Sunday, March 26, 2017

ආන්දෝලනාත්මක ආශාවරී ගීතයේ අරුත


== ==

අද ගීතයටාරුතක් තුලින් කතා කිරීමට බලාපොරොත්තු වන්නේ පසුගිය දිනවල බොහෝ ආන්දෝලනයට තුඩු දුන් වීඩියෝව ඇතුලත් ආශාවරී ගීතය පිළිබඳවයි..

මේ ගීතයත් වෙනදා තෝරා ගන්නා ගීත වගේම මතුපිටින් පෙනෙම අර්ථයට එහා ගිය ගැඹුරු අර්තයක් අන්තර්ගත ගීතයක්.

මේ ගීතය ලියැවෙන්නේ තරුණ ධීවරයකුගේ දෘෂ්ටි කෝණයෙන්.

" ආදර අඹරෝරෙත් ඔබ මා මගහැර ගියදා
කඳුලැලි සයිරෝරෙහී කාලය ගිලී ගියා
මේ සඳ කැල්මවත් මගෙ දුක දැක්කා නම් එදා
විඳගන්න තිබුනා මට නුඹ සිහිකර මෙදා "

ඔහු මෙය කියන්නේද තම පෙම්වතියටයි..  අනිත් පෙම්වතුන් වගේම ඔහු ද තදින්ම  තම පෙම්වතියට පෙම් කළා..
නමුත් එක් අවාසනාවන්ත සිදුවීමක් නිසා ඔහුගේ සියළු බලාපොරොත්තු බිඳී ගිය අතර ඔහුගේ පෙම්වතිය නිසා ඔහුට ඔහුගේ සියළු නෑදෑ හිතවතුන්ද දේපළ වස්තුවද අහිමි වුණා..
නමුත් ඔහු වෙනත් පෙම්වතුන්ට වඩා වෙනස් අයෙකි.. ඔහුගේ පෙම්වතිය වන්නේ මුහුදයි.. බොහෝ දෙනා තම කාර්‍යාලයේ යුවතියකට පෙම් කරන්නාක් මෙන් ඔහු රැකියාව කළේ මුහුදේ නිසා ඔහුගේ පෙම්වතිය වූයේ මුහුදයි.. ඔහු මෙම ගීය කියන්නේ දියඹේ ඇති ධීවර යාත්‍රාවක සිටය..

එක් සඳ පෑයූ දිනක එනම් පෝය දිනක මේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම නම් සුනාමියයි..  කලින්දා පෑයූ සඳ වත් ඔහු රාත්‍රියේ මසුන් මැරීමේදී මේ විපත ගැන නොකියූ බවට



චෝදනා කරයි.. අහස ( අඹර ) තරම් වූ ආදරය ද නොතකා ඔහුගේ අතීතය වර්තමානයද අනාගතයද යන තුන් කාලයම ගිල්වා දැමුවේ මුහුද හෙවත් ඔහුගේ පෙම්වතියයි..


ආශාවරී නුඹේ නම පවා
මියුරුයි කියා සිතුවත් එදා
ආශාවරී ඔබ මේ තරම්
වියරුයි කියා සිතන්නටවත් මට බෑ මෙදා..


"ආශාවරී" යනු අහස වෙත රැගෙන යන්නා වූ රියයි.. එනම් ක්ෂිතිජයට අපව කැඳවාගෙන යාමේ හැකියාව පවතින්නේ මුහුදට නිසා ඔහු තම පෙම්වතිය වූ මුහුදට ආශාවරී නමින් ඇමතුවා..
වෙනදට කෙතරම් මියුරු වුවත් සුනාමි පැමිණි පසු ඔහු ඇගේ වියරු බව දැනගත් බව පවසයි..

"ලස්සන දවසක හවසක හමුවී ඒ විසිතුරු උයනේ
උණුහුම විඳ විඳ සුවසේ පෙරලී හිඳ මා තුරුලේ
හිනැහුනු තරමට ඔබගේ..
ගත මා ළඟ මුත් හිත ඈතක බව නම් නෑ පෙනුනේ.. "

ඔහු සවස් කාලයේ බෝට්ටුවේ මසුන් මැරීමට ගිය විට දැල එලා බෝට්ටුවට වී සිටියි.. නොගැඹුරු මුහුදේ යන මසුන් රංචු නිසා විසිතුරු උයනක් සේ පෙනෙයි..  වැටෙන බැසයන අව්ව නිසා උණුසුම්ව මුහුද සමග කල් ගත කල ඔහුට මුහුදේ කිසිදු වෙනසක් පෙනුනේ නැත.. ඔහු සමග වෙනදා වගේම සිටියත් මුහුද ගොඩබිමට යාමට මාන බලන බව ඔහුට වැටහුනේ නැති බව මෙයින් අදහස් වේ..

අවරට යන හිරුසඳ වාගෙමද මා දුටුවේ
වෙරළට එන රළ ආපසු යන බව නම් නෑ දුටුවේ
පහසම පමණද පැතුවේ..
මා අත අත්හැර අතින් අතට යනෙනා ළඳුනේ..

මේ පද වලින් වඩාත් විද්‍යාත්මකව සුනාමිය ඔහු විග්‍රහ කරයි.. ඔහු බෝට්ටුවේ සිට දුටු පරිදි සුනාමිය වෙරළෙන් ගොඩබිමට කඩා වැදුනු පසු ආපසු මුහුදට ඒමට බොහෝ කාලයක් ගත් ආකාරය මෙයින් කියැවේ.. එය දිවා රෑ එළිය කළ හිරු ද සඳද බැසයාම තරම් ශෝකජනක තත්වයකට උපමා කරයි..
ඔහු මුහුදෙන් අසන්නේ ඔහු අතහැර ගොඩබිමට පහස සොයා ගියේ ඔහු පෙම් කළා මදි නිසාද කියාය.. අතින් අතට යනෙනා ළඳුනේ යන්නෙන් අදහස් වන්නේ ජාවා සුමාත්‍රා මාලදිවයින ලංකාව ඉන්දියාව වැනි හැම රටකටම ගිය නිසාය..

( ප.ලි = මේ ගීතය ගැන මා දකින හැටිය.. )

#ගීතයටාරුතක්
#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

4 comments:

  1. ඒකනන් නියමයි ඈ... සිංදුවේ විෂුවල් එක ගැනම කතා කරන වෙලාවක මේවගේ දෙයක් ලිව්ව එක වටිනවා... ඒත් එක්කම සුබ පැතුම් ....

    ReplyDelete
  2. නියමයි..චමල්

    ReplyDelete
  3. අදයි ඒකේ තේරුම දැන ගත්තේ කියහන්කෝ

    ReplyDelete