Friday, August 11, 2017

රවීගේ නිවසට විශේෂ ආරක්ෂාවක්

====

කෝට්ටෙන් එන ආරංචි මාර්ග ප්‍රකාශ කලේ මේ වන විට ‍රවීගේ ඉල්ලා අස්වීමෙන් පසු පවත්වන speech of the window හෙවත් ජනෙල් පඩියේ දේශණය සඳහා සියල්ල සූදානම් කර ඇති බවයි. ඉල්ලා අස්වීමෙන් පසු සිය ගම වෙත පැමිණෙන ‍රවී මහතාගේ  නිවසට විල්පත්තුවෙන් ආනයනය කරන ලද ලුණුමිදෙල්ල ජලෙන් පඩියක් යතු ගා වැලිකඩදාසියෙන් මැද තීන්ත ආලේප කර නිවසේ ඉදිරිපස සවිකර ඇති ආකාරයක් අපට දැකගන්නට පුළුවන්..

රවී ප්‍රකාශකයෙකු සඳහන් කළේ මේ එල්ල කරන බොරු චෝදනා ඔහුගේ කෘතහස්ත දේසපාලන ජීවිතය අඳුරු අගාධයකට ඇද දැමීමේ අරමුණින් රාජපක්ස හිතවාදීන් හා ආණ්ඩුවේම කුමන්ත්‍රණකරුවන් විසින් ගෙනයන වැඩපිළිවෙළක් බවට විශේෂ හෙලිදරව්වක් කිරීමට රවී මහතා බලාපොරොත්තු වන බවයි..



එතුමාගේ දුවණිය විසින් මේ වන විට..

යදමින් බැඳ විළංගු ලා මගේ ඩැඩී රැගෙන යන්න
කොමිශන් ගෙන ප්‍රශ්ණ අසා - දෙතිස්වදය පමුනුවන්න
බැඳුම්කරය ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්
ඔහු විතරද කෝ රනිලා ඇලෝසියස් මහේන්ද්‍රන්..??

ආදී ගී කියමින් නිවස ඉදිරිපිට අට්ටාලයක් ගසා ඔන්ලයින් හඬා වැලපෙන බවත් පෙනී යයි..

රවී මහතාගේ නිවස හා ඒ අවට ප්‍රදේශය මේ වන විට රවී පාක්ෂිකයන්ගෙන් අතුරු සිදුරු නැතිව පිරී ගොස් ඇති අතර..
අසෝක් ලේලන්ඩ් බස් රථ කුලියට ගෙන රවී බැලීමට සිංගප්පූරුව ආදී දුර බැහැර රටවල් වලින් පවා දහස් ගණනින් මහජනතාව ඇදී එමින් තිබෙනවා...

අවර් ‍රවී
ප්ලීස් ඩෝන්ට් ගෝ රවී අප්පච්චී
යූ ආර් අවර් රවී
කම් අගෙයින් රවී

ආදී පුවරු ඔසවා කෑගසන ආකාරයක් දකින්නට පුළුවන්..
මේ අතර

කෝට්ටේ පුරා..

ඔබයි අපට රවී
රවී හුළඟ
රවී සමග නැගිටිමු
බැක් ටු රවී
රට වෙනුවෙන් රවී
රවී යුගයක් කරා
මරලා හරි ඉන්න තිබ්බනේ..
පක්ස නායකකමට ඉල්ලමු රවී ඩැඩී
පැරදුනේ අපියි රවී

ආදී කසු කුසුවක්ද යන්තමින් අසන්නට ලැබෙනව..

රවීගේ දේශණය ඇසීමට රවී අප්පච්චිගේ ක්‍රිප්ටෝනියානු පුතා සුපර් මෑන් ඇතුළු පවුලේ සැම, ඇස්ගාඩ් වලින් තෝර් ලෝකි ඇතුළු පවුලේ සැම , ඔලිම්පස් වලින් සියුස් ඇතීනා ඇතුළු දේව මණ්ඩලයද අඟහරු බ්‍රහස්පති ඇතුළු ග්‍රහලෝක වලින් හා ෆොක්සිමා සෙන්චූරි මන්දාකිනියෙන්ද පිටසක්වල ජීවීන් පැමිණ ඇත. ඔවුන් පැමිණි පිටසක්වල යානාවක් අනතුරට පත් වීම නිසා රවී මහතාට වඩා ගැනීමට බබාලා දීමට පෝලිමේ සිටි මියා කලීෆා හා ලීසා ඈන් නම් මව්වරුන් දෙදෙනෙක් රෝහල් ගත කර ඇති බවට වාර්තා වේ.. බබාලා නිරුපද්‍රිතව බේරා ගෙන ඇත.

