Tuesday, March 21, 2017

ඉදින් අප මහා විහිළු ලහිරුසේකරයානෝ

....

සිය පිරිවරැ සමගැ ලිප්ටන් රවුමටැමැ පැමිණ පීඨිකාවක් ගසා එහි නැග..
අයුක්තිය අසාධාරණය රජ කරන සමාජයක යුක්තිය සාධාරණය වෙනුවෙන් සටන් වදින කැඳ-වුම්කාරෞත්තමයා වෙමි... සජානා... මම දුප්පත් තමයි.. එනමුත් මගෙ හෘදයවස්තුවට කුටීර හතරයි..
මානව දැනුමස්කන්ධය නම් කහවණු මත්තේ තීරණය කළ නොහීය.. එහි අතුරු ඵලයෝද එසේ තීරණය කළ නොහීය.. එබැවින් එසේ දැනුම විකිණෙන ලොවකැ  මා කෙසේ අතපය දිගැර සිටින්නෙමිද මල්වතු හාන්දුරුවනේ යි ගර්ජනා කර..
 කහවණු මත්තේ තීරණය වූ මානව දැනුමෙන් නිපදවා වූ ඵල ද.., අතුරු ඵලද හාල්මැස්සන් අනා ඇති බත් පතෙක ගොටුකොළ කැබලි ඉවත් කරනා ගාෆීල්ඩ් මෙන් සියල්ලමැ ප්‍රතික්ෂේප කළාහ..
කිරට මිරිසට තෙලටැ සම්බෝලයට පිසීම නම් ආදි මානවයාගේ දැනුමෙන්මැ සොයාගත් ඉවුම් පිහුම් උපක්‍රමයෝයැ.. හන්දියේ මාතර බත්



කඩේ ධනපති මුදලාලි තෙමේ ඒ දැනුමෙන්මැ සොයා ගත් බත් පරිප්පු ගොටුකොළ සම්බෝල මස් ද මාළුද බිත්තරයෝද මුදලට විකුණන්නාහ.. එය නම් මානව දැනුමස්කන්ධයට නිගාවකියි කියා කඩෙන් ආහාර නොගෙන සිරිසේන තෙමෙ කියූ පරිද්දෙන්මැ මානවයෑ විසින් නොසිටවන ලද්දාවූ කොස් කොළ ද ,ක්‍රෝටන් කොළද කෝප්ප කොළඳ අනුභව කරමින් ගලන දොලෙන් දිය බොමින් කොළමැ පමණක් අහරට ගන්නා වෘෂභ රාජයෙකු මෙන් කල් ගෙව්වාහ..

"පමුණුවද , පිටකොටුවාදී පදික වෙළෙඳසැල් ද, නෝලිමිටා ,ෆෑෂන්භගා, ඕඩෙලාදී සාප්පුවෝද කුවේණි ගාමන්ට්ස් වැනි මානව දැනුමස්කන්ධයෙන් සොයාගත් සළු පිළි මුදලට විකුණන්නාහ.. ඉදින් මා ද එය ප්‍රතික්ෂේප කරමියි කියා දඹදිව නිගන්ඨයෙකු මෙන් වේදිකා මස්තකයෙහි  සියළු පිළි උනා නිරුවත්ව කොළ අතු හැඳ ගත්තාහ..

මානව දැනුමේ ඵලාතුරුඵල වූ ටූත්පේස්ට් ද, අතැරීය.. වැසිකිළි පෝච්චිද අතැර සරීර කෘත්‍ය සඳහා ලන්දට ගියාහ.. සෝදන්නට සන්ලයිට් ලක්සාදී සබන්ද මුදලට විකුණූවෙන් නොසෝදාම සිටියාහ.. ජල කරාම එස්ලෝන් බට ආදියද කහව්නු මත්තේම තීරණය වූ හෙයින් බාතෲම් තුළ නොනා පේරාදෙණියට ගොස් හොර උපාධි කඩ ගැන මතකය ගුලිකර මහවැලියට දමා එතැනින්ම නෑවාහ..
ඉදින් ඉක්මනින් නෑමට අවැසි වූ විට හෙතෙමේ පිරිවර සමගින්ම පැමිණ මහමග බ්ලොක් කළ කල් හී පොලීසියට කියා නොමිලේ නාගෙන ගියාහ..
බස් දුම්රිය ආදී මුදලට ලබා දෙන්නාවූ මානව දැනුමේ ඵලයෝ ප්‍රතික්ෂේප කළ එතුමාණෝ පා ගමනින්ම ගමන් කළාහ.. විදුලියටද කහවනු ගන්නා නියා රෑබදුල්ලෙකු සේ කලුවරේම හුළුවත්තක් දල්වා රැය පහන් කලාහ.. එය දැල්වුයේද ගලකට ගලක් ගසාය.. සැලෝන් තුල කොණ්ඩා රැවුල කැපීම මුදලට තීරණය වන නියා හේ කොණ්ඩා රැවුල් නොකපා සිටියාහ..

මෙසේ සියළු කහවනු මුලිකවූ මානව දැනුම ඵල ආ අතුරු ඵල අතැරලූ නියා ක්‍රිස්තු පූරවයෙහි  විසූ ප්‍රාග් ඓතිහාසික හෝමෝ හැබිලිසෙක් මෙන් කොන්ඩා රැවුල් වවා ගෙන කොළ අතු හැඳ.. කොළ ගඩාගෙඩි මල් හෝ සතෙකු එලා පුළුස්සා කමින් පාගමනින්ම යමින් හොර උපාධි කඩ වසමින් කල් ගෙව්වාහ..

අකලංකාරයෙහි එන විහිළු ලහිරුසේකරයාණන්ගේ කතාවත්ථුවේන් උපුටාගත් කොටසැ නිමියේයැ..

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

5 comments:

  1. Me yakage katata denna aasa hithenne mata witharada?dewiyani maa melowin mudawaaganu manawi.

    ReplyDelete
  2. අන්න පැපිලියානේ කාර් සේල් වල කාර් නිකං දෙනවලු. මානව දැනුමෙන් හොයාගත් දේ විකුණන්න බෑ කියල.. :)))

    ReplyDelete