Saturday, June 9, 2018

සුජී ඕක දීපන් ළමයෙකුට

| මල් වියනෙන් බැඳි ගීතයේ තාලයට ගායනා කරන්න |

මහ බැංකුවෙ බැඳි සිංගා.....ප්පූර් උන්
ඡන්දෙ කොරා...න්නට දුන්....චෙක් ගත් මං
ඒවයෙ පිරීලා බැඳුම්කර කටුවැල්
පපුවෙ අමාරුව එනවා බං...//

අර්ජුනනං තෙදි නන්තෙදි ඇලෝසියස් රෙදි නෑනේ..
තෙන රනිලං තෙදි නංතෙදි මහේන්ද්‍රනං රෙදි නෑනේ......

බැංකුවෙ හොරකම කාලෙට පස්සේ
කෝලුත් කරලා පොතකුත් ලිව්වේ....//
චෙක් වල විස්තර අහුවෙන බව අද
ඒ කාලෙදි දැන උන්නානං...

මහ බැංකුවෙ බැඳි සිංගා....ප්පූර් උන්.....

ඔය චෙක් ගත්තාට වැඩිය හොඳායි මට
කෙහෙල් බෙදාගෙන හිටියානං...//
බෙන්ස් කාර් ගැන ඉස්කෝලෙට ගිය
නොදොඩා ගොටුකොළ වැව්වානං...

මහ බැංකුවෙ බැඳි සිංගප්පූර් උන්....//

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

No comments:

Post a Comment