Wednesday, April 25, 2018

අධිරජ දර්මාසෝක

අධිරජ දර්මාසෝක කතාවෙ

අසෝකා සූර අසෝකා ඡන්ඩාසෝකා වෙලා කාලිංග යුද්දෙ දිනලා පස්සෙ බණ අහලා ආයෙ ධර්මාසෝකා වෙලා ඒ කතාවෙ දෙවනි කොටස "අධිරජ ධර්මාසෝක 2 සසුන්ගත මිහිඳු " කතාවෙ මිහිඳු මහරහතන් වහන්සෙ ලංකාවට ඇවිල්ලා තිස්සට බණ කියලා ඔහොම්මම තිස්සගෙ ඉඳන් දුටුගැමුණුලා පරාක්‍රමබාහු ලා දඹදෙනිය යාපහුව කුරුණෑගල ගම්පොල කෝට්ටෙ පහුකරන් පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි සීන්, නුවර යුගෙන් පස්සෙ බ්‍රිතාන්‍යට යටත් වෙලා ඡන්ද බලේ හම්බෙලා නිදහස අරගෙන ඩී එස් අගමැති වෙලා බණ්ඩා ඇවිල්ලා මැතිණි ඇවිල්ලා ජවිපෙ කැරලි ගහලා ජේආර් ප්‍රේමදාස ප්‍රබාකරන්ගෙ සීන් පෙන්නලා.. අප්පච්චී යුද්දෙ දිනලා ආණ්ඩු කරලා පැරදිලා සිරිසේන ජනාධිපති වෙලා රනිල් අගමැති වෙච්ච සීන් එක පෙන්නන දවසට...

නිව්ස් හෙඩ් ලයින්ස් යනවා.

"එක්සත් ජාතික පක්ෂයේ ශ්‍රේෂ්ඨ උත්තරීතර නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් සීගිරියේ සවි කරන ලද පිටසක්වල අභ්‍යාවකාශ විදුලි සෝපාන සංකීර්ණයේ සිට ඇන්ඩ්‍රෝමිඩා චක්‍රාවාටයේ එක්සත් තරුණ සමුළුව අමතමින් කල විශේෂ කතාව මීළඟ පුවත් විකාසයෙන් බලාපොරොත්තු වන්න...."

#අකලංකාරය
- චමල් අකලංක පොල්වත්තගේ

No comments:

Post a Comment