Thursday, March 30, 2017

අවසන් උපවාස ගීතය


===  ===
( ආශාවරී තාලයට ගායනා කරන්න )

.
තුම්මුල්ලේ ටවුමේ උපවාසය මම කළ දා
අප්පච්චී ඇවිදින් දොඩම් එක පොවා එදා....
අර හාමුදුරුවෝ ලියුමක් නොදුන්නානම් මෙදා...
කිරි බොන්න වෙන්නෑ මට ආයෙ දිනයක සදා....

අප්පච්චී... ඔබේ නම පවා
මියුරුයි කියා සිතුවත් එදා....
අප්පච්චී ඔබ ඒ තරම්
වියරුයි කියා සිතන්නවත් මට බෑ මෙදා....



ඉස්සර දවසක වාහන බෙද බෙද සිටි ඒ ඇමතිකමේ...
කෙළවුණ බව මට සිහිවුණෙ වැලිකඩ ඔබ පැරදුණු පසුනේ...
කඩේ ගිය තරමට ඔබගේ..
මම ගැන කිව්වට හිත නෑයන් ළඟ බව නෑ දැනුනේ....

අප්පච්චී... ඔබේ නම පවා
මියුරුයි කියා සිතුවත් එදා....
අප්පච්චී ඔබ ඒ තරම්
වියරුයි කියා සිතන්නවත් මට බෑ මෙදා....

ඇප දෙයි කියලා හිතුවට මට නෑනෙ ඇප ලැබුණේ..
ඔබ අහක බැලූ හින්දයි මම උපවාසය කෙරුවේ....
ලෙමන්පෆ් එකක්වත් නෑනේ ලැබුණේ...
මා අත අත් හැර නෑයො ළඟට ඇදෙනා රජුණී...

අප්පච්චී... ඔබේ නම පවා
මියුරුයි කියා සිතුවත් එදා....
අප්පච්චී ඔබ මේ තරම්
වියරුයි කියා සිතන්නවත් මට බෑ මෙදා....//

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

3 comments:

  1. දැන් හොයපන්කො ආශාවරී ගීතය කියන්නෙ මොකද්ද කියල.

    ReplyDelete
  2. අපිත් ආවෝ..

    - ජය බෝලී නාත් -

    ReplyDelete