Monday, June 4, 2018

සෙක්සි කෙල්ලෙක් දැක්කම බලනවා තමයි.. ඉතින් මොකක්ද කියන්නෙ.

ඇත්තටම සාමාන්‍යයෙන් පිරිමි ස්වභාවිකවම විරුද්ධ ලිංගිකයන්ට ආකර්ශනය වෙනවා.. ඉතින් එහෙනං  එහෙම ලස්සනට ආකර්ශනීය විදිහට කාන්තාවො අඳිනවට පළඳිනව  කැමති වෙන්න ඕනෙනෙ.. හැබැයි අපේ බොහෝ අය පවතින සංස්කෘතික රාමුව එක්ක සමාජයට නිරූපණය කරන්නෙ, කියන්නෙ " අනී ඊක නරකායි බඩුව.. අරක පේනවා මේක පේනවා බ්ලා බ්ලා බ්ලා.."

එහෙම කියන්නෙ ඇත්තටම සංස්කෘතික ප්‍රශ්ණයක් හින්දද..

නෑ එහෙම එකක් නෑ..

ඔය සංස්කෘතිය ඉස්සරහට දාගෙන එහෙම බනින කෑගහන ඔක්කොම උන්ට තියෙන්නෙ එහෙම තමන්ගෙ සමාජ කණ්ඩායම අයිති සංස්කෘතිය හෝ සභ්‍යත්වය නැතිවීම නිසා උපන් අම්මටහුඩු බූමිකම්පාවක් නෙමෙයි..

උන්ගෙ තක්කඩිකම ඔය..

ඇයි ඕකුන් ඕවා දිහා බලන්නෙ නැද්ද.
මල පෙරේතයො වගේ ලින්ක් හොය හොය යන්නෙ නැද්ද.. පිටරටවල් වල හදන පෝර්න් වීඩියො බලන්නෙ නැද්ද කරන තරමක් තක්කඩි වැඩ කරන්නෙ නැද්ද..
එතකොට තනියම බලලා කරගන්න ඕනෙ ඔක්කොම ඒවා ටික කරගෙන අනිත් උන්ට අබිදර්මෙ දේසනා කරන්න එන්නෙ ඇයි..

වෙන මොකක්වත් නෙමෙයි තියන තක්කඩිකම..

ඌට අනුව සංස්කෘතිය කාපු වේස බඩුවගෙන් ඌට ආතල් එකක් ගන්නත් ඕනෙ. හැබැයි ඌ එහෙම ඒවට අනුබල දෙනවා කියලා ලෝකෙට පෙන්නන්නත් බෑ.. අනී ඊවා වැරදියි අනී බලන්න අක්කලා නංගිලා මං සංස්කෘතිය ගැන හිතනවා.. පතිවත ගැන හිතනිවා. කාන්තාවට ගරු කරනා අම්මටහුඩු සද්දාවන්තයෙක් කියලා ලෝකෙට පෙන්නන්නත් ඕනෙ..

ඔන්න ඕය ඌ ඌට අනුව ආතල් එක අරන් ලෝකෙට පේන්න බොරුවට පොර වෙන එකට තමයි තක්කඩිකම කියන්නෙ.

නැතුව ඕකුන්ට රැකගන්න ඕන සංස්කෘතියක් නෑ.

ඊළඟ එක ලිංගික කුහකකම. හරි සරලයි. ඔය කෑගහන නටන එකෙක්ටවත් ඔය වගේ ලස්සන කාන්තාවකගේ ආශ්‍රයක් ලැබෙන්නෙ නෑ. උන්ට ඒක හීනයක්. එක්කො එහෙම කාන්තාවක් එක්ක මූණ බලාගෙන කතා කරන්නවත් පෞරුෂයක් නෑ..  ඉතින් මිදි තිත්‍තයි තියරිය දාලා අර නොලැබෙන දේ මරුකතරට දිය පොදක් ඉසින්නට කියලා බඩුව වේසි සංස්කෘතිය කන බැල්ලි කිය කිය හිත හදාගන්නවා හොටු පෙර පෙර.. ඇත්තටම ඕකුන් සතිගණන් විඳෝනවා ඕව බල බල අනී දෙයියනේ කවදා මට මීම එකක් සෙට් වෙයිදෝ කියලා.. අනික ඔය එකෙක්ගෙන් නිකමට ඇහුවොත් අයියේ මාව බඳිනවද කියලා සංස්කෘතිය කන බැල්ලිට දෙන උත්තරෙත් බලාගන්න පුළුවන්.. බෑ කියයි.. බම්බුව..!!

