Tuesday, March 28, 2017

ඉතිහාසෙ ගැන ආඩම්බරයි නං share කරන්න


මට තේරෙන්නෙම නැති දෙයක් තමයි ඇයි අවුරුදු දාහකට දෙදාහකට කලින් කවුරුහරි හදපු දෙයක් ගැන, හොයාගත්ත දෙයක් ගැන හරි මොකක් හරි මාතාවගේ වස්ත්‍රයක් ගැන ඊට කිසිම සම්බන්ධයක් නැති , කිසිම දායකත්වයක්වත් දක්වපු නැති , කොහේවත් ඉන්න අය ආඩම්බර වෙන්නෙ කියන එක..
එකම තර්කය ඒක තියන තැන ජීවත් වෙන එක.

ඊළඟට එන ප්‍රශ්ණෙ තමයි ඔය ලොකුම දේවල් හැදුවය අරක හොයාගත්තය මේක හොයාගත්තය , අහවල් වටින අවුරුදු ගාණක සංස්කෘතියය ඒක හින්දා ආඩම්බරය කියලා කියන අය ඒවයෙ සිද්ධවෙච්ච මනුෂ්‍යත්වයට නිගා දෙන අපරාධ ගැන ආඩම්බර වෙනවද කියන එක..



උදාහරණයක් විදිහට අහවල් රජා අහවල් තට්ටු ගානක අහවල් බිල්ඩිම හැදුවා ඩෝ අපිට මාර ආඩම්බරයි කියන අය ඒ රජා ගම්වල ඉන්න අහිංසක ගෑණුළමයි පැහැරගෙන ගිහින් දූෂණය කරලා දාහයි පන්සීයයි කිය කිය අන්තඃපුර තියාගත්ත එක ගැන.. හිතිච්ච වෙලාවට බල්ලො බළල්ලු වගේ මිනිස්සු මරපුවා ගැනත් එතකොට ආඩම්බර ද කියන එක..
අරවා ගැන ආඩම්බරයි කියන අය අනිත් ඒව ගැන ලැජ්ජ වෙනවනං දැකලා නෑ කවදාවත්...

පිරමීඩ ගැන දැන් ඉන්න ඊජිප්තුවෙ උන් ආඩම්බර වෙන්නෙ මොකටද.. ඒවට උන් ගඩොල් කැටයක්වත් ඇද්දද.. නෑ..
ආඩම්බර වෙන එකම පදනම තමයි ඒක තියන රටේ උන් හරි උන්ගෙ පරම්පරාව හරි ජීවත් වෙන එක..
මොකක් හරි වටිනව කියලා සම්මත වෙච්ච දෙයක් තියන තැනක ජීවත් වෙන තර්කෙ මත පිහිටලා ඒක හින්දා ඒකෙ නිර්මාණයට කිසිම අදාලත්වයක් නැති එකෙක් අවුරුදු දාහකට විතර පස්සෙ ආඩම්බරයි කියන එක සති ගාණක් හිනාවෙන්න පුළුවන් ජෝක් එකක්..

එක දවසක් එකෙක් මට කියනවා රාවණා හිටියෙ ලංකාවෙලු ඒක හින්දා ඌට ආඩම්බරයි ලු..
රාවණා කියලා එකෙක් ලංකාවෙ හිටියා කියලා පිළිගන්න කිසිම පුරාවිද්‍යා සාක්ෂියක් දැනට හම්බෙලා නැතුව ( ඔව් ඔව් රාමායනේ තියන හින්දා ඇත්ත වෙනවනං හැරී පොටරුත් ඇත්ත වෙන්න ඕනෙ ) නිකන්ම නිකන් පොතක තිබ්බා කියලා ආඩම්බර වෙනව කියන්නෙ අමුම මෝඩ කතාවක්..
අනිත් එක අඩුමතරමෙ පරම්පරාවත් සම්බන්ධයක් තියනවද.. විජය ආවට පස්සෙ නං මෙහෙ විධිමත්ව ජනාවස වුනේ දැන් මෙහෙ ඉන්න අයගෙ ජාන ඉන්දියන්.. එතකොට එහෙමවත් රාවණෙක් ගෑවෙන්නෙ නෑනෙ..
අනිත් එක අවුරුදු දාස් ගාණක් එකම පරම්පරාවක් එනවද කලවම් නොවී.. එහෙම වෙන්නෙත් නෑ.. හොඳම විහිළුව තමයි ඒක මට කියපු එකාගෙ වාසගමත් පෙරේරා...
ඒක හින්දා අවුරුදු බරගාණකට කලින් වෙච්ච දේවල් වලට කිසිම ජානමය සම්බන්ධයක්වත් අපිට නෑ..
අභයගිරිය ගැන ලංකාවෙ අය ඇමරිකන් උන්ට පෙන්නලා දැන් ආඩම්බරයි කිව්වට අඟහරුවල ජීවියො හොයාගත්තම මුලු පෘථිවියෙම උන් තමයි අභයගිරිය ගැන ආඩම්බරයි කියන්නෙ.. එතකොට අපිට කියන්න පුළුවන්ද උන්ට උඹලා ආඩම්බර වෙන්න එපා කියලා.. බෑ මොකද අපි ඔක්කොම එක ගෝත්‍රයක් වෙලා අඟහරුට සාපේක්ෂව බලද්දි.. ඒක හින්දා අපි ආඩම්බර වෙන්නෙ අපේ ගෝත්‍රයෙ ලොකුකම පෙන්නන මිසක් වෙන දෙයක් හින්දා නෙමෙයි..

