නියම විය..
.
මේ ලංකාවේ දරුවන්ට ආදරේ කරන උතුම්., මාර සංවේදී., සුපිරි ජනතාවගෙන් විශාල පිරිසකගේ හිතට දැනුණු සංවේදී අදහස් කිහිපයකි.....
.


අර සාජන්ව පෝරකේට ගෙනියන්න හදන්නෙ...
තොපි එකෙක්වත් මේ ලෝකෙ නෑ යකෝව් ඒ මිනිස්සු නැත්තං..
හොඳවැඩේ ඕකුන්ව මරපු එක ඒ මිනිහා..
ඕක මහලොකු දෙයක් යෑ...
අපේ වීරෝධාර හමුදාව යකෝ.....
කොටියට ගැතිකම් කරන පඹ ආණ්ඩුව..
.
මේ තිබෙන්නේ සේයා දැරිය ඝාතනයෙන් පසු ඉහත සංවේදී ජනතාව විසින්ම දෙන සංවේදී අදහස්ය..
.
ඔය පර බල්ලව එල්ලන්න ඕනෙ..
පාහර යක්කු..
ආණුඩුව බුදිද..
මරණ දඬුවම ගෙනෙව්..
කොණ්ඩයා එල්ලපිය..
17 පොඩි එකාව උල තියපිය..
ආහ් සොරි.. කොණ්ඩයගෙ අයියට රජ කාළේ දඬුවම් දීපිය...
..
ලංකාවෙ මිනිස්සු හරි වෙනස් කියල අර මොකක්ද add එකක කියන්නෙ නිකන්ද..
.
මේකත් බලන්න..
,
සාරුවා සුනිල් අවුරුදු 14ක දැරියක් දූෂණය කිරීමකට සැකකරු වී තවත් කාන්තාවන් 100ක් සමග යහන්ගත වීම පාටි දා සැමරූ ප්‍රසිද්ධ දේසපාලකයෙකි..
ඔහුව එල්ලන්න කී දෙනෙක් උද්ගෝසනේ කොළාද..??
ඔහුගෙ ගේ ගිනිතියන්න කී දෙනෙක් ගියාද..??
ඔහුව මරන්න කියා ටීවී එකේ වොයිස් කට් දුන්නේ කවුද..??
.
කොටකෙතන ඝාතන වලට සම්බන්ධ උන්ට උදව් කළ ප්‍රසිද්ධ දේසපාලුවාව දේසපාලනයෙන් එලවන්න ඔය උද්ඝෝසනේ කළ කස්ටිය නාවේ ඇයි..??
ඇයි කොටකෙතන මැරුණෙ පිටසක්වල ජීවියොද..??
.
ළමා අපචාරෙකට වැරදිකරු වෙලා යන්තම් බේරිච්ච ප්‍රසිද්ධ පොරගේ දේසපාලන ජීවිතේ බේරගන්න හාන්දුරුවො පවා පාරවල් වසා උද්ඝෝසනේ කොරන්නේ ඇයි..?? 
.
අපෙ මිනිස්සු කොච්චර අන්තවාදීද කියන එක අමුතුවෙන් අපිට තර්ක කරලා විසඳගන්න දෙයක් නොවන බව පැහැදිලිය,,..
එක්කො ධනය බලය හමුවේ අන්තවාදී වෙයි..
එක්කෝ වාසිය හමුවේ අන්තවාදී වෙයි..
එහෙමත් නැත්තං ආගම හෝ ජාතිය හමුවෙ අන්තවාදී වෙයි...
.
දෙමළ දරුවා අව්ලක් නැත සේයා පව් ය..
සාජන්ට් වීරයා ය.. කොණ්ඩයගෙ අයියා තිරිසනාය..
කොණ්ඩයගෙ අයියව එල්ලන්න කොටුව ස්ටේසම වට කරයි..
අර දූසක දේසපාලුවාව පාර්ලිමේන්තු යැවීමටත් කොටුව ස්ටෙසම වට කරයි....
.
ඔන්න ඔහොම ජාතියක් තමයි රටේ අපචාර නවත්තන්න,., රට සංවර්ධනේ කොරන්න කෑ ගාන්නෙ..
මිනී මැරුම් නවත්තන්න කෑ ගාන්නෙ..
.
තොණ්ඩුව දමා ගත යුත්තේ කවුද..?? ඔබම තීරණය කරන්න

1 comment: