Wednesday, March 8, 2017

හැපි විමෙන්ස් ඩේ.. පිස්සුද යකෝ..!!



" හැපි විමෙන්ස් ඩේ.. අපෙ හාන්දුරුවනේ..."

.
‍යකුනේ කාන්තා දිනේ කියන්නෙ අලුත් අවුරුද්ද වගේ කිරිබතුයි හැලපයි කාලා හැපි නිව් ඉයර් කියලා සමරන්න ඕන  එකක් ද..

තව ටික දවසකින්

සුභ දියවැඩියා ඩේ..
හැපි තැලසීමියා ඩේ..
සුභ සුනාමි ඩේ..
හැපි ඒඩ්ස් ඩේ..

කියන්නත් ගනී...

හැම දිනේම වෙන් කරන්නෙ හැපි යි සුභයි කිය කිය සමරන්න නෙමෙයි හත්වලාමේ...

කාන්තාවන් ට දිනයක් වෙන් කිරීම හැපි කිය කිය සුභපතන්න ඕන එකක් නෙමෙයි.. ලැජ්ජ වෙන්න ඕන එකක්..!!

කාන්තාවො ඔක්කොටම එදා ඉඳන් අද වෙනකන්ම පුරුෂ මූලික සමාජෙ ඇතුලෙ ලිංගික පදනම මත එල්ල කරපු පීඩනේ නිසා ඇතිවෙච්ච වරදකාරී හැඟීම යටපත් කරගන්න කරපු ස්වයං වින්දනයක් විදිහටයි කාන්තාවන්ට දිනයක් වෙන් කරන්නෙ..
උදාහරණයක් විදිහට හැමදාම කරපු පීඩනෙන් මිදෙන්න පුරුෂ මූලික සමාජෙන් වහල් හිමියො ටික වහල්ලුන්ට නිවාඩු දවසක් දුන්නා වගේ දිනයක් වෙන් කරනවා..

කාන්තාවො ටිකත් ඉතින් හනී අද අපේ දවසනී.. බලන්නකෝ මියා.. සුබයි හැපියි කිය කිය සමරනවා..



වහල්ලුන්ට දිනයක් වෙන් කළා කියන්නෙම උඹලා තාමත් වහල්ලු.. අපි තමයි උඹලව පාලනේ කරන්නෙ.. ඔන්න හැමදාම උඹලෑන් වැඩ අරන් උඹලා ගැන හිතන්නෑ කියලා නාහෙන් අඬන්නෙපා.. අපි නිවාඩු දවසකුත් දුන්නා කියන එක මිසක් ඒක සතුටු වෙන්න අහවල් මංගල්ලයක් නෙමෙයි..

 ඇත්තටම කාන්තා දිනේ සතුටු වෙන්න පුළුවන් සිරියාවතී.. ස්ත්‍රී සුරක්සනී.. මහිලා මනමේඛලා.. කාන්තී.. කන්‍යා.. කිය කිය නම් දාලා බැංකු පොත් විකුණන බැංකු වලටයි.. ඔන්න අද දවසෙ එකක් ගත්තොත් තව එකක් නොමිලේ කියල විකුණන සනීපාරක්ෂක තුවා කොම්පැණි වලටයි..  කාන්තා දිනේ සමරන්න ගෑනි එක්ක ඇවිත් අපේ හට් එකෙන් පීසා එක්ක කාපන්.. මෙම දීමනාව තොගේ අවසානය දක්වා පමණයි කියන කෑම කඩ කාරයන්ටයි.. ගෑනු ටිකක් ගෙනල්ලා වට කරගෙන මීඩියා වලට ටෝක් එකක් දීලා යන දේසපාලුවන්ටයි.. වාව් අයියාහ් ඔවා හොඳට ලියනවා කියලා කොමෙන්ට් දාගන්න බලාගෙන.. අනී අපී සහෝදරියෝ අපි රැකගමූ.. පන් නෙලන ලොකු අම්මා.. ගල් කඩන සනි ලියෝන්.. ජුකිය පාගන කොළඹ ආපු දුප්පත් කෙල්ලො දෙයියනේ කියලා නාහෙන් අඬ අඬ ලියන සයිබර් ප්‍රබුද්ධ විචාරක උත්තමයන්ට විතරයි..

සිරිමහ බෝධියෙන් පිරිමි පුතෙක් දීපන් කියලා ඉල්ලලා..
ඔසප් උනාම කිලි ය අපිරිසිදු ය කියලා කොන් කරලා..
පටලයක් බලන් කසාද බැඳලා..
ළමයෙක් හම්බුන් නැත්තං වඳ ගෑනි කියලා.. ( ඒ කියන්නෙ ගෑනියෙක් ගන්නෙ ළමයි හදන්න )
ගෑණුන්ට ළමයි හදන වැඩේ බාර දීලා උන්ව කවල පොවලා උස් මහත් කරලා අනේක විද දුක් විඳින්න දීලා ඔයා ඕව කලාම තමයි මෙයා බුදු වෙන්නෙ.. නිවසේ දෙයියො අම්මා කියලා අයිසින් ගාලා පට්ටමක් දීලා අර වද ඔක්කොම සේප් කරලා...
දික්කසාද උනොත් ඒ ගෑනිව මරාගෙන කන්න හදලා..
මූලික අයිතිවාසිකම් පවා වෙන වෙන බටර් පාරවල් වලින් නැති කරලා..
වැඩට ගියත්.. පොදු ප්‍රවාහනේක ගියත් යන්න බැරිවෙන්න ජැක් ගහලා මිරිකලා වදදීලා 90% ක් ගෑණුන්ට අතවර වෙලා..
අඩු තරමෙ පාර්ලිමේන්තුවේ ඉන්න ගෑනියෙක්ටවත් ඉන්න දෙන්නැතුව වද දීලා..
ස්ත්‍රී දූසන අපචාර දහස් ගාණින් වෙලා..
ගෑනියෙක්ගෙ අයිතිවාසිකම් රකින්න කිව්වම අනී අම්මවගේ සහෝදරිය වගේ රැකගන්න වගේ ගොං ලොජික් දාලා ( අම්ම සහෝදරිය වගේ නෙමෙයි මනුස්ස පදනමෙන් රකින්න ඕනෙ )
ඇඳුමක් ඇන්දම දාහක් විචාර දීලා..
අඩුම තරමෙ ෆේස්බුක් එකවුන්ට් එකක් හදාගෙන ආවම ඒකෙනුත් වද දීලා..
අදහසක් කිව්වම තුප්පහි පේජ් කාරයන්ගෙ ගොං පාට් වලට යට වෙන්න වෙලා..
කොල්ලෙක් එක්ක යාළු වෙන්න අතින් අල්ලන්න උම්මා එකක් දෙන්න උන්ගෙන් අහන්න වෙලා..
ඒ අපහාසය ලිංගිකත්වය මත තීරණය වෙන එකක් වෙලා.. ( කාන්තාවක් වීම )

සංස්කෘතියෙන් සමාජෙන් හැම මගුලෙන්ම පීඩනේට ලක් වෙලා පාගන් ඉද්දි ඒක සේප් කරගන්න දිනයක් වෙන් කලාම  කොහොමද මේක හැපි විමෙන්ස් ඩේ එකක් වෙන්නෙ...

 දිනයක් වෙන් කිරීම කියන්නෙම ලැජ්ජ වෙන්න ඕන දෙයක් මිස සමරන්න ඕන කෙහෙල් ඇවරියක් නෙමෙයි..

ඒක නිසා මගුලක් කතා නොකර ඉඳහල්ලා..


#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ



7 comments:

  1. මේ මාතාලන්ගේ බ්ලොග් එක නෙමෙයි නේද? ඔහොම යං ලොක්කා. එල පොස්ට් එක. හතර අතේ වනල තියෙන්නේ.. 👊🏽👊🏽👊🏽

    ReplyDelete
  2. //දිනයක් වෙන් කිරීම කියන්නෙම ලැජ්ජ වෙන්න ඕන දෙයක් මිස සමරන්න ඕන කෙහෙල් ඇවරියක් නෙමෙයි..// +++++

    ReplyDelete
  3. කෝ දැන් ලැජ්ජා වෙන්න ඕනේ කවුද කියල හරියටම කියනවද?
    දිනයක් දීපු එයාලද? නැත්තම් දිනයක් ලැබුණු අපිද?

    අනී... මට තේරෙන්නේ නෑ අනී...........

    ReplyDelete
  4. ඔය දිනේ සමරන්න දීලා ඊලඟ අවුරුද්ද වෙනකම් උන්ට වනේ වෙන එකනේ කරන්නේ. දිනේ සමරලා එනකොට ඉනේ පිහිය තියන් බලන් ඉන්නේ පරක්කු මොකෝ කියලා.

    ReplyDelete
  5. ගෑණු ටික දපනෙ දාගන්න පුළුවන් මේකෙන් හෙහ් හෙහ්

    ReplyDelete