මිනිස්සු එක එක දේවල් කරන්නෙ ඒ ඒ කාලවල අවශ්‍යතාවයට මිසක් අවුරුදු දාහකට විතර පස්සෙ උපදින එවුන්ට ආඩම්බරයි කිය කිය මරාගන්න නෙමෙයි..

දැන් වික්ටෝරියා ජලාසෙ හැදුවෙ යුගයේ අවශ්‍යතාවයට කෘෂිකර්මාන්තෙටයි විදුලිය ගන්නයි.. ඒක හැදුව දැන් ඉවරයි.. දැන් වික්ටෝරියා මෙහෙ තියනව කියලා දැන් ඉන්න අය ආඩම්බරයි කියනවද... නෑ..  ආඩම්බර වෙන්න හේතුවක් නෑනෙ ඒකට..

ඉතින් තව 3017 දි කවුරුහරි " වික්ටෝරියා ජලාසෙ " තියන රටේ මං ඉන්න හින්දා ආඩම්බරයි කිව්වම ඒකට හිනායන්නැද්ද..

ඒ වගේ තමයි...

අනිත් එක තමයි හොඳට බැලුවොත් පේනවා කවුරුහරි ගොඩනගපු අපිට කිසිම සම්බන්ධයක් නැති ඉතිහාසෙ ගැන අධ්‍යාපනය නොකර ඒක ගැන පම්පෝරි ගහ ගහ ආඩම්බරයි කිය කිය ඉන්න ජාති හැමදාම ඒ පම්පෝරි උඩම තැම්බි තැම්බි ඉන්නව මිසක් කිසිම දියුණුවක් නොලබන බව.. උන් හැමදාම අර හීන ලෝක වල කිමිදිලා පීන පීන මැරිලා යනව මිසක් අලුත් ලෝකෙ එක්ක ඉස්සරහට යන ජාතියක් වෙන්නෙ නෑ කියන එක..
ඒ වගේම එහෙම පම්පෝරි නොගහ ආඩම්බරයි කිය කිය දඟලන්නෙ නැතුව ඉතිහාසෙන් ගන්න ඕනෙ ටික අරන් අලුත් දේවල් එකතු කරලා අලුතෙන් හිතන මිනිස්සු මේ ලෝකෙ දවසින් දවස ඉස්සරහට අරන් යනව කියන එක සහ උන් දියුණු වෙනව කියන එක..
පොඩ්ඩක් ලෝක සිතියමක් ගත්තොත් වටපිට බැලුවොත් උදාහරණ ඕන තරම් පෙනෙයි..

ඉතිහාසය කියලා කියන්නෙ කර උඩ තියාගෙන පම්පෝරි ගහ ගහ ඉන්න ඕනෙ එකක් නෙමෙයි..
ශිෂ්ඨාචාරයක් ඉදිරියට යන්න ඉතිහාසය හදාරන්න ඕනෙ.. ඒකෙ තර්ක දෙකක් නෑ.. හැබැයි ඒ හරිගිය වැරදුන තැන් වලින් පාඩම් ඉගෙන ගෙන ඒක ඉදිරිය වෙනුවෙන් යොදාගන්නෙ කොහොමද කියලා බලන්න මිසක් බොරු පම්පෝරි ගහ ගහ ආඩම්බරයි කියන්න නෙමෙයි.. ඉතිහාසෙ  රසවත් පාඩම් පොතක්..

ඒ නිර්මාණ අපි රකින්න ඕනෙ ඒ පාඩම් ඉගෙනගැනීම සඳහා මිසක් ඒක ගැන පම්පෝරි ගහන්න කරපින්නගෙන ආඩම්බරයි කියන්න නෙමෙයි..

ඒක හින්දා අවුරුදු ගාණකට කලින් කවුරුහරි කරපුවා ගැන ආඩම්බර වීම තේරුමක් නැති දෙයක්..
ඒව වලින් ඉගෙනගන්න.. බැරිනං නොකර ඉන්න.. පම්පෝරි ගහන්නෙපා.. මෝඩයි..


#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

6 comments:

  1. මේක ඉතින් අපි විතරක් කරන දෙයක් නෙමෙයිනේ. ලෝකේ හැම ජාතියක්ම තමන්ගේ දේවල් ගැන ආඩම්බර වෙනවා. ගමනක් යද්දි සයිඩ් කණ්නාඩියෙන් හැම වෙලාවෙම පිටිපස්ස බලන්න ගියොත් එක්කෝ ගමන යන්න පරක්කු වෙනවා. නැත්නම් ඉස්සරහ බලන්න ඕන වෙලාවේ පිටිපස්ස බලලා ඇක්සිඩන්ට් වෙනවා. මට හිතෙන්නේ අපිට මේ දෙකම වෙලා ඇනගෙන ඉන්නවා වගේ.

    ReplyDelete
    Replies
    1. ගමනක් යද්දි සයිඩ් කණ්නාඩියෙන් හැම වෙලාවෙම පිටිපස්ස බලන්න ගියොත් එක්කෝ ගමන යන්න පරක්කු වෙනවා. නැත්නම් ඉස්සරහ බලන්න ඕන වෙලාවේ පිටිපස්ස බලලා ඇක්සිඩන්ට් වෙනවා.......

      පුංචි බොරැල්ලේ චාරිකා ලර්න්ස් එකෙන් අත් ටක්ටර් පදින්න පුරුදුවෙලා වෙරහෑරින් ලයිසන් අරගෙන...
      හයිබ්රීඩ් වහන එලවන්න බෑ ඇක්සිඩන්ට් වෙනවා.

      Delete
  2. සීයා ගම්මුලාදෑනියා වෙලා ඉඳලා තාත්තා ග්‍රාමසේවක වෙච්චි පුත්තුන්ගේත් තියෙනවා අන්න ඔයි වගේ මෙව්වා එකක්..

    ReplyDelete
  3. //ඉතිහාසය කියලා කියන්නෙ කර උඩ තියාගෙන පම්පෝරි ගහ ගහ ඉන්න ඕනෙ එකක් නෙමෙයි..//
    එකෙන්ම එකඟයි. මොකද ඉතිහාසය කියන්නෙ නිර්මිතයක් නිසා.

    ReplyDelete
  4. අපොයි එහෙම කියන්න එපා. රාවණා ඉතා වැදගත්. ප්‍රබන්ධයක් හැර අයිතිහාසික හෝ පුරාවිද්‍යාත්මක මොනම සාධකයක් නැති එකක් නිසා එක එක්කෙනාට තමන්ට තියන දේශපාලනමය ආගමික සමාජමය මත හෝ මානසික ව්‍යාකූලතා යන ඕනෙ දේකට ගැලපෙන පරිදි හදා ගන්න පුලුවන් හරිම වර්සටයිල් දෙයක්

    ReplyDelete
  5. ඉතිහාසයේ දිග වඩා වැදගත් වන්නේ නොකඩවා පැවතුණ සජීවී එකක් වන විටයි. එන්ගලන්ත ඉතිහාසය අපිට වඩා කොටයි. ඒත් අඩු ගණනේ අවු 1000ක් වත් අඛන්ඩව පැවතී එනවා. 1066 නෝර්මන් ආක්‍රමණයෙන් පස්සෙ ආක්‍රමණත් නෑ. හුඟක් ඉන්ස්ටිටියුෂන්ස්, දේශපාලන හා රාජ්‍ය යාන්ත්‍රණ, වෙලෙඳ සංගම්, විශ්වවිද්‍යාල, හමුදා, කලාවට සම්බන්ධ දේ, සාප්පු, පොලවල් ආදී අති විශාල සංඛ්‍යාවක් ක්‍රමයෙන් පරිණාමය වෙමින් අවුරුදු සිය ගණනක් පැවත එනවා.

    ආක්‍රමණ, මැලේරියා ආදී විවිධ හේතු නිසා අපේ ඉතිහාසය හා සංස්කෘතිය කැඩුනා සහ පිරිහුණා. අපි අනුරාධපුර සංස්කෘතියෙන් කෙලින්ම ආවයි කියන්න අපිට බෑ. නුවර යුගය වෙනකොට තිබුනේ ඉතා අඩු මට්ටමේ එකක්. එයින් පසුවත් අඛණ්ඩ ගලා යෑමක් නෑ. කැඩි කැඩී ආ 2500 අඛන්ඩ 500කට වඩා අඩුවෙන් වටින්නේ ඒනිසාය.

    කෙසේ වෙතත් වඩා වැදගත් සංසන්දනය වර්ථමානය මිස අතීතය නොවේ

    ReplyDelete