Sunday, March 19, 2017

ප්‍රශ්ණයට විචාරයට පූජනීය සීමා ???

==

බොහෝ දෙනෙක් මොලොව මිනිසා විසින් නිපදවා පූජනීයයැයි සම්මත කළ දේ ප්‍රශ්ණයෙන් විචාරයෙන් බැහැර වේ යැයි සිතයි.. එසේ වන්නෙ ඇයි..
මෙලොව සියල්ල ප්‍රශ්ණයට විචාරයට යටත් ය...

සංස්කෘතිය ජාතිය ආගම පාසල දේශපාලනය හෝ ඔබ උත්කර්ෂයට නගන වෙනත් දේ ඔබ මෙන්ම තවත් අයෙක්ටද එසේම වෙයි.. එසේ හෙයින් ඔබ කැමති දේ වඩා වටින්නේය හොඳම දේ එයය. එකම දේ එයය. එය පමණක් පූජනීයය යන සිහිනයෙන් මිදෙන්න.. ඔබේ සීමාවන් හඳුනා ගන්න..
එය ඔබට පූජනීය වූවාට මට එසේ වන්නේ නැත.. ඔබ එයට ගරු කලා කියා මා එයට ගරු කළ යුතු වන්නේ නැත..



උදාහරණයක් ලෙස සතෙකු, ගස් ගල්, අහස ග්‍රහලෝක දෙයියො භූතයො හෝ පුද්ගලයන් හෝ වෙන ඕනෑම දෙයක් ඔබට පූජනීය විය හැක.. ඔබ දේවත්වයෙන් සලකනවා විය හැක.. ඔබ වඳිනවා විය හැක.. මට කිසිදු ගැටළුවක් නැත..
නමුත් එය මටද සිදු කරන්නට කියන්නේනම් එය ගැටළුවකි.
ඔබට පූජනීය වූවා කියා එය මට එසේ වන්නේ නැත..
ඔබ පරම සත්‍ය කියා ආගමක් ඇදහුවට ලොව ආගම් 4200 ක් පමණ ඇති නිසා ඒ සියළු අනුගාමිකයන් සිතා සිටින්නේ තම ආගම පරම සත්‍ය බවයි.. එම නිසා ඔබේ ආගම සත්‍ය එකක් වීමේ සම්භාවිතාවය 1/4200 කි..
ඒ නිසා ඔබේ දේ පමණක් පූජනීයයි යන සිහිනෙන් මිදෙන්න.

 එය ඔබට වටිනවා කියා ප්‍රශ්ණයේ විචාරයේ සීමා අතික්‍රමණය කළ මහා වස්තුවක් වන්නේ නැත..
ඔබට වටින ඔබට පූජනීය ඕනෑම දෙයක් ප්‍රශ්ණයට විචාරයට යටත්‍ ය..
මම ඒ ඕනෑම දෙයක් ප්‍රශ්ණ කරමි.. විචාරය කරමි..
ඔබට පූජනීය වන්න තවකෙකු ප්‍රශ්ණ කළා කියා බුදු අම්මෝ අපහස කළෝ.. මෙන්න අපේ අහවල් පූජනීයත්වය කෙලෙසුවෝ.. කියා කඩු පොලු මන්න ගෙන හෝ කුණුහර්පෙන් හෝ පිළිතුරු දී පලක් නැත..
ඔබ කළ යුතු වන්නේ පිළිතුරු ලබා දීමයි..
පිළිතුරු නොදන්නවානම් නොදන්නවා සේ සිටීමයි..
මෙලොව මනුශ්‍යයා තම දියුණුව පරිණාමය හා මේ බුද්ධිමත් භාවය අත්පත් කර ගත්තේ තම නොනිමි කුතුහලයත් එය ප්‍රශ්ණ කිරීමත්  එය සංසිඳවා ගැනීමට කරම ලද්දාවූ උත්සාහයත් නිසාය..
ඒ නිසා මෙලොව සියල්ල ප්‍රශ්ණයට විචාරයට යටත් ය.. එයට ඉඩදෙන්න.. ශිෂ්ඨ සම්පන්න මිනිස්සුන් ලෙස.. සහ ප්‍රශ්ණය විචාරය සහ අපහාසය බැනවැදීම පටලවාගැනිමෙන් වළකින්න..

අවසන් වශයෙන් බුදුන් වහන්සේ දේශනා කළ කාලාම සූත්‍රයෙන් උපුටා ගත් කොටසක් මෙසේ ගෙනහැර දක්වමි..

"කාලාමයෙනි, තොප විසින් සැක සාංකා ඉපදවීමට සුදුසුය. සැක කිරීමට සුදුසුය. තොපට සාංකා කළයුතු තන්හිම සැක උපන්නේය. කාලාමයෙනි, තෙපි අනුන් කියනු ඇසීමෙන් නොපිළිගනිව්. පරම්පරායෙහි ආ හෙයින් නොපිළිගනිව්. මෙය මෙසේ විය හැකියයිද නොපිළිගනිව්. අපගේ පිටක පාළිය යනු සමාන වේයයිද නොපිළිගනිව්. තර්කානුකූලයයිද නොපිළිගනිව්. න්‍යායට අනුකූලයයිද නොපිළිගනිව්. මේ කාරණය යහපතැයි කල්පනා කිරීමෙන්ද නොපිළිගත යුතුයි. අප නුවණින් තීරණය කොට ගන්නා ලද දෘෂ්ටියට සමානයයිද නොපිළිගනිව්. මේ මහණ තෙමේ යහපත් කෙනෙකි. ඔහුගේ කීම පිළිගත යුතුයයිද නොපිළිගනිව්. මේ ශ්‍රමණ තෙම අපගේ ගුරු යයිද නොපිළිගනිව්. ""

එම නිසා ප්‍රශ්ණ කරන්න...!!! පූජනීයය.. වටිනයැයි සීමා නැත.. සිහින වලින් මිදෙන්න..


# අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

3 comments:

  1. //එම නිසා ප්‍රශ්ණ කරන්න...!!! පූජනීයය.. වටිනයැයි සීමා නැත.. සිහින වලින් මිදෙන්න..//

    The summary

    ReplyDelete
    Replies
    1. plus //ඒ නිසා ඔබේ දේ පමණක් පූජනීයයි යන සිහිනෙන් මිදෙන්න.//

      Delete