Tuesday, October 30, 2018

අතිගරු ජනාධිපතිතුමනි..!!




 #ඔබදඅගමැතිමමදඅගමැති වැඩසටහන සඳහා ඉදිරිපත් වීම සම්බන්ධයෙන්

ඇත්තටම මේ මොහොත වන විට මම ඉතාම ව්‍යාපාර තත්වයකට පත්ව සිටිමි. ( edited 01 - අහ් සමාවෙන්න ව්‍යාකූල තත්වයකට.  මේ දවස් වල එහාට මෙහාට එකතු වෙන්න මිලියන් ගණන් වලින් එන ආරාධනා නිසා පැටලුනා.)

පෙර ජනාධිපති අපේක්ෂකකම බාර ගන්නැයි කී ලෙසින්ම චමල් අගමැති උනානං හරියි කියා යම් යම් යෝජනා සහ අදහස් සහ ඉල්ලීම් එකදිගට මා හට එල්ල වෙමින් පවතියි.

එමෙන්ම



අපේ නිවසේ කෑම මේසයේ ආසන 8 ක් , අම්මාට දෑවැද්ද සඳහා ලබා දුන් සෝෆා සැටියේ දිග පුටුව සමග ආසන 4 ක් , වේවැල් ආසන 3 ක් ( එකක වේවැල් කැඩී ඇත. ලෑල්ලක් දමා භාවිත කල හැක ) , අවශේෂ කාමර වල ඇති පුටු 3ක් සහ තාත්තාගේ හාංසි පුටුව , සමග අපේ නිවසේ ආසන 19 ක් ඇත. කුස්සියේ පැරණි හිරමණයේ ඉඳගත හැකි නිසා එය පුටුවක් ලෙස ගණන් ගන්නේනම් එයත් සමග ආසන 20 ක් ඇත.
මේ අතර මාගේ මිතුරන්ගේ නිවෙස් වලින් තවත් ආසන 50 ක් එකතු කර ගත හැකි අතර නැසීගිය M V ඇසිලින් නෝනා උපාසිකා මාතාවට පිං පිණිස ඇගේ පුත්‍රයා විසින් ලබා දුන් ප්ලාස්ටික් පුටු 50 ක් ලබා දීමට මරණාධාර සමිතියේ සභාපතිතුමන් එකඟ විය.

ඒ සියල්ල සමග ආසන 120 ක බහුතරයක් මා සතුව ඇත. ( හිරමණය නොමැතිව 119 යි )

නමුත් හදිසියේ මේ ලිපිය මම ඔබතුමාට ලියා සිටින්නේ , සිංහල ව්‍යවස්ථාවට අනුව  චමල් අකලංක පොල්වත්තගේ වන මා හට බහුතරයක් පවතියි යැයි හදිසියේ ඔබ තුමන්ට හැඟුනහොත් අගමැති ධූරය සඳහා මා පත් නොකර සිටින ලෙස දන්වා සිටීමටයි.
පවත්නා තත්වය අනුව මේ මස ලැබිය යුතු NGO ඩොලර් නොලැබීම නිසා අගමැති ධූරය වැනි භාරධූර තනතුරක වැඩ රාජකාරි කිරීමටත් එය පවත්වාගෙන යාමට අර ආසන මත පශ්චාත්භාග තබා ගැනීම වෙනුවෙන් ගෙවීමට තබා මරණාධාර සමිතියෙන් පුටු ටික ගෙනත් දෙනවාට ඩීමෝ බට්ටාට දීමට රුපියල් 500 ක්වත් වත්කමක් නොමැති බැවින් කාරුණිකව අගමැති ධූරය ප්‍රතික්ෂේප කරමි.

ස්තුතියි
ඔබේ යටහත් පහත් රටවැසි
චමල් අකලංක පොල්වත්තගේ..
.
.

Edited 2 -
සමාවෙන්න ජනාධිපතිතුමා 10 න් පස්සෙ ගුවන් තැපෑලෙන් ලියුමක් එවලා නින්ද කැඩුවනං.. ඒ මං ගැන නෙමෙයිලු කියලා තියෙන්නෙ.  චමල් රාජපක්ස ගැනලු.  😒😒

ස්තුතියි
සුබ රාත්‍රියක්

1 comment: