Thursday, March 9, 2017

රස්නෙට ලියවෙන සින්දු


                     -----------

පූජා කරන්නම් ළිඳක් ඔයා නමින්
දැනෙනවාටත් වඩා රස්නෙ අඩුවෙන ලෙසින්...

----------

මේ රස්නෙනං හරි මගුලකි
පොඩි සහනයක්වත් නම් නැතී
මට පෙන්නලා අව්වේ හැටී
ඉර ගන්න ෆන් හොඳටම ඇතී....

----------

ඔයාට වැස්ස එපානං
කලින් කියන්නට තිබුණා..
මේ තරන් මෙහෙ රස්නෙ නොකරම
කූල් කරන්නට තිබුණා...

----------

ඉරෙ බ්‍රයිට්නස් අඩුවෙනතුරු
කූල් වෙන්නෙ නෑ
අව්වට කරවෙනවා අපී
රස්නෙට පිච්චෙනවා අපී
කූල් වෙන්නෙ නෑ...//

----------




ආදරියේ රුචිරාණනියේ
ලියලනවා තව තව රස්නේ
වැලපෙනවා මා ළිං පඩියේ
නානවා තාමත් අව්වේ....

-----------

අව්වෙ සැර බලා මම නාගන්න එමි ප්‍රියේ
නවාතැන ඔබේ බාතෲම් එකයි සොඳුරියේ..

-----------

මේ අව්වෙ සැර බිඳින්න
තව තැඹිලි ගෙඩි කපන්න...
ඔය නෙත් අගින් සිනාසී
වීදුරුවට පුරවන්න...

----------

වැඳ බුදුන්ගෙන් පවා ඉල්ලුවේ
රස්නේ අඩුකරන්න කියා...

----------

ඔබ නිදන්න ඔබ නිදන්න
පවන් සල සලා..
ගිනි රස්නේ මම ඉන්නම්
සුවෙන් සැතපිලා...

---------


හුදකලා විරාමයේදි නාගමුද ටිකක්
ඉරේ රස්නෙ අඩු කරන්න තව පැයක් දෙකක්

----------

මම නම් ආසයි නාන්න නයනා
රස්නේ යන්නට මේ අව්වේ
වතුර ඉතුරුකර ගන්නට නයනා
එකවර නාමුද ෂවර් එකෙන්...

-----------


#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

3 comments: