Thursday, June 7, 2018

ජෝතිපාල පොර ද

මියයන්න සූදානං පැරදුම දරං
සමරන්න එනවාද සුදු මල් අරං .

එහෙම කලොත් යම් කිසි දවසක මෙමා
හමුවන්නෙ ඔබට මේ මගෙ මළ කඳ තමා..
එක් වෙන්නට නොහැකි උනොත් රං කඳේ
සැනසෙමු දෙන්නම එක තැන එක මිනී වලේ..

වෙනසක් නෑනෙ ඔය දෙකේ

ඉස්සර සින්දු කියලවත් ජෝතිපාල කිව්වා කියලවත් අම්මටහුඩු මෙව්වා එකක්  ඒවාවලත් නැත..
අනිත් එක ඒවා බොහොමයක් හින්දි තනු කොපි ය. ඉතින් ඒ අතින් බලනකොට දැන් ඉන්න උන් බැනුම් අහගෙන හෝ තනියම තනුවක් හැදීම ඊට වඩා හොඳ ය.

දැන් එව්වා එපා වී ඇත්තේ පරණ ඒවා මාර ලිරික්ස් හෝ තනු ඇති එව්වා වීම නිසා නොව හැම එකාම එක වගේ එව්වා කියන්නට යාම නිසා ය.
FM කාරයන් විසින් එකම වගේ සින්දු බලෙන් ඇස්සවීම නිසාය.
ඕවා අසා සිටිනා කොල්ලන් විසින් සින්දුනං මේමම වෙන්න ඕනෙය කියා හිතාගෙන හැම එකාම එක වගේම එව්වා හදන්නට යාම නිසාය.

ඉස්සර ජෝතිපාල මිල්ටන් අමරදේව උදාහරණයකට ගත්තොත් එක එක විදිහය. වෙනස් ය.
එතකොට එක එකාට අහන්නට ඕනෑ විදිහට තෝරා ගැනීමක් තිබුණි.
දැන් වෙලා තියෙන්නේ අර රැල්ලේ නොවන වෙනත් ඒවා හැදුනත් ඒවාට ඉස්සර වගේ ඉඩක් නොලැබීමය.

ඒක හින්දා දැන් ඔය අහන බූට් අප්පිරියා වීමට හේතුව එක වගෙව්ම ඒවා හැමදාම අහන්නට වීම නිසා වීම වන අතර වෙන හේතුවක් නැත. නැතුව ජෝතිපාලගේ ඒවා සෝක් වී මෙව්වා ඈක්කා වන්නේ නැත. වෙනස ඒ කාලෙ එහෙම සින්දු කිව්වේ ජෝතිපාල විතරය. හැබැයි දැන් තුසාර ජෝසප්ලා හැම තැනමය. ඉතින් එකෙක්ටවත් වැඩක් නැත.

රසවින්දනය සාපේක්ෂය. අමරදේවගේ සින්දු සෝයි හා ඉරාජ් ඊයා වන්නේ නැත. ඒක් එක එකාට වෙනස් ය.

ඒක හින්දා ඔය සින්දු හදන ලියන මියුසික් කරන උන් රැල්ලට අඬන්න නොයා වෙනසක් කරන්න බලහන්.. නැතුව උඹලට ටැලන්ට් එක නැතුව නෙමෙයි. උඹලා වෙනස් වෙන්න දන්නෑ.

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

1 comment:

  1. ජෝතිපාල ඩෝප් මරගාතෙ බෙරිහන් දෙන එකෙය, තුසාර ද මොකාද HO2 පෙරාගෙන අඩන එකෙයි වෙනසක් නැද්ද?

    ReplyDelete