නිවස අවට පොත් හල් වලට දැඩි පොලිස් ආරක්ෂාවක් දී ඇති අතර

ප්ලැටිග්නම්
කෝට්ටේ නගරසභා සිතියම්
අඩිරූල්
පැන්සල්

ආදී ලිපි ද්‍රව්‍ය හා උපකරණ කොල්ලකෑම් කිහිපයක්ම වාර්තා වී තිබෙනවා..

රවී නිවස අවට ටෝනාඩෝ තත්වයක් ප්‍රකාශ කර ඇති අතර.. පරිසරයේ අඳුරු වීම්.. රවී නිවස පිටුපසින් එක්වරම හිරු සැඟවීම. හෘදයාබාධ.. විදුලි කෙටීම.. පාක්ෂිකයන්ට උදරාබාද වමනය හිස කැක්කුම පාචනය හා කක්කල් කැස්ස තත්වයන්ද වාර්තා වන බව රෝහල් ආරංචි මාර්ග පවසනවා..

මේ අතර රවීගේ ඉල්ලා අස්වීමෙන් ප්‍රීතියට පත් විපක්ෂ ක්‍රියාකාරිකයෙකු විසින් "යහපාලනය දිනේවා.." කියා පුවරුවක් ඔසවාගෙන ‍යට ඇඳුම පමණක් හැඳ ගාලු කොටුවේ වැහි නැටුම නැටීමට සූදානම්ව සිටින අතර එය සජීවීව විකාශය කිරීමට සියලු කටයුතු සූදානම්ව පවතී..

ස්තුතියි

 විශේෂ අවස්තා සමග #චමලේnews සමගින් නැවත හමුවෙමු

#අකලංකාරය
-චමල් අකලංක පොල්වත්තගේ

( පැරඩි )

7 comments:

  1. යදමින් බැඳ විළංගු ලා මගේ ඩැඩී රැගෙන යන්න
    කොමිශන් ගෙන ප්‍රශ්ණ අසා - දෙතිස්වදය පමුනුවන්න
    බැඳුම්කරය ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්
    ඔහු විතරද කෝ රනිලා ඇලෝසියස් මහේන්ද්‍රන්..??

    ++++++++++++

    ReplyDelete
    Replies
    1. බල්ලො හුකන්නයි අපි ගුටි කන්නයි වුවත් දෙලොව රත්වී පැත්ත මරුවෙනකොට, ලෝකේ තියන ඔක්කොම mental Disorder හැදෙනවා ......සුභ ගමන් ලොක්කා

      Delete
    2. ඉයන් දැන් අපායේ ඉන්න අම්මලාටත් හුකන්න ඇඩ්වාන්ස් ගන්නවාද? එකතු කරගනින් සල්ලි ටික පරපොෂිතයෝ. ඊළඟ සම්මාන උළලේදී අනික් එවුන්ට බොන්න අරන් දීලා අපායට යන්න හරි කෙටි මාර්ගයක් අහගන්න/ බලාගන්න පුළුවන් නේ. අපිත් එන්නම් එදාට බොන්න අපේ බෝතල් අරගෙන උඹ බයිට් එකට ලෑස්තිවෙලා වරෙන්.

      Delete
  2. :) ගාලු කොටුවේ සීන් එකත් ලයිව් දෙන්න පීස්.. 😁

    ReplyDelete
  3. This thing very sad thing hapan histry. We tru sorry about what hapan to ministar. Ministar is good and skill person. He is world goodest money ministar. He like person no joint to bank bond cheat. We must pray god to ministar to escape.

    ReplyDelete
    Replies
    1. Mista Ratathota, ples rite abovut thys Ministar problam. god bles!

      Delete