ඔය කාන්තාවන්ට බනින ගොඩක් කාන්තාවන්ට තියෙන්නෙ ඉරිසියාව. එයාලගෙ තරුණ කාලෙ හෝ දැන් හෝ පවත්නා සංස්කෘතික වටපිටාව ඇතුලෙ මේ කාන්තාවො ලබන නිදහස හෝ විලාසිතා කරගන්න බැරිවෙච්ච දුක තමයි අම්මා මතක් කරලා බැනලා පිටකරගන්නෙ.

තව සෙට් එකක් ඉන්නවා එයාලා තක්කඩි නෙමෙයි.. ඔය කවදහරි අම්මා කෙනෙක් වෙන්න් ඉන්න දරුවෙක් නීද අනී මීම වෙන්නී.. කියලා කියන්නෙ. එයාලා හදාගත්ත පද්ධතියක් රාමුවක් තියනවා.. ඉරි ගහලා වෙන් කරපු. මේක තමයි සම්මතයෙන් හොඳ කාන්තාව මනින අඩිරූල කියලා. ඒක සමාජ පද්ධතිවල සංස්කෘති වලට සාපේක්ෂව හැදෙන රාමුවක්. ඉතින් අර වගේ දෙයක් දැක්ක ගමන්.. ටක් ගාලා අර රූල තිබ්බා බැලුවා.. අම්මටසිරි පිට පැනලා නේද හත් ඉලව්වේ කිව්වා.. බැන්නා.. සංස්කෘතිය කියන්නේ ගතික එකක් ය. එය වෙනස් වෙනවාය. ඒකට මුහුණ නොදී පැවැත්මක් නැතිය. කියලා හිතන්න අමාරු හණමිටි කණ්ඩායම ඔය. ඒකට ඉතින් අනුකම්පා කරනවා ඇරෙන්න කරන්න දෙයක් නෑ. අධ්‍යාපන ක්‍රමයෙව් අවුල තියෙන්නෙ.. ලිංගිකත්වය මහා භයානක හප්පෙක් කිරීමේ විපාක ඔය විඳවන්නෙ අපි තාම.

මම නං බලනවා. ලස්සන කෙල්ලෙක් දැක්කම බලනවා. ඕකුන් ඇඳන් හිටියත් ඇඳුන් නැතුව හිටියත් මට ගාණක්වත් නෑ. ඒ වගේම උන් අනිත් උන්ට වදයක් නැත්තං, රටේ නීති කඩලත් නැත්තං මට කිසි පාං එකකුත් නැත.

ප.ලි. - අනේ ඔව් මම එහෙම බනින තැන් දැක්කා. ඒක හින්දා තමයි ලියන්නෙ. උඹලා ඒවා දැක්කෙ නෑ කියලා මට උඹලෑ ගෙවල් වලට ඒවයෙ පොටෝ අරන් වීඩියො කරලා තැපැල් කරලා සාක්ෂි සහිතව ඔප්පු කරලා වඩිගපටුන නටන්න අමාරුවක් නෑ.. දැක්කෙ නැත්තං නටපං.

ඔව් යකෝ ඉතින්..එහෙම කතාවක්, රැල්ලක් යන කාලෙ ඒ හිතෙන එක  ලියන්නැතුව තොපි කියන්නෙ වෛද්‍ය සංගමෙන් අවසර අරගෙන ජනාධිපතිවරණෙ දවසෙ ලියන්න කියලද..

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

1 comment:

  1. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete