Wednesday, August 2, 2017

බැඳුම්කර ගීතය


== ==

" ආයෙත් වරක් "  ගීතයේ තාලයට ගායනා කරන්න
.

හිටියානං මටත් ඩේසි ආච්චී වගෙ කෙනෙක්
මට නෑ මේ වගේ අමතක වෙන්නේ..
එක කුටියකත් මගෙ මොළේ නෑ බැඳුම්කරේ..
අර කොමිසමෙන් ඇහුවමුත් හොරකමක් වගේ...

ආයෙත් වරක් මට වඩා ලොකු හොරෙක්
හමු වේවා කියා ඔබට මා පතනවා....//

කාලෙකින් ඇමතියෙක් වූ නිසා
බැඳුම්කරේ නොදැනීම පැන්නුනා..
තේරුනේ මට කෙලවුනා කියා
ඇලෝසියස් දීපු ගේ දුටු නිසා....

එක කුටියකත් මගෙ මොළේ නෑ බැඳුම්කරේ..
අර කොමිසමෙන් ඇහුව‍මුත් හොරකමක් වගේ..
ආයෙත් වරක් මට වඩා ලොකු හොරෙක්
හමු වේවා කියා ඔබට මා පතනවා....

පක්ෂයේ යළි මුදල් නැති වෙලා
තේරුනොත් මම ඉස්තරම් කියා...
මහබැංකුවේ දොරගුලු කඩා දමා
ආයෙමත් ඔබ එන්න මා සොයා..

එක කුටියකත් මගෙ මොළේ නෑ බැඳුම්කරේ..
අර කොමිසමෙන් ඇහුවමුත් හොරකමක් වගේ...

හිටියානං මටත්....


#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

1 comment: